තරුණී 53 වැනි සමරුවදා...

සැප්තැම්බර් 5, 2022

වසර 53ක් යනු කෙටි කලක් නොවේ. දශක භාගයක් ඉක්මවූවකි. එය මිනිස් දිවියේ තරුණ විය ඉක්මවීමක් වුවද 'තරුණී'ට නම් එය තවත් තාරුණ්‍යයේ වසරකි.

 

ඉකුත් ජූලි මස 9 වැනි දින 'තරුණී' තම 53වැනි පියවර පසු කළ ද ඒ වන විට රටේ තිබූ තත්ත්වයන් නිසා එය සැමරීම සිදු කළ නොහැකි විය. එම සංවත්සර සැමරුම වැඩසටහන් කිහිපයක් ඔස්සේ ඉතාමත් චාම් ලෙස පසුගිය දා පැවැත්විණි.

ඒ අතර 'තරුණී' කර්තෘ මණ්ඩලයට, ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජේවර්ධනයන්ට, ලේක්හවුස් පාලනාධිකාරියට හා සියලුම සේවකයන්ට, සේවයකොට විශ්‍රාම ගිය හා මිය ගිය සියලුම සේවකයන්ට හා 'තරුණී' පාඨක ඔබට සෙත් පතා හා පිං අනුමෝදන් කොට පැවැති බෝධි පූජාවක්, දානමය පුණ්‍යකර්මයක් ද පැවැත්විණි.

නිරන්තරයෙන් තම පාඨක පිරිස ගැන සිතන අප මෙවර ද ඔබ වෙනුවෙන් වටිනා තිළිණ ලබා දීමට කටයුතු කළෙමු. ඒ අතර ද්‍රව්‍යමය තිළිණ මෙන්ම තිළිණ ලෙස ලබා දෙන පාඨමාලා ද වේ. ඒවායෙහි දිනුම් ඇදීම් සිදු කරන ලද්දේ ලේක්හවුස් ආයතනයේ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැති වැඩමුළුව අතරතුරදී ය.

මේ වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ලබා දුන් පිරිස අතර ශ්‍රී ලංකා ඉංජිනේරු හා පර්යේෂණ ආයතනය (නර්ඩ්), රූපලාවණ්‍ය හා පෞරුෂ සංවර්ධන උපදේශිකා දීප්ති පෙරේරා මහත්මිය, අැෙපක්ස් අවුරා රූපලාවණ්‍ය නිෂ්පාදන ලබා දීෙමන් රූපලාවණ්‍ය ශිල්පිනී ස්වර්ණා කුමාරගේ ද පිරිත් පෙන්ඩන්ට් තිළිණ ලබා දීමෙන් බුඩිස්ට් ජුවෙලරි ස්වර්ණාභරණ ආයතනය ද විය.

මෙවර සංවත්සර උළෙල සඳහා ලේක්හවුස් සාමාජික සාමාජිකාවන් පමණක් සහභාගී වීම විශේෂත්වයකි. දින තුනක් පුරා පැවැති මේ සංවත්සර සැමරුමේ විශේෂ අවස්ථා කිහිපයක් මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු.

ඡායාරූප - ශාන් රූපස්සර,