"මට ලෝක කුසලානය නියෝජන කිරීමට ලැබී ම ලොකු ජයග්‍රහණයක්"

පොදු රාජ්‍යය මණ්ඩල චෙස් තරඟයෙන් සුවිශේෂී පදක්කමක් ගෙනා සචිනි තරුණී ට කතාකරයි
නොවැම්බර් 28, 2022

 

හොඳම චෙස් ක්‍රීඩකයෝ 64 දෙනෙක් හිටියා. දැන් මගේ වයස අවුරුදු 28යි. මට විමෙන් ඉන්ටනැෂනල් මාස්ටස් තියෙනවා. මුලින්ම ඒ ටයිටල් එක ගත්තේ මම විතරයි.

සමබර වූ දිවියකට චෙස් ක්‍රීඩාව කදිම ඔසුවකි. එය ජීවිතයේ අභියෝග ජයගන්නට හොඳම ප්‍රවේශයකි. ඉවසීම, බුද්ධිය හා ජීවිතය සමබරව පවත්වාගෙන යන්නට චෙස් ක්‍රීඩාව බෙහෙවින් උපකාරී වේ. විශේෂයෙන්ම මේ ක්‍රීඩාව තරුණියකුට ජීවිතය සාර්ථක කර ගැනීමට ද හොඳම ක්‍රීඩාවකි. මෙලෙසින් චෙස් ක්‍රීඩාව තම ජීවිතයට සමීප කරගත් අපේම යුවතියක් පසුගියදා පැවති පොදුරාජ්‍ය ක්‍රීඩා තරඟයේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීම සමස්ථ ශ්‍රී ලාංකිකයන්ටම අභිමානයකි. මෙම තරගාවලිය සඳහා අප රට නියෝජනය කළ තරගකරුවන් රන් පදක්කම් හතරක් ලෝකඩ පදක්කම් 6ක් රිදී පදක්කම් 10ක් දිනා ගැනීමට සමත් වීම අප රට ලැබූ විශාල ජයග්‍රහණයකි. මේ සියලු තරගකරුවන් අතුරින් අපේ යුවතියක් ලබා ගත් ජයග්‍රහණය අන් සියල්ලටම වඩා විශේෂිතය. ඒ සචිනි රණසිංහ ලැබූ ජයග්‍රහණයයි.

පොදු රාජ්‍යය මණ්ඩලයේ විවෘත තරගාවලිය සඳහා ඉදිරිපත් වූ සචිනි තරගකරුවන් විශාල සංඛ්‍යාවක් පරදවමින් ලැබූ මේ විශේෂිත ජයග්‍රහණය ගැන තරුණීට අදහස් දැක්වූයේ මෙලෙසිනි.

"මම මේ විවෘත තරඟාවලිය සඳහා ඉදිරිපත් වුණේ පිරිමි තරගකරුවන් සමඟයි. මෙම තරගයේදී අවසානයේ අපි ගන්න ලකුණු බලලා තමයි ජයග්‍රහණය තීරණය කරන්නේ. ලකුණු බෙදලා පළමු, දෙවැනි, තුන්වැනි ජයග්‍රාහීකයන් තෝරනවා. කාන්තාවකට වුවද මේ තරගයට ඉදිරිපත් වීමට පුළුවන්. මේ ආකාරයෙන් විවිධ තරග කාණ්ඩ ඔස්සේ තරග රාශියක් පැවැත්වෙනවා. මේ තරගය 2017 පටන් වෙනස්ම ආකාරයකටයි පැවැත්වෙන්නේ. අපි පුංචි කාලේම වඩා දැන් තරග රාශියක් තිබෙනවා. මං අවුරුදු 04දී තමයි චෙස් ක්‍රීඩාව පටන් ගත්තේ. දැන් අවුරුදු 24ක් මේ ක්‍රීඩාවේ නිරත වෙනවා. මම ආසියානු තරගාවලියේදී 8.2 වාර්තාවක් පිහිටුවා තියෙනවා. ඊට අමතරව World champion සෙල්ලම් කරලා තිබෙනවා. දැනට ලංකාවේ මම විතරයි World cup නියෝජනය කරලා තිබෙන කාන්තාව. මීට අවුරුදු 02කට කලින් ජානක ලියනගෙයි, මමයි විතරයි World

cup එකට ලංකාවෙන් ගියේ. ඒ තරගයට ඉදිරිපත් වුණේ ලෝකයේ සිටින

 

හොඳම චෙස් ක්‍රීඩකයෝ 64 දෙනෙක්. දැන් මගේ වයස අවුරුදු 28යි. මට විමෙන් ඉන්ටනැෂනල් මාස්ටස් තියෙනවා. මුලින්ම ඒ ටයිටල් එක ගත්තේ මම විතරයි. මගේ පවුලේ අයියයි, මමයි විතරයි ඉන්නේ. මම දැන් විවාහකයි. පාසැල් ගියේ මියුසියස් විද්‍යාලයට. පදිංචි වෙලා ඉන්නේ බොරැල්ලේ. ක්‍රීඩාවට අමතරව මම පෞද්ගලික වෙළෙඳන්වීම් ආයතනයක සේවය කරනවා. ඇත්තටම මට රැකියාවෙන් මේ ක්‍රීඩාව කරන්න ලොකු නිදහසක් ලබා දීලා තිබෙනවා. ඒක ක්‍රීඩා කරන්න විශාල නිදහසක්. ඇත්තටම මම චෙස් පටන් ගත්තේ අයියාගේ ආභාසයෙන්. මේ ක්‍රීඩාව තමුන්ගේ වටිනාකම තියාගෙන ක්‍රීඩා කොළොත් දුර ගමනක් යන්න පුළුවන් කාන්තාවකට හොඳම ක්‍රීඩාවක්."