ත්‍රිමාණකරණයෙන් ඔබ්බට ගිය Holographic තාක්ෂණය

ජූලි 8, 2024

 

 අපි හැමෝම දන්න තාක්ෂණයක් තමයි ත්‍රිමාණකරණය. වර්ථමායේ එක එක විධිහේ පැතිවලට මෙම තාක්ෂණය පාවිච්චි කරන එක ගැන ඔයාලා හැමෝම දන්නවා. එහිදී ත්‍රිමාණ තාක්ෂණය යොදා ගෙන මැවුණු එක් එක් දේවල් අපිට පෙන්නුම් කරන්නේ තිරයක් මත. ඒ වගේම සාමාන්‍ය ත්‍රිමාණකරණ වීඩියෝ වලින් පසු 3D TV තාක්ෂණය හදුන්වා දුන්නා. එයින් වඩාත් තාත්විකව ත්‍රිමාණකරණ වීඩියෝ බලන්න පුළුවන් වුණා.

 

නමුත් දැන් තත්ත්වය ඊට වඩා වෙනස්. දැන් සෑබෑම ත්‍රිමාණ රූප මවන්න විද්‍යාඥයන්ට පුළුවන් වෙලා තියෙනවා. මේ අලුත් තාක්ෂණය හඳුන්වන්නේ "හොලොග්‍රැෆික්" (Holographic) යනුවෙන්. මෙහි මූලික තාක්ෂණය හොයාගත්තේ හංගේරියානු ජාතිකයෙකුවන ඩෙනිස් ගාබර් නැමැත්තෙක් ඒ 1947 දී. 1960 න් පසුව ලේසර් තාක්ෂණයත් එක්ක මේක ගොඩක් දියුණු වුණා. මෙහිදී රූප මැවෙන්නේ සාමාන්‍ය විදිහට තිරයක් මත නොවේ. එහිදී දර්ශන බලන කෙනා ඉස්සරහ ලේසර් කිරන පාවිච්චි කරල සැබෑම විදිහට මවණවා. මේවාට කියන්නෙ හොලොග්‍රැෆික් දර්ශන කියලා. ඒවගේම මේවා සජීවී ඒවා. ප්‍රධාන වශයෙන් කිරණ දෙකක් මෙහි සජීවී රූප මවන්න පාවිච්චි කරන්න භාවිත කරනවා. එක ආලෝක කිරණයක් රූපය ප්‍රක්ෂේපණයටත් තවත් අලෝක කිරණයක් මැවෙන රූප අලෝකමත් කිරීමටත් යොදා ගන්නවා. මේ වෙනකොටත් ගොඩාක්

චිත්‍රපටවල මේ තාක්ෂණය ප්‍රයෝජනයට ගන්නවා. Star Wars, G.I Joe වගේ චිත්‍රපට බලලා තියෙනව නම් මේ තාක්ෂණය දැකල ඇති.

 

මෙහි තව විශේෂත්වයක් තමයි ඕනෑම කෝණයකින් ත්‍රිමාණව නැරඹීමට හැකිවීම. ඒ වගේම තවත් වැඩ ගොඩක් මේකෙන් කරන්න පුළුවන්. ලෝකේ ඹ්නෑම තැනක සිට තවත් තැනක ඇති දර්ශන මාලාවක්, තරගයක් සජීවීව නැරඹීමටත් පුළුවන්.

මේ වෙනකොට මේ තාක්ෂණය වැඩි දියුණු කිරීමට තව තවත් පරීක්ෂණ කරගෙන යනවා. ඒවගේම මෙම තාක්ෂණයෙන් වෙනම රූපවාහිනී නිපදවීමටද බලාපොරොත්තු වෙනවා. 2022 දී ජපානයේ තියෙන ලෝක කුසලාන තරගය හොලොග්‍රැෆික් තාක්ෂණය යොදාගෙන සජීවී ආකාරයෙන්ම, සැබෑ ප්‍රමාණයෙන්ම පෙන්වීමට ජපාන විද්‍යාඥයන් හා NHK සමාගම සැරසෙනවා. ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් දෙන්නට හොලොග්‍රැෆි ඉදිරියේදී සැරසෙන්නයි යන්නෙ.. සබැවින්ම එය අලුත් අත්දැකීමක්… ඒ වගේම හොලොග්‍රැෆි තාක්ෂණය ඔයලගෙ ගෙදර ආලින්දයටත් ළඟදීම එන්න පුළුවන්…… එය අතිශයින්ම විශ්මයජනක අත්දැකීමක් වේවි….

 

 

අන්තර්ජාලය ඇසුරෙනි