දූ කුමරියගේ හැඩට Party Frock

ජූලි 15, 2024

දූ කුමරියන් ඇති මව්වරු නිරන්තරයෙන්ම වෙහෙස වන්නේ ඇයව හැඩට සරසවන්නයි. කොණ්ඩා මෝස්තරය, සෙරෙප්පු, මාල, වළලු, ගවුම් පොඩි, හුරතල් බෝනික්කෝ මේ හැම දෙයකින්ම ඇයව හැඩකර සැනසෙන්නී ආදරණීය මවවන ඔබයි. මේ අතරින් ගවුම් මෝස්තර සඳහා වැඩි අවධානයක් යොමු වෙයි.

වෙළෙඳපොළ සිසාරා සැරිසරමින් නවතම ගවුම් විලාසිතා වෙනුවෙන් කාලය, ශ්‍රමය වැය කරන්නත් වෙන්නේ ඔබටයි. එබැවින් ඔබේ වටිනා කාලය ඉතිරිකර ගැනීම උදෙසා අප මෙන්න මේ ගවුම් විලාසිතා තිළිණ කරන්නෙමු. දියණියට ගවුමක් තෝරා දීම හිතන තරම්ම ලෙහෙසි පහසු කටයුත්තක් ද නොවෙයි. ඇය කැමැති පැහැය, මෝස්තරය, ගවුමේ උස කොට, එයට එකතුකර ඇති ආයිත්තම් යන මේ සියල්ල කෙරෙහිම අවධානය යොමු කළ යුතු වෙයි. බලන්නකො මේ Party Frock දෙස, උපන් දිනය සමරන්න, මල්වර මංගල්‍යයට, මල් කුමාරියට වගේම පුංචි සාදයකට හැඩට යන්නත් කදිමයි. අත් සහිත, අත් රහිත වගේම හැඩැති බෝ පටි, රිබන් මල් වැනි මෝස්තර එකතුකර හැඩ ගන්වා තිබේ. තට්ටු ගවුම් හෝ ඒ ලයින් ගවුම් වශයෙන් ද හැඩකර ගත හැකියි.

මෙවැනි ගවුම් මෝස්තරයකින් ඔබේ දූ කුමරිය සුරංගනාවියක් කරනු නොඅනුමානයි. මෙවැනි Party Frock විලාසිතාවලින් ඔබේ දියණියත් හැඩකර බලන්න. ඔබට සැබෑම ආඩම්බරයක් දැනේවි.