මදුරු කරදරේ සදහටම ඉවරයි

සැප්තැම්බර් 2, 2024

 

විඩාබර ගතට සිතට සැනසුම නිදන කාමරයයි. අවිවේකී දවසේ සැනසුම සුවබර නින්දයි. ඒත් මේ නින්ද පුංචිම පුංචි මදුරුවකු නිසා අහිමි කර ගන්න පුළුවන්ද? මේකට හොඳම විසඳුම මදුරු දැලයි. වෙළෙඳපොළේ මදුරු දැල් කීයක් නම් ඔබ පාවිච්චි කරන්න අැති ද? ඒකෙන් ඔබ බලාපොරොත්තු වූ සුවබර නින්ද ලැබුණාද? ආවාට ගියාට මදුරු දැලක් ගත යුතු නොවෙයි. එහි ශක්තිමත්භාවය, කල්පැවැත්ම, රස්නය පිටවන අයුරු වගේ කරුණු ගණනාවක් ගැන සිතිය යුතු වෙනවා. ඔබ මේ ආකාරයෙන් සැලකිලිමත් වුවහොත් මදුරු කරදරේට විසඳුමක් හා සුවබර නින්දකට මඟ පෑදේ.

 

අපි නි‍ෙවසට මදුරු දැලක් තෝරා ගැනීමේදී මූලිකව සලකා බැලිය යුතු කරුණු මොනවාදැයි සොයා බලමු.

මුලින්ම ඔබ නි‍ෙවසේ ඇති ඇඳ හෝ ඇඳන් පිළිබඳ අවබෝධයෙන් සිටිය යුතුය. අප වෙ‍ෙළඳපොළට ගොස් මදුරු දැල මිලදී ගැනීමට ප්‍රථ‍මයෙන් එහි සේවක මහතාට අපි තෝරා ගන්නා මදුරු දැල කවර ප්‍රමාණයේ දිග පළලකින් යුතුද යන්න පැවසිය යුතුයි. පොදුවේ වැඩි දෙනෙකු මේ පිළිබඳ අවබෝධය නොමැතිකම නිසා ඩබල් මදුරු දැලක්, සිංගල් මදුරු දැලක් ආදී වශයෙන් ඇණවුම් කරනු ලබයි. නමුත් නි‍ෙවසට ගොස් බැලූ විට එය ඇඳ හා නොගැළපේ. වෙ‍ෙළඳපොළේ විවිධ ප්‍රමාණයෙන් යුතු මදුරු දැල් රාශියක් පවතී. සාමාන්‍යයෙන් ඇඳක දිග වන්නේ අඩි හයකි. පළල විවිධ ප්‍රමාණ විය හැකිය. එබැවින් ඔබ නි‍ෙවසේ ඇති ඇඳෙහි පළල හරියාකාරව මැන ගැනීම වඩා වැදගත්ය. උදාහරණයක් ලෙස අඩි 3 x 6 , අඩි 4 x 6, අඩි 5 x 6 , අඩි 6 x 6 සහ අඩි 10 x 6 ප්‍රමාණයෙන් මදුරු දැල් තියෙනවා. මදුරු දැල මිලදී ගැනීමේදී මෙයින් අපට ගැළපෙන ප්‍රමාණය මිලදී ගැනීමට අප බුද්ධිමත් විය යුතුයි. ඩබල් ඇඳන් දෙකක් එකට එකතු කොට මුළු පවුලම එකට නිදන අවස්ථාවකදී අඩි 10 x 6 සුපර් ටුවින් ප්‍රමාණයේ මදුරු දැල ඉතාමත් ජනප්‍රියයි.

 

මදුරු දැලක් තෝරා ගැනීමේදී වැදගත් වන්නේ රවුම් හැඩයද? හතරැස් හැඩයද?

මෙම හැඩ දෙකෙහිම මදුරු දැල් වෙ‍ෙළඳපොළේ දක්නට ලැබේ. මෙහිදී රවුම් සහ හතරැස් හැඩය කුමක් වුවද එය සුව පහසුවට හා නින්දට බාධාවක් වන්නේ නැත. සමහරුන් හතරැස් හැඩය ඉතා ඉඩ පහසු ඇති බව තම භාණ්ඩ විකුණා ගැනීමට ප්‍රකාශ කරනු ලැබුවද එහි කිසිදු සත්‍යතාවයක් නොමැත. රවුම් මදුරු දැලේ උඩ රාමුව කුඩා වුවත් එය නිර්මාණය කර ඇති ආකාරය අනුව පහළට ඒමේදී වඩා වැඩි ඉඩක් නිර්මාණය වන පරිදි කඳ කොටස විහිදී යන නිසා සුව පහසු නින්දකට මඟ පාදනු ඇත. නමුත් ඔබ පහසුව පිණිස මැදින් විවර සහිත මදුර දැල් තෝරාගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු වන්නේ නොදැනුවත්ම හෝ විවරය ඈත්වීම තුළින් මදුරුවන් දැල ඇතුළට රිංගා ඒමේ ප්‍රවණතාව වැඩි බව මේ වනවිට තහවුරු කරගෙන ඇති නිසාවෙනි.

 

මදුරු දැල්වල නිදා ගැනීම තුළින් දහදිය දැමීම අඩුවන බව පැවසීම සත්‍යයක්ද?

මෙයත් සමහර ආයතන තමන්ගේ නිෂ්පාදන විකුණා ගැනීමට නිර්මාණය කරන ලද අසත්‍යයකි. ස්වභාවයෙන්ම මදුරු දැල සිදුරු සහිත වීම නිසා ඒ තුළට දහඩිය දැමීම අඩු මට්ටමක පවතී. සමහර අය මදුරු දැල් රාමුවත් දැල්වලින්ම ආවරණයකර සකස්කර විදුලි පංකාවේ සුළඟ ඇතුළට ගමන් කරනා බව කීමත් විහිළුවකි. බොහෝ නිවෙස්වල වහලයට සිවිලිම ගසා නැති නිසා වහලෙන් වැටෙන දූවිලි මදුරු දැල ඇතුළට යෑමේ හැකියාව ඇති බැවින් සමහර නිෂ්පාදන දැලෙහි රාමුවට සුවිශේෂී වූ රෙදි වර්ගයක් යොදාගනු ලබයි. එසේම කිසිවිටෙක දැල් නිෂ්පාදන සඳහා තනිකර කොට්න් රෙදි භාවිත කළ නොහැකියි. එය නයිලෝන් සහ පොලියෙස්ටර් මිශ්‍රිත නිෂ්පාදනයක් විය යුතුය. නොඑසේ නම් සේදූ පසු මදුරු දැල කොට්ට උරයක් සේ හැකිළී යනු ඇත. අසත්‍ය මත බැහැර කොට බුද්ධිමත් ලෙස තම භාණ්ඩ තෝරා ගැනීමට පාරිභෝගිකයා සැලකිලිමත් විය යුතුය.

 

මදුරු දැලක් නිවැරැදිව පාවිච්චිය සහ පිරිසුදු කර ගැනීම කෙබඳු විය යුතුද?

මෙය ඉතාමත් වැදගත් කාරණයකි. වෙ‍ෙළඳපොළෙන් මිලදී ගන්නා මදුර දැල නි‍ෙවසට ගොස් එල්ලා ගැනීමේදී ඇඳට සමාන්තරව උඩින් එල්ලා ගැනීම වැදගත්ය. මෙහිදී එල්ලන ලද මදුරු දැල පොළොවට ගෑවෙන නොගෑවෙන මට්ටමට තබා ගැනීමට සැලකිලිමත් විය යුතුය. මන්ද එය නියමිත පරිදි ඇඳ හතර වටෙන් මෙට්ටයට යට කළ යුතු නිසා. මෙහිදී ඉතාම වැදගත් කරුණ වන්නේ වෙ‍ෙළඳපොළේ ඇති මදුරු දැල්වලින් සියයට අනූවක්ම පළල පිළිබඳ සැලකිලිමත් වී ඇති මුත් උස පිළිබඳ අඩු මට්ටමේ සැලකිල්ලක් තිබීමයි. එයටත් හේතුවක් තිබේ. ප්‍රසිද්ධ මදුරු දැල් නිෂ්පාදිත ආයතන සැවොම පාහේ පාවිච්චි කරනු ලබන්නේ ආනයනික අඟල් අනූ හතර පළල රෙදි වර්ගයයි. එවිට නිෂ්පාදනය වන සෑම මදුරු දැලකම උස අඟල් 94 සීමා වේ. මේ වැරැදි යල් පැන ගිය ක්‍රමයකි. දැලේ ප්‍රමාණය අනුව උස වෙනස් විය යුතුය. මෙයට විසඳුමක් ලෙස සුපර් ටොවින් ප්‍රමාණ සඳහා අඟල් 120කට වැඩි උසක් භාවිත කරගත හැකියි. මෙය මදුරු දැල එල්ලා ගැනීමේදී මෙන්ම පරිහරණයේදී ද වඩා පහසුවක් ‍ෙවනවා. මාස තුනකට වරක්වත් මදුරු දැල සෝදා ගැනීම කළ යුතුය. එය ඔබේ පාවිච්චිය අනුව වෙනස් විය හැකිය. මෙහිදී සුදුසු සබන් වර්ගයක් හෝ රෙදි සෝදන කුඩු වර්ගයක් යොදාගෙන සෙමෙන් අතුල්ලා සෝදා ගැනීම වැදගත්ය. රෙදි සෝදන යන්ත්‍ර භාවිතය අනුමත කළ නොහැකිය.

එසේ භාවිත කරන්නේ නම් කොට්ට උරයක් තුළට මදුරු දැල බහා ගැට ගසා යන්ත්‍රයට ඇතුළත් කිරීම වැදගත් වේ. වේළා ගැනීමේදී තද අව්වට නොදා මඳ පවනේ වේළා ගැනීම වඩා යෝග්‍ය වේ. එසේම සුරතල් සතුන්ගෙන් මදුරු දැල ආරක්ෂා කරගැනීමට වග බලා ගත යුතුය. මන්ද පූසන්, බල්ලන් වැනි සතුන්ගේ නියපොතු වැදුණු විට ඉතා සියුම් රෙද්දක් වූ මදුරු දැල ඉරී පලුදු වී යාමට ඇති හැකියාව නිසාය. මදුරු දැල පලුදු වී ඇති අවස්ථාවලදී රෙදිවලින් මැසූ කුඩා බෝ එකක් ඒ මත යොදා මසා ගැනීමෙන් තවත් කාලයක් මදුරු දැල පාවිච්චි කිරීමේ හැකියාව පවතී.

 

 

උපදෙස්
සී - ෆෝ මදුරු දැල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ
චින්තක සිල්වා