ප්‍රයි‍ෙවට් දේවල් පොදු තැන්වල කරන්න එපා

සැප්තැම්බර් 16, 2024

 

මේ වෙලාවේ හැමෝම හොයන්නේ සතුට. හැබැයි සතුට සොයා යන ගමනේදී අනෙක් අයට බාධා වෙන්න පුළුවන්. ඉතින් කාටත් බාධාවක් නොවන විදිහට ඒ සතුට භුක්ති විඳින්න පුළුවන්නම් තමයි ඒ සතුටේ සැබෑම අයිතිකරුවන් වෙන්නේ. අවුරුදු 18 කියන්නෙ නාඹර තරුණ කාලේ. ඔය කාලෙට තමයි ඉලන්දාරි වයස කියලත් කියන්නේ. ඉලන්දාරි වයස, නාඹර තරුණ කාලේ කියලා එන ප්‍රශ්න අඩු වෙනව ද..? නෑ දෙයියනේ. මේ කාලෙ තමයි ප්‍රශ්න වැඩියෙන්ම එන කාලේ. මොකද අවුරුදු 18 ලැබුවා කියන්නේ නිදහසේ බලපත්‍රය ලැබුණා කියලා හිතන ජාතියකුත් ඉන්නවානෙ. එහෙම හිතන නිසාමයි මේ තරමටම ප්‍රශ්න. ප්‍රශ්නවලට ප්‍රශ්නයක් නොවී ඉන්නයි මේ වයසෙදී හිතන්න ඕනේ.

 

හැමදේම හරිද?

 

18 වුණම තමන්ට හැඳුනුම්පතක් ලැබෙනවා. ඡන්ද අයිතිය ලැබෙනවා. ඒකෙන් දැන් ඔයා වැඩිහිටියෙක් කියලා ලේබල් එක වැදෙනවා. ඒ ලේබල් එකත් එක්ක ඔළුවට හැඟීමක් එනවා මම දැන් පොරක් කියලා. ඉතින් එහෙම ඉදිමුණ ඔළුවකට වැඩිහිටියෙක් තියා දෙවියන් වහන්සේ ඇවිත් උපදෙසක් දුන්නත් ඒක කනකටවත් ගන්නේ නැහැ. ඉතින් අවුරුදු 18 දී කරන සමහර දේවල් හරි වුණාට සමහර දේවල් වැරදියි. මොකද අවුරුදු 18 කියන්නේ ඔයා අත්දැකීම් නැති වැඩිහිටියෙක්. ඉතින් අත්දැකීම් එක්ක මුහුකුරා ගිය වැඩිහිටියෙක් උපදෙසක් දෙද්දී ඒකේ ගත යුත්තක් තියෙනවද කියලා පොඩ්ඩක් මොළෙන් හිතලා බලන්න.

 

මගේ නිදහස මගේ

 

මෙන්න මේ කොටස කියනවා තමන්ගේ ලිංගිකත්වය සහ ලිංගික ක්‍රියා කියන්නේ සමාජයේවත්, වෙන කාගේවත් වැඩක් නෙවෙයි, ඒක තමන්ගේ වැඩක්ය කියලා. 18 වුණ කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්. එහෙම කෙනෙක් ස්වාධීන වෙන එකට අපිට මොකුත් කියන්න බෑ තමයි. විශේෂයෙන්ම ඒ ස්වාධීනත්වයත් එක්ක වගකීම් සහගත බවක්, ප්‍රවේසම් සහගත බවක්, දුරදිග බැලීමක් වගේ ගුණාංගත් තියෙනවා නම් ඒකට අපිට කියන්න කිසිම දෙයක් නෑ.මෙහෙම කියන්නේ එක හේතුවක් නිසා. එකක්, වගකීමක් නැතිව පාවිච්චි කරන වල්බූරු නිදහස භයානකයි. ඒක සෙක්ස් සම්බන්ධයෙනුත් එහෙම තමයි.

 

සෙක්ස් කරන්න පුළුවන්ද?

 

විවාහ වෙන්න කලින් සෙක්ස් කරන එකට විරුද්ධ වෙන අය කියන්නේ විවාහ වෙන්න කලින් තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි එක්ක වුණත් සෙක්ස් කරන එක අපරාධයක්ය, සදාචාර විරෝධී ක්‍රියාවක්ය, ඇතැම් වෙලාවකට පාපයක්ය කියලා තමයි. මේ අය සමහර වෙලාවට කිස් එකක් දෙනවට විරුද්ධ වෙන එකක් නෑ. හැබැයි බටහිර කල්චර් එක මීට වඩා වෙනස්. අවුරුදු 15 වුණ ගමන් කොණ්ඩම් භාවිත කරන්නත් ඒ රටේ ළමයින්ට පුරුදු කරනවා. සෙක්ස් ගැන වුණත් හරි දැනුමක් ලැබීම නිසා ආයාලේ නොයා ඒක කලාවක් විදිහට දකින්න ඒ අය පුරුදු වෙනවා. ඒ නිසා කරන දෙයක් හරි පරෙස්සමට.

 

පොදු තැනක්ද?

 

පිටරට තියෙන හැමදේම කොපි කරන්න ලංකාවේ අයට තියෙන්නේ මාර පුරුද්දක්. බටහිරකරණයෙන් විලාසිතා, කොණ්ඩා මෝස්තර, ඇඳුම් - පැලඳුම් ඒ හැමදේම ගන්නවා. එහෙම ගෝලීයකරණය වීම හොඳයි. හැබැයි ඒ කෑල්ල ගනිද්දී අනිත් එකාගේ ඕපදූප හොයන එක නවත්වන්න පුළුවන්නම් ඒක ඊට වඩා හොඳයි. මොකද බටහිරෙන් කොයි දේ ගත්තත් තවමත් අපේ මිනිස්සුන්ට තියෙන්නේ ළිං මැඩි ආකල්ප.

ඒ රටවල පෙම්වතාව පෙම්වතියව පොදු තැන්වල කිස් කළා කියලා බිරිය සැමියව කිස් කළා කියලා නඩු දාන්නේ නැහැ. නැත්තම් අනේ මුන්ගේ තියෙන වලත්තකම් කියලා හැට පැනපු ආච්චිලා දෙස් දෙවොල් තියන්නේ නැහැ. ඒ රටවල උදවිය ඒ දේවල් දිහා බලන්නේ හරි ආදරෙන්. අනේ ඒ දෙන්නා කොච්චර ආදරේ ද කියලා තමයි හිතන්නේ. හැබැයි මෙහෙමත් ප්‍රශ්නයක් තියෙනවා සමහර කපල්ස් පොදු තැන්වල කිස් කරනවට වඩා එහා ගිය දේවල් කරන්න ගිහින් වටෙන්ම ගුටි කාලා හිර කූඩුවෙත් වැටෙන අවස්ථා නැතුව නෙවෙයි. බස්වල පෙම්මුල්ලේ වෙන්නේ නැති දෙයක් නැහැනේ. ඉතින් පොඩි එකාගේ ඉඳලා ලොකු එකා දක්වාම එළියෙන් පිළිකුල් දෙයක් වගේ බලන් ඉඳලා ඇතුළතින් රහ කර කර තලු මරනවා. ඒ නිසා තැනේ හැටියට තමන්ගේ හැඟීම් පාලනය කරන්න පුරුදු වෙන්නත් ඕනේ. සමහර තරුණ කෙල්ෙලා් ලෝකොල්ලෝ බස්වල යන්නේ ගාල කඩා ගත්ත හරක් වගේ. වැඩිහිටියෙක්ට කිසිම ගරු කිරීමක් නැහැ. අපිට දැන් 18යි. අපි තමයි පොරවල් කියලා හිතාගෙන කෑ ගහගහ යෞවන මදය ප්‍රදර්ශනය කරන්නත් දඟලනවා.

 

හිඩ්න් කැමරාස්

 

ලංකාවේ අයට සෙක්ස් කියන්නේ මාර දෙයක්. හැබැයි අනෙක් රටවල නම් ඒක සාමාන්‍ය දෙයක්. ඒ නිසා එයාලට ඕනෙ තරම් ඒකට නිදහස තියෙනවා. ආදරය කරන අයට ඇවිදින්න ලස්සන පාර්ක් හදලා තියෙනවා. එයාලා එහෙම යන්නේ නිදහසේ ආදරය කරන්න. ලංකාවේ අයට එහෙම තැන් නැහැ. ඉතින් අහුමුල්ලක ඉඳන් හරි කරගන්න දෙයක් කරගන්නයි හදන්නේ.

මතකද ඉස්සර පොල් අතු මඩු සංස්කෘතියක් තිබුණා. ගල්කිස්ස වගේ ලස්සනම ලස්සන මුහුදු වෙරළවල පොල් අතුවලින් වට කරපු පුංචිම පුංචි මඩු. අනේ ඉතින් පොඩි කෙල්ලෝ කොල්ලේ මොනවහරි කරගන්න කියලා ඕවට යනවා. හැබැයි මේ වෙලාවෙත් ඒවා නවීන කැමරාවලින් බලන් ඉන්නවා කියලා වැඩිහිටි වියට ලයිසන් ගත්තු උදවිය තවම දන්නේ නැහැ. ඒවා තනිකරම සල්ලි ගරා ගන්න පජාති ව්‍යාපාර. ලංකාවේ රූම් එකකට යනවා කියන්නෙත් ඉතින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. කොයි පැත්තෙන් උකුසු ඇස් තියෙයි ද කියලා කියන්න බැහැනේ. ඉතින් 18යි කියලා පොරක් වෙන්න හිතාගෙන ඒවා කරන්න කළින් තමන්ටත් යනකෙනාටත් හානියක් නොවෙන්න, ආත්මගරුත්වය රැකෙන විදිහට ජීවත් වෙන්න.

 

මතට ලොල් වයස

 

18 කියන්නේ කල්චර් එක දැනෙන වයස. ඉතින් අත්හදා බැලීමට හරි ආසයි. මත්පැන්, සිගරට් ඉඳන් අන්තිම භයානක මත්ද්‍රව්‍ය දක්වාම අත්හදා බලන්න ආසයි. සමහර අය මේ අත්හදා බැලීමෙන් ඒක සෙට් නැහැ කියලා නවත්වනවා. සමහර අය ඒක ඇබ්බැහියක් කරගන්නවා. අන්න ඒකයි භයානකම දේ. දෙයක් අත්හදා බලන්න කළින් ඔයා ඔයා ගැන විනිශ්චය කරලා බලන්න. බටහිරටවල බීර වීදුරුවක් තොල ගාන එක සිගරට් එකක් බොන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ලංකාවේ සංස්කෘතික වශයෙන් ගත්තොත් ඒවා අකැපයි. ඒක කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය කියන්නේ සෞඛ්‍යයට නම් හිතකර දෙයක් නෙවෙයි.

 

18ට පා තබපු කෙල්ලෝ කොල්ලෝ විවිධ ලෝකවල අතරමං වෙන්නේ මේ කියපු කරුණු කාරණා හරි විදිහට සිදු නොවුණාමයි. අන්න එතකොටයි අනේ අම්මා කියපු දේ අහන්න තිබුණා.. තාත්තා කියපු දේ අහන්න තිබුණා කියලා හිතෙන්න ගන්නේ. මේ 18 අයයි වයසක උදවියයි අතරෙ තියෙන්නේ ආකල්පයමය වශයෙන් ලොකු වෙනසක් නේ. දෙගොල්ලන්ට දෙගොල්ලන්වම රුස්සන්නේ නැහැ. ඒ නිසා පරම්පරාවන් අතර ගැටලු අවම කරගන්න අනවශ්‍ය තර්කවලට නොගිහින් ඉන්න තරමට හොඳයි.

18 කියන්නේ හොඳ අනාගතයට අඩිතාලම දාන්න හොඳම කාලයයි. ඒ නිසා 18 වුණාට පස්සේ නසරානියෙක් නොවී පරිණත මිනිහෙක් වෙන්නයි ඔයා ට්‍රයි කරන්න ඕනේ.