වර්ෂ 2025 ක්වූ May 19 වැනිදා Monday
සුවඳ හමන ජීවිතයකට
ඔක්තෝබර් 14, 2024

අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ලස්සනට පිළිවෙළට ඉන්න. ඒ අතරින් අපේ නිවෙස පිළිවෙළට තබා ගැනීම ඉහළම අංකයක පවතින දෙයක්. වැඩි මහන්සියක් නැතිව නිවෙස පිරිසුදු කරන්න හිතන ඔබ වෙනුවෙන් තමයි මේ සරල ටිප්ස් කිහිපය ඉදිරිපත් කරන්නේ.
නිවෙසේ ඇති දියර වර්ග භාවිත කරමින් පිරිසුදු කිරීම් පහසුවෙන් කරගන්නා ආකාරය ගැන අද දැනුම්වත් වෙමු.
- නිවෙසේ ස්විච් සහ පරිපථ පිරිසුදු කිරීමට ස්ප්රීතු දියරයක් භාවිත කරන්න පුළුවන්.
- නාන කාමරයේ බිම පිරිසුදු කරන්නට ලෙමන් ජූස්, ෆීනයිල් සහ ඩිටර්ජන් පවුඩර් එකතු කර දියරයක් ඔබටම සාදා ගන්න.
- පිත්තල බඳුන් පිරිසුදු කරන්නට අබ තෙල් සහ කහවලින් ඔබට පිරිසුදුකාරක සකසා ගන්න.
- තඹ භාජන පිරිසුදු කිරීමට විනාකිරි සහ ලුණු එක්කර තැනූ දියරයක් ඔබට සකසා ගන්න. මේ සඳහා ලෙමන් යුෂත් ගැළපෙනවා.
- රූපවාහිනි තිරයේ ඇති සලකුණු මැකීමට ටූත්පේස්ට් ස්වල්පයක් ඒ සලකුණු මත අතුල්ලා මැදීමෙන් සිදු කරන්න පුළුවන්.
- කුඩා දරුවන්ගේ ඇඳුම්වලින් හමන ගන්ධයන් නැති කරගන්න බේකින් සෝඩා හැන්දක් සෝදන භාජනයට එකතු කරන්න.
- ඔබේ ඇඳුම්වලින් එන ගන්ධයන් වළක්වා ගන්නට ඩිටර්ජන් සහ ඇස්ප්රීන් පෙති දෙකක් ජලයට මිශ්රකර රෙදි සෝදා ගන්න.
- ඇඳුම්වල ඇති ලිප්ස්ටික් සලකුණු මකා ගන්න. ඒ මත ග්ලිසරින් ආලේප කර අතුල්ලා සෝදා හරින්න.
- වූල් ඇඳුම් සඳහා මෘදු බවක් ලබා දෙන්නත් ඒවා ග්ලිසරින් අඩංගු ජලයෙන් සෝදා ගන්න.
෴ Related Articles ෴
පොල් මිල ඉහළ යෑමට එරෙහිව විසඳුම් සොයා ගැනීම...
මම ලංකාවේදී කරපු සමහර වැඩසටහන්වලදී මං අහනවා...
මහමග සිඟා කන දරුවන්ට අමතරව හඳුන්කූරු, පහන් තිර...
දරුවන්ට වෙනමම ලෝකයක් තිබේද ? ඔව්. වැඩිහිටියන්ට...