වර්ෂ 2024 ක්වූ October 28 වැනිදා Monday
වතුර ගැන අපට කියන පුබුදිතාගේ කතාව
මෙරට නිදහස් අධ්‍යාපනයෙන් විපුල ඵල නෙළාගත් අපේ රටේ තවත් වටිනා සම්පතක් වූ ඇය ස්නායු විද්‍යාඥ ආචාර්ය පුබුදිකා අගලකුඹුරයි. ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක වන ඈ මේ වන විට මිනිස් මොළය සම්බන්ධ ඉතා සංකීර්ණ අධ්‍යයනයක යෙදී සිටින්නීය.
ඊට අමතරව මේ දිනවල ඇය පිළිබඳ වඩාත් කතාබහට ලක්වන්නේ වෛද්‍ය ප්‍රමිතියෙන් යුත් ජලය (Medical Grade Water) භාවිතය පිළිබඳ මෙරට ජනතාව දැනුවත් කරන්නියක ලෙසිනි.
ඉතින් අැය පිළිබඳව වාගේම මේ ගුණාත්මක ජලය භාවිතයේ වැදගත්කම අපි ඇයගෙන්ම අසා දැන ගනිමු.
අපිට මුලින්ම පුබුදිතා අගලකුඹුර කියන්නෙ කොහොම කෙනෙක්ද කියලා හඳුන්වලා දෙන්නකෝ.
“මම ස්නායු විද්‍යාඥවරියක්. කහතුඩුව කියන ගමේ ඉපදිලා හැදුණු වැඩුණු මම කොළඹ දේවි බාලිකාවෙන් තමා අධ්‍යාපනය හැදෑරුවේ. අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යා විශේෂ උපාධිය හිමිකරගත් මම ශිෂ්‍යත්වයක් ලබා 2013 දී කැනඩාවට යන්නෙ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහායි. එහි Western ontario විශ්වවිද්‍යාලයට ඇතුළත්ව මිනිස් මොළය සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතුවල නියැළුණා.”
එතකොට ඔබ ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයකට සම්බන්ධ වුණේ කොහොමද?
කැනඩාවේ පශ්චාත් උපාධිය අවසන් වෙනවාත් සමඟම මට ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් ආරාධනයක් ලැබෙනවා ඔවුන්ගේ පර්යේෂණයකට සම්බන්ධ වෙන්න කියලා. ඒ අනුව Turner Institue For Brain and Mental Health අංශයේ මොළය සහ මානසික සෞඛ්‍ය පිළිබඳ පර්යේෂණ කටයුතු සඳහා මා දායක වුණා.”
ඒ අතරතුරදී තමයි ඔබ මේ ගු ණාත්මකබවින් වැඩි ජල භාවිතය පිළිබඳ සොයන්න පෙලඹෙන්නේ.
“ඇත්තටම මම ඒ සඳහා පෙලඹෙන්නෙ අහම්බයකින් වාගේ. මොකද මගේ සැමියා කෞශල්‍ය උදරයේ යම් අපහසුතාවයකින් පසුවුණා. රෝග ලක්ෂණ හරියට කියන්නත් බෑ. බඩ රිදෙනවා, බඩ පිපිලා, උගුරට එනවා වාගේ කියනවා. වෛද්‍ය වාර්තාවලින් කිසිම අසනීපයක් හොයාගන්්නත් බැරිවුණ නිසා මේ ගැන අන්තර්ජාලයෙන් පොඩ්ඩක් හොයලා බලන්න මම හිතුවා. මොකද පර්යේෂණ කියන්නෙම මගේ විෂයයක් සහ මම ආසා කරන දෙයක්නෙ. එතැනදි තමයි මම ජල අයණීකරණය පිළිබඳ හඳුනා ගත්තෙ.
ඒ කියන්නෙ භාෂ්මික ජලයේ (Ph අගය 7ට වඩා වැඩි ජලයේ) ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය හරහා විවිධ ලෙඩ රෝග සුව කරගත හැකියි කියලා. මේ විදිහට මාස තුනක් පමණ අයණීකරණ ජලය පාවිච්චි කරනවිට මගේ සැමියාගේ උදරයේ අපහසුතා සම්පූර්ණයෙන්ම පහව ගියා.”
ඇල්කලයිස් (Alkalized) ජලය අපට තරමක් නුහුරු දෙයක් වුණාට ලෝකයේ වෙනත් රටවල් මේ පිළිබඳ හොඳින් දැනුවත්.
“ඔව්. බටහිර රටවල් මේ ජලය ගැන හොඳින් දැනුවත්. ඔවුන් මේ ජලය භාවිතයෙන් ප්‍රතිඔක්සිකාරක ශරීරයට ලබාගන්නවා. අපේ රටේ නම් අයණීකරණ ජලය ලබාගන්න ක්‍රමයක් නෑ. නමුත් බටහිර රටවල නිවෙසේ ජල කරාමයට සවි කළ හැකි කුඩා යන්ත්‍රයක් භාවිතයෙන් ජලයේ අයණීකරණය වැඩි කරනවා. එහිදී රසායනික භාවිත නොකර විද්්‍යුතය ආධාරයෙන් නොකර ස්වාභාවිකව තමයි අයණීකරණය වෙන්නෙ. ඒ නිසා මම හිතුවා මේ ගැන අපේ රටේ අය දැනුවත් කරන්න ඕනේ කියලා. මොකද මේ අයණීකරණ ජලය නිසා අපට බෝ නොවන රෝග බොහොමයක් වළක්වාගන්න පුළුවන්. ප්‍රතිඔක්සිකරණය නිසා අපි වයස්ගත වන වේගය අඩුකරලීමේ හැකියාව පවතිනවා. ඉතින් අැත්තටම ඒ ගැන හොඳ දැනුවත් කිරීමක් කරන්නයි මගේ මේ උත්සාහය.”
ඔබේ පුංචි පවුල ගැනත් අපි මතක් කරමු.
“මගේ පර්යේෂණ ලෝකයෙන් පිටතට ආවහම මම බිරියක්, ගෘහිණියක් වාගේම මවක්. මට පුංචි පුතාලා දෙන්නෙක් ඉන්නවා. වයස අවුරුදු 3 1/2 සහ අවුරුදු 1 1 /2ක. ඉතින් ගෙදර දොරේ වැඩ වාගේම ඔවුන්ගේ වැඩ කටයුතු නිසියාකාරව කරමින් තමයි මම මේ හැමදේම කරන්නෙ. මගේ සැමියා කෞශල්‍ය අගලකුඹුර ගැන කියන්නම ඕනේ. ඔහු ව්‍යාපාරික උපදේශකයකු වාගේම කථිකාචාර්ය කෙනෙක්. මේ කටයුත්තට පුදුමාකාර විදිහට සහයෝගය ලබා දෙනවා.
ඇත්තටම කිව්වොත් නවීන ලෝකය සමඟ කරට කර සටන් කරමින් ඉදිරියට පියනඟන්නට නම් අපි සෑම අතින්ම නීරෝගි පුරවැසියන් විය යුතුයි. ඒ නිසා අපි අත්දැකීමෙන් ලබාගත් දේවල ප්‍රතිලාභ මෙරට ජනතාව වෙත ලබා දෙන්නට සූදානම්. ඒ වෙනුවෙන් Hydrate Srilanka නමින් අපි ආයතනයක් ගොඩනැගුවා. ඉතින් ඒ හරහා විද්‍යාත්මකව තහවුරු කර අැති වෛද්‍ය ප්‍රමිතියෙන් යුත් ජල භාවිතයක් පොදු ජනතාවට ලබා දෙන්නටත්, ඒ ගැන ඔබව දැනුවත් කරන්නටත් අපි සැදී පැහැදී සිටිනවා.”