පොඩි බිස්නස් ලොකු කරවන ඩිජිටල් ටූල්ස්

දෙසැම්බර් 2, 2024

හැමදේම ඩිජිටල්කරණය වෙලා. මේ ඩිජිටල්කරණයත් එක්ක සල්ලි හොයන්න පුළුවන් මාර්ග ගොඩක් විවෘත වෙලා. ලෝකයේ පිළිගත් වෘත්තීන් එක්ක බලද්දී කන්ටෙන්ට්ක් ක්‍රියේටර් කෙනෙක් කියන්නෙත් ඒ වගේම පිළිගත් වෘත්තියක්. අද ලෝකයේ කන්ටෙන්ට් ක්‍රියේට්ස්ලා බොහොමයක් බිහි වෙලා තියෙන්නේ හරිම පුංචි තැනකින්. ඒක සල්ලි හොයන හරි අපූරු ක්‍රමයක් කියලත් කියන්න පුළුවන්. අතේ තියෙන ෆෝන් එකෙන් සෝෂල් මීඩියා එක්ක සැරිසරන ඔයාටත් ඒ විදිහෙ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට සල්ලි හොයන ක්‍රම ගැන පසුගිය සතියේදී සෝෂල් මීඩියා උපදේශකයකු වන සූරි ඔබව දැනුම්වත් කළා. මේ එහි දෙවැනි පියවරයි.

ඔයාගේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන් කිසිම මහන්සියක් නැතුව සල්ලි හොයන්න නම් ඒකට ආසාවක් තියෙන්නම ඕනේ. ඒ ආසාව ඉවර වෙන්නේ ඔයාව බ්‍රෑන්ඩ් එකක් වෙලයි. දවසට පැයක් දෙකක් මේ වෙනුවෙන් කාලය වෙන් කරනවා නම් ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන්. ව්‍යාපාරයක් කරන කෙනෙක්ට නම් සෝෂල් මීඩියා එක්ක ඉන්න එක හරිම වාසි දායකයි.

විශේෂයෙන්ම ගම්බද කාන්තාවන්ට මේ ක්‍රමය වාසිදායකයි කියලා කියන්න පුළුවන්.

හිතන්නකෝ ගෙදර පුංචි ව්‍යාපාරයක් කරන කාන්තාවක් ඉන්නවා කියලා. එය කජු පැකට් කරලා ව්‍යාපාරයක් කරන කෙනෙක් කියලා හිතමුකෝ. නැත්නම් රසකැවිලි හදනවා කියලා හිතමු. එතකොට මෙයාලට පුළුවන් ෆේස් බුක් පේජ් එකක් හදලා ඒ පේජ් එකට තමන් කරන ව්‍යාපාරය ගැන පොඩි වීඩියෝ ප්ලේ වෙන්න දාන්න. ඒ වීඩියෝ වයිරල් වෙද්දි ඒ බිස්නස් එක ගැනත් සමාජය ඇතුළේ ප්‍රචලිත වෙනවා. ඒකෙන් එක පැත්තකින් තමන් බ්‍රෑන්ඩ් එකක් විදිහට ඉස්සරහට එනවා වගේම ව්‍යාපාරයත් දියුණු වෙනවා.

 

ඔන්ලයින් ව්‍යාපාරයට දියුණුවක්

තවම ලංකාවේ ඔන්ලයින් ව්‍යාපාර පිටරටවල ඔන්ලයින් ව්‍යාපාර එක්ක බලද්දි තරමක පහත මට්ටමක් තියෙන්නේ. මොකද ලංකාවේ අය හැමෝම හැම වෙලාවෙම බලන්නේ ගන්න හැම දෙයක්ම කඩයකට ගිහින් ගන්න. එයාලා ඔන්ලයින්වලින් බඩු ගන්න හරි බයයි. මොකද සමහර ඔන්ලයින් ව්‍යාපාරවල වංචාව දූෂණය වැඩියි. ඉතින් වැඩි හරියක් ඉන්නේ හොරු කියලා හිතලා ඔන්ලයින් මාකට් එක අතහරිනවා. හැබැයි මේ ඔන්ලයින් ව්‍යාපාරය වැදගත් විදිහට කරගෙන යන පිරිසකුත් ඉන්නවා. AliExpress වගේ ඔන්ලයින් මාර්කට්වලින් මිනිස්සු දේවල් මිල දී ගන්න බය වෙන්නේ නැත්තේ ඒ ව්‍යාපාර බ්‍රෑන්ඩ් එකක් බවට පත් වෙලා තියෙන නිසා. ඉතින් කරන දේ හරියට කළොත් ඔන්ලයින් ව්‍යාපාරය ගොඩ දාගන්න හරි පහසුයි.

 

විදෙස් ආකර්ෂණය

අපි උදාහරණයක් විදිහට හොටෙල් එකක් ගනිමු. මේ හොටෙල් එකට හරි විදිහට පේජ් එකක් කළොත් එයාට ලංකාවේ අය විතරක් නෙවෙයි විදේශිකයන් පවා ගෙන්න ගන්න පුළුවන්. හොටෙල් එකේ ලස්සන ෆොටෝස් ටිකක් දාලා.. ඒ අවට බලන්න පුළුවන් ලස්සන තැන්වල වීඩියෝ ටිකක් දාලා මේ ෆේස්බුක් පේජ් එක ලස්සනට හදාගන්න පුළුවන්. ෆේස්බුක් පේජ් එක හරියට හදාගත්තොත් යූටියුබ් එකට වුණත් ඒ පිරිස අද්දගන්න පුළුවන්. හැබැයි අපිට ප්‍රසිද්ධ වෙන්න ලේසිම තැන තමයි ෆේස්බුක් කියන්නේ.

 

ටාගට් එක යුරෝප රටවල්

ෆේස්බුක් පේජ් එකක් හදලා ලංකාව ටාගට් කරලා හරි යන්නේ නැහැ. අපි ටාගට් කරන්න ඕනේ පිටරට මිනිස්සුන්ව. අපි හිතමු පූස් පැටවුන්ගේ හරි බලු පැටවුන්ගේ හරි ෆොටෝ දාලා පේජ් එකක් කරනවා කියලා. එතකොට අපි ඒ වගේ මොකක් හරි එක කැටගරියකට අනුව වැඩකරගෙන යන්න ඕනේ. පූස් පැටව් දදා ඉඳලා එකපාරම මල්වල ෆොටෝ, ගෙවල්වල ෆොටෝ දාලා හරි යන්නේ නැහැ. එතකොට පූස් පැටවුන්ට ආදරය කරන ගෘෘප් හොයලා ඒවාට මේ පේජ් එක ශෙයා කරලා. තව ලයික් කමෙන්ට් වැඩි කරගන්න පුළුවන්. මේ වැඩේ මාස 6ක් එක දිගට හරියට කළොත් හිතපු නැති ආදායමක් ගන්න පුළුවන්. ඔයා පෝස්ට් 5ක් දැම්මොත් ඒ එක පෝස්ට් එකකට 33,000ක් රීච් තිබ්බොත් ඒ වගේ පෝස්ට් 5ටම තිබ්බොත් ඩොලර් 265ක් ඔයාට ගෙවනවා. මේක කාලෙන් කාලෙට වෙනස් වෙනවා. සමහර කාලෙට ඩොලර් 1000 ගෙවනවා.. 5000 ගෙවනවා. හැබැයි මේකට එක පේජ් එකක වැඩ කරලා හරි යන්නේ නැහැ. පේජ් කිහිපයක වැඩ කරන්න ඕනේ. ඒක හරි ආසාවෙන් කරන්න ඕනේ. මැහුම් ගෙතුම්වලට දක්ෂ කෙනෙක් නම් මැහුම් ගෙතුම් වීඩියෝ හදලා මැහුම් පේජ් එකක් හදන්න පුළුවන්. ඒවා යූ ටියුබ් එකට වුණත් upload කරන්න පුළුවන් දැන්. අපේ අය සාමාන්‍යයෙන් දවසක් දෙකක් කරනවා. උපරිම සතියක් කරලා නවත්තනවා. සාමාන්‍යයෙන් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා මාස තුනක් එක දිගට වැඩ කරනවා. ඒ ගොඩක් අය දවස ගානෙම වැඩ කරපු අය. හැබැයි අපි ගාව මේ වැඩ ටික ඉක්මනට කරගන්න පුළුවන් විශේෂ ක්‍රමවේද තියෙනවා.

 

ටූල්ස්

ඉතින් අපි කතා කරමු Facebook monetization හරහා අපිට සල්ලි හොයන්න පුළුවන් ප්‍රධාන ක්‍රම කිහිපයක් ගැන. මොනවද ඒ ක්‍රම? Facebook Bonus, Ads on reels, Internet ads, C.M. Tools කියන්නේ ඒ ක්‍රම කිහිපයයි. Facebook Bonus හරහා මුදල් හොයන්න නම් එක කැටගරියකට අදාළව ෆේස් බුක් පේජ් එකක් හදා ගන්න ඕනේ. හැබැයි ඉතින් ටොපික් කීපයකයටම page කීපයක් හදාගන්නත් පුළුවනම් මුදල් සෙවීමේදී වැඩි ආදායමක් ලබාගන්න පුළුවන්. හැබැයි ඔයාට හිතන තරම් ලොකු මුදලක් අතට ගන්න ඕනේ නම් ඔයා ටාගට් කරන්න ඕනේ යුරෝපීය ජාතිකයන්. අපි හිතමුකෝ සුරතල් සතුන්ගේ පින්තූර ඇතුළත් පේජ් එකක් පටන් ගත්තා කියලා. ඔබ දිනකට අඩුම වශයෙන් පේජ් එකේ පින්තූර 10 -15ක ප්‍රමාණයක්වත් upload කළ යුතුයි. හැබැයි මෙය දිගටම පවත්වාගෙන යායුතු ක්‍රියාවලියක්. ඒ වගේම සුරතල් සතුන්ට ආදරය කරන විදෙස් අයගේ ගෲප් සොයාගෙන ඒවාට තමන්ගේ පෝස්ට් ශෙයාර් කිරීම තුළින් වැඩි වැඩියෙන් like සහ comment ද ලබා ගත හැකිය. මේ ආකාරයෙන් ඔබ සාර්ථකව හා ක්‍රමානුකූලව තමන්ගේ පේජ් එක ජනප්‍රිය කරමින් යනවිට ඔබට facebook තුළින් Bouns program සඳහා ආරාධනා ලැබේවි. එතැනදී ඔබව ඒ සඳහා තෝරා ගැනීමකට ලක් වුවහොත් විශාල මුදලක් ලබා ගැනීමට හැකි වේ.

 

ලබන සතියේදී අනෙක් ටූල්ස් ගැන අපි කතා කරමු.

 

 

උපදෙස් -

ගීත් අංජන සූරියපුර

සහකාර මෘදුකාංග ඉංජිනේරු

ඩිජිටල් අලෙවිකරණ විශේෂඥ

 

 

[email protected]