වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
යුග දිවිය රකිනා මැදුම් පිළිවෙත
අනුශාසනාව රාජගිරිය කලපළුවාවේ ශ්‍රී ධර්ම මහා විහාරාධිපති විශ්ව කීර්ති ශ්‍රී සද්ධර්මශූරී ආචාර්ය
දෙල්දූවේ ඤාණසුමන ස්වාමීන් වහන්සේ
මිනිසත් බව ලැබූ අපි දැන් විවිධ වූ භූමිකා ඔස්සේ ජීවිතය ගතකරමින් සිටින්නෙමු. ඒ ජීවිතයේ දී සැප මෙන්ම දුක ද අත්විඳිමු. එසේ වන්නේ ඇයි? අපට මේ ජීවිතය ලැබුණේ කෙසේ ද? අප මෙහි පැමිණ සිටින්නේ කොයි සිට ද? ඒ කෙසේ ද? සාමාන්‍ය සිතක මෙවැනි ගැටලු මතුවීම නොවැළැක්විය හැකියි.
තරුණී සදහම් සෙවණ කියවන පින්වත් ඔබට අද මේ ගැන ධර්මානුකූල විසඳුම් ලබාදෙන්නට සිතුවෙමු.
අප නිතරම පුරුදු වෙලා සිටින්නේ අපට පෙනෙන මතුපිට අරුතින් ජීවිතය වටහා ගැනීමටයි.
එහෙත් මේ සියල්ල පිටුපස විශාල පසුබිමක් තිබෙනවා.
අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ පන්සිය පනස් ජාතකයක් ගැන අප අසා තිබෙනවා. පින්වත් ඔබ දන්නවා ද අප හැම කෙනකුගේම ජීවිතයේ ජාතක කතාවක් තිබෙන බව.
ඒත් ඒවා පාරමි පුරාගෙන එන ඒවා නම් නොවේ. අප සතුන්ව, ප්‍රේතයන්ව වී සිටි අවස්ථාත් තිබෙනවා.
ඒත් මේ සියල්ල පසුකොට ආ අප දැන් මේ දීර්ඝ සසර ගමනට තවත් කතාවක් එක්කරමින් සිටිනවා. ඇත්තටම මේකත් ජාතක කතාවක්.
කෙසේ හෝ මෙසේ මිනිස් ජීවිතයක් ලද අපට ඇතැම්විට අනපේක්ෂිත ගැටලු සහගත තත්ත්වවලට මුහුණපෑමට සිදුවෙනවා. ඒවාගේම අප නොසිතූ විරූ සැප සම්පත් අපට හිමිවන අවස්ථාත් තිබෙනවා.
මේ ලද ජීවිතයේ අවබෝධය අපට ලැබෙන්නේ ලෝකය අවබෝධ කරගත් බුදුවරයකුගේ දහම ඔස්සේයි.
සැබැවින්ම මිනිසත් බව ලැබූ අපට පැහැදිලි ඉලක්කයක් තිබිය යුතුයි.
ශ්‍රද්ධාව
ශ්‍රද්ධාව යනු තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ පුද්ගලයකු වෙත පවතින පැහැදීමයි.
සරල උදාහරණයක් මෙසේ බලමු. දැන් අපට යම් කෙනෙක් අලුත් වගාවක් හඳුන්වා දෙනවා යැයි සිතමු.
ඒ පුද්ගලයා එයින් අපට ලැබෙන ප්රතිලාභ, වගාව ආරක්ෂාකර ගන්නා ආකාරය, සතුන් පලවා හරින හැටි ආදී වශයෙන් සියලු කරුණු වටහා දුන් විට අප එය අවබෝධයෙන්ම වගා කිරීමට පෙලඹෙනවා නේද? මෙන්න මේ අවබෝධය සහ පැහැදීම ඉතා වැදගත්.
අවබෝධය
වත්මන් මිනිසා ගුණ දහම් හැර අන් සියල්ල වැඩි වර්ධනය කිරීමට කැපවෙලා. ඒ කියන්නේ අද මනුෂ්‍යයන් වැදගත්ම දේ හැර අන් සියල්ල කරනවා.
ඡායා - උපාලි ජයරත්න
ඡායාරූපය නිරූපණයකි
2020/01/29 තරුණි බලන්න