බැස යන ඉර ගෙනෙන චමත්කාරය

මැයි 8, 2019

සාරවත්ව වැඩුණු ගහකොළ සපිරි වන ලැහැබේ තුරුපත් අතරින් ඉර බැසයන මනස්කාන්ත දසුන සොබාදහමේ චමත්කාරය අපට මැනවින් පසක් කරවයි.

කොළ පාට ගහකොළ, දඟකාර සතුන්, රංචු ගැසී පියඹන කුරුල්ලන්, බැසයන හිරු මේ සැබෑවටම වනයේ අසිරියයි. ඒ සැබෑ සුන්දරත්වය පේපර් කුවිලිං සහ ෆෝක් ආට් කලාවෙන් නිර්මාණය කරගන්නා ආකාරය අපි සොයා බලමු.

අවශ්‍ය දෑ

වෙළෙඳපොළෙන් මිලදී ගත් ඉර බැසයන දර්ශනයක් සහිත සිතුවමක්.

බොක්ස් බෝඩ් එකක්.

වර්ණ කිහිපයක

ඒ4 කඩදාසි.

පේපර් ටිෂූ.

විවිධ කොළ හැඩ කපාගත

හැකි පන්චර්.

බයින්ඩර් ගම්

කළු, දුඹුරු, සුදු, කහ ආදී

වර්ණ කිහිපයක රෙදි පින්තාරු.

කාබන් කොළයක්

පේපර් කටර් එකක්.

නිර්මාණය සකසා ගන්නා ආකාරය

ඔබ මිලදී ගත් පින්තූරයට වඩා පිටතට අඟල් 02 ක් පමණ ඉඩතබා බොක්ස් බෝඩය කපාගන්න. නිර්මාණය රාමු කිරීමට එලෙස ඉඩ තබා බෝඩය මත පින්තූරය අලවාගන්න. අනතුරුව පසුබිමෙහි පෙනෙන ඉර, කුරුල්ලන් ආදී කොටස්වල ෆෝක් ආට් ක්‍රමයට ත්‍රිමාණ බව මතු කරගන්න. දැන් අප මෙහි දැක්වෙන ජිරාෆ්ලාගේ සහ රයිනෝගේ රූප සකසා ගත යුතුය.

ඒ සඳහා පේපර් ටිෂූ කොටස් 10 ක් පමණ එක මත එක රඳවා සත්ත්ව රූප ඒ මත පිටපත් කරගෙන පරෙස්සමට කපාගන්න.

අනතුරුව ඒවා අදාළ ස්ථානවල අලවා ගම් ගාන්න.

2019/05/08 තරුණි බලන්න