වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
අලුත් පරපුරට දේශීය කැවිලි හදන්න නොමිලයේ කියාදෙන්න මම සූදානම්
“දේශීය කැවිලි නිෂ්පාදන ක්ෂේත්රයේ පුමුඛතමයා වීම මගේ බලාපොරොත්තුවයි” මේ අපේ රටේ තවත් දිරිය කාන්තාවකගේ හඬයි. ඇය නිලූෂිකා උදයංගනී මුණසිංහ. අංක 571/2, ඇරැව්වල, පන්නිපිටිය ලිපිනයේ පදිංචි ඇය දේශීය රස කැවිලි සාදන්නියකි.
මේ වනවිට ‘කැවුම්-කොකිස්.ජධථ ඇරැව්වල’ රස කැවිලි නාමය ඔබ අතට පත්වන්නේ ඇගේ අප්‍රතිහත උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසිනි.
ඇය විවාහ වී කුලගෙට පිවිසෙන විටදී හොද්දක් බතක් උයාගන්න නොහැකිව ළතැවූ තවත් එක් යුවතියකි.
එහෙත් අද වනවිට ඉවුම් පිහුම් කලාවේ රස රහස් දන්නා අපේ සමහර අම්මලාටත් පදමට හදාගන්නට බැරි කොණ්ඩා කැවුම් ඇය උයන්නේ රස පදමටය.
“මගේ සැමියා තුෂාර මාලක. ‘තුෂාර කේටර්ස්’ බේකරියේ අධිපති. ඔහුට රසට කෑම පිසින්න පුළුවන්. විවාහ වූවායින් පසුව මගේ ඉවුම් පිහුම් කලාවේ ගුරුවරයා ඔහුයි.
මම මුලින්ම ජාතික රෝහලේ හෙදියක් ලෙස සේවය කළා. තවදුරටත් රැකියාවට යනවාට සැමියා කැමැති වුණේ නැහැ. ඒනිසා රැකියාවට සමුදුන් මා බේකරි නිෂ්පාදනයට හුරු වුණා. කාලයත් සමඟින් මගේ අතින් රසම රස බේකරි නිෂ්පාදන පෙළක්ම හැදුණා.
මේ අතරට අපේ දේශීය රස කැවිලි හදා අලෙවි කිරීමට පටන් ගත්තොත් හොඳයි නේද කියලා සිතුවා.
ඒත් මම ඒ ගැන දැනන් හිටියේ නැහැ. සැමියාගේ ගමේ සිරිමාවතී ආච්චි රස කැවිලි හදන්න හරි දක්ෂයි. මම ඇගෙන් රස කැවිලි හදන්න ඉගෙන ගත්තා”
අද වනවිට කොණ්ඩා කැවුම්, මුං කැවුම්, කොකිස්, පැණි වළලු, ආස්මී, අතිරස, අලුවා, කළු දොදොල්, තල කැරැලි ආදී ඕනෑම රස කැවිලි වර්ගයක් මට රසට, පදමට හදන්න පුළුවන්. 2016 වසරේදී නෙළුම් පොකුණේ දී පැවැති ජාත්‍යන්තර වෙසක් උත්සවයේ දී ‘ඇක්ෂන් කැවුම්’ ලෙසින් සජීවීව කොණ්ඩා කැවුම් සෑදීමේ භාග්‍ය ද මා උදාකර ගත්තා.
2019/07/31 තරුණි බලන්න