වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ඔබේ උත්සාහයට දිරිය අපෙන්, ජීවිතය පාටකර ගන්න
තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ පවතින ව්‍යාපාරය සංවර්ධනය කරගනිමින් සාර්ථක ව්‍යවසායකයකු වන්නට අපේක්ෂා කරන ඔබට අත්වැල් සැපයීම පිණිස තරුණී පුවත්පත ආරම්භ කළ දිරියට සවියක් ලිපිමාලාවේ දෙවැනි වැඩමුළුව
“ඉසුරු ළඳුන්’ නමින් දෙසැම්බර් මස 04 වැනි බදාදා දින උදේ 8.00 සිට දවස පුරා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ (ශ්‍රී බෝධි විද්‍යාලය අසල) ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී නොමිලයේ පැවැත්වේ.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (ඉඡ්ච්) එක්ව සිදුකරන මෙම වැඩමුළුව සඳහා දැනට ස්වයං රැකියාවක නියුතු හෝ ස්වයං රැකියාවක් සිදු කිරීමට අපේක්ෂා කරන ඔබ සැමට නොමිලයේ සහභාගි විය හැකියි.
* ව්‍යවසායකත්වයට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම.
* ව්‍යාපාර සැලසුම් සකස් කර ගැනීමට සහය වීම හා නව ව්‍යාපාර අදහස් ලබාදීම
* ව්‍යාපාරිකයන්ගේ සන්නාම ප්‍රවර්ධනයට සහය වීම.
* වෙළෙඳපොළ අවස්ථාවන් හඳුන්වාදීම.
* ව්‍යාපාර සංවර්ධනයට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම.
ඇතුළු අනගි උපදෙස් රැසක් ඔබට ලැබේ
ආදරණීය පවුලක් ලෙසින් තවත් පියවරක් ඉදිරියට තබන්නට සිතන දිරිය කාන්තා ඔබට මේ සඳහා සහභාගි විය හැකියි.