මහන මැෂිම ගැන ‍ෙම් කරුණු දැන ගැනීම හරි ම වැදගත්

ජනවාරි 3, 2022

 

මේ ලිපි පෙළ ආරම්භ කරද්දී බොහෝ දෙනකුට කුතුහලයක් වගේම සැකයකුත් ඇති වූවාට සැකයක් නැහැ.... මොකද දන්නවාද?

“මේ වගේ ලිපි මීට කලිනුත් පළවෙලා තියෙනවනෙ.“

“මැහුම් කලාව ගැන මොනවද ඔය තරම් ලියන්න තියෙන්නෙ?“

එහෙම හිතන්නෙ යාවත්කාලින නොවී (update) අතීතයේම ජීවත් වෙන උදවිය.

මේ අනගි කලාවේ උන්නතියට උරදීපු ඇත්තොත් එහෙම හිතල නිකම් හිටිය නම් ඒ කතන්දරේ කුවේණිගෙන් ම නතර වෙලා අතීතයේ සිර වෙන්න ඉඩ තිබුණා.

කොහොම වුණත් තරුණී... ජාතික කාන්තා ප්‍රකාශනය ඔබට ලබා දෙන්නේ හොඳම දේ බව ඔබ හොඳට ම දන්නවා. බොහොමයක් දෙනා නොදැන සිටි දන්නා අයත් මෙතෙක් කාලයකට කියා නොදුන් බොහෝ දේ පිළිබඳ ඔබව දැනුවත් කිරීමට මේ පත් ඉරුව වෙන් වෙනවා. අන්න ඒ නිසා ඔබට වැටහේවි හොඳම දේ ලබා දෙන්නේ තරුණී බව...

මැෂින් වර්ග පිළිබඳ කතා බහේදී පසුගිය සතියේ සඳහන් කළා DDL මැෂින් ගැන. දැන් ඔබට කුතුහලයක් ඇති වූවාට සැකයක් නැහැ,

මොකක්ද මේ DDL කියන්නේ කියලා.

මෙහි ඉතිහාසය 1830 දශකය දක්වා දිව යනවා. එලියාස් හෝව් පළමු ලොක්ස්ටිච් මැෂිම නිර්මාණය කළ පසුව ගතවූ දශක දහ අටක පමණ කාලය තුළ මෙය අත් කර ගත්තේ විස්මිත ප්‍රගතියක්. ඒ ගැන පසුගිය සතියේ කතා කළා.

DDL - Direct Drive (High Speed) Lockstitch ඒ කියන්නේ ලොක්ස්ටිච් මැෂිම දියුණු වෙලා වර්තමානයේ අධිවේගීව මහන්න අවශ්‍ය විදිහට වැඩිදියුණු කළ මැෂිම තමයි මේ DDL කියන්නේ.

 

* මහන මැෂිමක් ගැන දැනගත යුතු කරුණු බොහොමයි.

01. මූලිකවම අප මහන මැෂිම හඳුනාගත යුතුයි.

02. සාමාන්‍ය මැෂිමක් සහ අධිවේගී මැෂිමක් අතර වෙනස දැනගත යුතුය.

03. මහන මැෂිම ක්‍රියා කරවීම සඳහා අසුන් ගැනීම.

04. යන්ත්‍රය පිරිසුදු කිරීම.

05. මැෂිමේ ක්‍රියාකාරීත්වය සහ ක්‍රියා කරවීම.

06. මැෂිමට තෙල් දැමීම සහ තෙල් ක්‍රියාකාරිත්වය.

07. මැෂිමට ඉදිකටුව සවි කිරීම.

08. බොබිනයට නූල් ඔතා ගැනීම.

09. මැෂිමෙන් ෂටලය ගැලවීම සහ සවිකිරීම.

10. මැෂිමේ යට නූල උඩට ගැනීම.

11. මැෂිමට නූල් ඇමිණීම.

12. මැස්මක යටි පැත්තේ නුල බුරුල්වීමට හේතු.

13. මැස්මක උඩ පැත්තේ නුල් බුරුල්වීමට හේතු.

14. මැෂිමේ නූල් කැඩීයාමට ප්‍රධාන හේතු.

15. මැෂිමේ නූල් බුරුල්වීම වළක්වා ගැනීම.

16. නූල් වර්ග හඳුනා ගැනීම.

17. මැෂිමේ නූල් දුර වෙනස් කිරීම.

18. මසන ලද රෙදි කොටස ආපසු ගමන් කරවීම.

19. මැෂිමේ පීඩන පාදයේ බර වෙනස් කිරීම.

20. නෝමල් මැෂිම සඳහා භාවිත වන ෆුට් (Foot) වර්ග හඳුනා ගැනීම.

 

මේ පිළිබඳව විස්තර අපි ඉදිරි කලාපවලින් දැනුවත් වෙමු.