නෝමල් මහන මැෂිමට නිවැරැදිව නූල අමුණන්නේ මෙහෙමයි

ජනවාරි 24, 2022

 

හෙළ සළු පිළි වතගොත පුරාණය සොයා අතීතයට යන චාරිකාවේ දී හෙළිවන තොරතුරු අතිශයින් විචිත්‍රය. ප්‍රබන්ධයක් වුවද, සත්‍යයක් වුවද රාමායණයේ දැක්වෙන්නේ රාවණා නිරිඳුන් රතු පැහැති වස්ත්‍රයෙන් සැරසී සිටි බවය. එම යුගයට ම අයත් හෙළයේ නාග ගෝත්‍රිකයෝ විවිධ වර්ණයෙන් යුතු ඇඳුම් ඇඳි බව ‘දීප වංශයේ‘ සඳහන් වෙයි.

එපමණක් ද නොවෙයි ඉපැරැණි සෙල්ලිපිවල ද (බ්‍රාහ්මී අක්ෂර) මේ තොරතුරු දක්නට ලැබේ. රෙදි විවීම වෘත්තියක් ලෙස ස්ථාපිතව තිබූ බව මෙමඟින් හඳුනා ගැනීමට පුළුවන. නිත්තර ග්‍රාමහිනිත සෙල්ලිපිය (පෙහෙකර) ගල්කන්දේගම සෙල් ලිපිය (පෙහෙකරමත) ආදී වශයෙන් දක්වා තිබෙන්නේ රෙදි පිළි තාක්ෂණ ශිල්පීන් පිළිබඳවය. ක්‍රිස්තු වර්ෂයෙන් හතරවැනි සියවස තරම් ඈත අතීතයකදී (ක්‍රි. ව. 400) රචනා කරන ලදැයි සැලකෙන ‘සීහලවත්ථුප්පකරණයේ‘ ද රෙදි පිළි තාක්ෂණ ශිල්පීන් පිළිබඳ සඳහන් වේ. මේ සුද්දන් වැද්දන් සේ කල් යැවූ යුගයයි. දේශීය පමණක් නොව ඉන්දීය, බුරුමය, චීනය ආදී විදේශයන්ගෙන් ද රෙදිපිළි ආනයනය කර තිබෙන බව ඓතිහාසික මූලාශ්‍ර පෙන්වා දෙයි.එහෙමනම් ආයෙමත් වර්තමානයට පිවිසෙමු.

***************

මැෂිම ඉදිරිපිට ඉඳගෙන කළ යුතු පළමු කටයුත්ත තමයි, ඉදිකටුවට නූල අමුණා ගන්න එක. කළු මැෂිමක වගේ පහසුවෙන් නෝමල් අධිවේගී මැෂිමකට නූල් අමුණා ගන්න බැහැ. එය තරමක් සංකීර්ණ ක්‍රියාවලියක්.

එය පියවර දොළහක් (12) ඔස්සේ ඇදී එනවා. මේ පිළිබඳ මනා දැනුමක් ද අවශ්‍ය වේ. එක් ස්ථානයකට හෝ අඩුපාඩුවක් වුවහොත් ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවිය හැකියි.

* නූල් හිරවීම- * මැස්මේ අපිළිවෙළ

* නූල් ගුලි ගැසීම- * මැස්ම බුරුල්වීම

* ඉඳිකටුව කැඩීයාම

ආදී ඕනෑම දෙයක් සිදුවීමේ අවදානම තිබෙනවා. හොඳයි... දැන් අපි අධ්‍යයනයට යොමු වෙමු. පළමුවෙන් ම නූල් පන්දුව ත්‍රෙඩ් ස්ටෑන්ඩ් (Thread Stand(1) එකට දමා ගත යුතුයි. දැන් දිග හැර ගත් නුල ත්‍රෙඩ් ගයිඩ් පින් එක (Thread Guide Pin(2) එක තුළින් දමා ත්‍රී හෝල් ත්‍රෙඩ් අයිලට් (Three hole Thread Eyelet(3) එක හරහා සබ් ටෙන්ෂන් වෙත පිවිසිය යුතුයි. සබ් ටෙන්ෂන් එකෙන් (Sub Tension(4) දමා ගත් නුල අනතුරුව පැමිණෙන්නේ ත්‍රෙඩ් ටෙන්ෂන් පෝස්ට් වෙතටයි. (Thread Tension Post(5) ඒ හරහා ක්‍රමාණුකූලව ඇදී එන නූල ටේක් අප් ස්ප්‍රින් (Takeup Spring(6) දමා ගෙන ප්‍රෙසර් බාර් ඔලෑම්ප් ත්‍රෙඩ් ගයිඩ් (Pesser Bar Olamp Thread Guide(7) වෙතට ගෙන ආ යුතුයි. ඒ හරහා දමා ගන්නා නූල ෆ්‍රේම් ත්‍රෙඩ් ගයිඩ් (Frame Thread Guide A(8) තුළින් මතුවී ටේක් අප් ලිවර් (Take up Liver(9) තුළින් ෆ්‍රේම් ත්‍රෙඩ් ගයිඩ් (Frame Tread Guide B(10) ගෙන එන්න. දැන් ඔබ පියවර දහයක් සාර්ථකව පසුකර අවසන්. දැන් නූල රැගෙන යොමු වෙමු නීඩ්ල් ත්‍රෙඩ් ගයිඩ් වෙතට (Needle Thread Guide(11) ඒ හරහා ගෙන එන නුල ඉඳිකටුවට (Needle(12) අමුණා ගත් පසු පියවර දොළහ සම්පූර්ණයි.

 

 

උපදෙස් - ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී

එරංග රණසිංහ

ඔයාමා ෆැෂන්ස් සහ ග්‍රැෆික්ස්