ලස්සන මල් පිපෙන නෙදර්ලන්ඩ් වර්ග - 2

රතු පාට හැමදාමත් ජනප්‍රියයි
අප්‍රේල් 18, 2022

 

සොඳුරු වර්ණ සිත්තම් මවන ඇන්තූරියම් මල් කාගේත් නෙතු පිනවයි. ඇන්තූරියම් වගාව ඔබේ අතට අමතර ආදායමක් උපයාගත හැකි කදිම ස්වයං රැකියාවක් ද වේ. ඒ නිසාම නිවැරැදි දැනුම හා ඇන්තූරියම් වගාවේ නියැළෙන අයගේ අත්දැකීම් නිරන්තරයෙන් ම අපි ඔබ වෙත ගෙන එන්නෙමු. ඒ හෙට දවසේ ඔබ ද සාර්ථක ඇන්තූරියම් වගාකරුවකු කරන්නටයි.

ඇන්තූරියම් මහ ගෙදර ලෙසින් හඳුන්වන නෙදර්ලන්තයෙන් අපේ රටට ද ඇන්තූරියම් ගෙන්වයි. මේ දිනවල වගාකරුවන් බොහෝ දෙනෙක් මේ වර්ග පිළිබඳ උනන්දුවක් දක්වන නිසාම පසුගිය සතියේ අපි ඇන්තූරියම් ලොව වර්ණවත් කරන නෙදර්ලන්ත ඇන්තූරියම් වර්ග කිහිපයක් හඳුන්වා දුන්නෙමු. අද අපි තවත් ලස්සන මල් පිපෙන වර්ග කිහිපයක් හඳුනා ගනිමු. මොන වර්ණයෙන් ඇන්තූරියම් මල් පිපුණත් තවමත් බොහෝ දෙනා අතර ජනප්‍රිය වී ඇත්තේ රතු පාට මල් පිපෙන වර්ගයි.

 

උපදෙස්

කොරතොට චන්දි ප්ලාන්ට් එන් ෆ්ලවර්ස් හි

චන්දි ගුණසේකර