හැඩකාර දුවට මල් පිරුණු ගවුමක්

අගෝස්තු 19, 2024

 

අසුරු සැණින් කාලය ඉගිලී යනවා. විලාසිතා ලෝකය අලුත් වන්නේ එසැණිනි. අද ඔබට මැහුම් ඉස්කෝලේ වෙතින් තිළිණ කරනුයේ විලාසිතා ලෝකයේ විවිධාකාර මෝස්තර අතුරින් වැඩි ඉල්ලුමක් පවතින ගවුම් මෝස්තරයකි. මූලික පතරොම අැසුරින් ඔබට අවශ්‍ය මෝස්තරය ඉතා පහසුවෙන් නිර්මාණය කළ හැකියි. මේ සඳහා අඟල් 60 පළල රෙදි වර්ග තෝරා ගැනීමෙන් ෆ්ලෙයාර්ඩ් සාය දිගට ලබා ගත හැකිය. මාෂා, ලිලන්, විස්කොස්, බබල් රෙදි යොදා ගත හැකියි. මූලික පතරොම ඇසුරින් පහසුවෙන් නිර්මාණය කිරීමට පුළුවන්.

 

මිමි ගැනීමේදී ඇඟට සීරු මාරු ඇඳුමකින් සැරසී සිටීම අනිවාර්ය වේ.

 

අවශ්‍ය මිමි - මූලික මිමි

* උරහිස

* පපුව වට

* ඉණ වට

* උකුළ වට

 

තිරස් මිමි (හරස් මිමි)

වට මිමි

* උර සිට පපුව මුදුන උස

* උර සිට ඉණට උස

* උර සිට උකුළට උස

* උර සිට සම්පූර්ණ උස

* කර වට

* කර වට

* අත දිග

* අත වට - අත දිග

* ඩාට් පරතරය

 

ලබාගත් මිමි ගණනය කරමු.

 

උරහිස /2 =

අඟල් 15/2 = 7 1/2

පපුව වට /4 = අඟල් 38/4 = 9.5+ 1/2 = අඟල් 10

ඉණ වට =

අඟල් 8.5 +1 = අඟල් 9.5

උකුළ වට =

අඟල් 40 - 10 + 1/2 =

අඟල් 10 1 /2

 

උර සිට පපුව මුදුන =

අඟල් 10

 

උර සිට ඉණට උස =

අඟල් 15

 

මූලික අත සැකසීම - පතරොමෙන් ලබාගත් අත දුර = ඉදිරිපස = අඟල් 7 පිටුපස = අඟල් 7 බුරුල = අඟල් 1/2 / 14 1/2

 

කොළරය සැකසීම -

උරහිස් දෙක එකට මූට්ටුකර ඔබට අවශ්‍ය පමණට කර කපන්න. කිසි විටෙකත් පිටුපස කර ගැඹුර වැඩි නොකරන්න. කරේ ප්‍රමාණයට ඉදිරි කර ගැඹුර වැඩි කරන්න. ඔබේ කර වට අඟල් 15ක් යැයි සිතමු.

 

නැම්මට

 

කර වට /9

= 15/2 = 7 1/2

 

මැසී‍ෙම් පියවර

 

මුලින්ම ඉදිරිපස විවරය පයිපින් කරන්න. උරහිස් දෙක එකට තබා මූට්ටුකර සාදාගත් කොළරය කරවට මිම්මට අල්ලා ගන්න. මූලික අත ඇසුරින් සාදාගත් අත් මෝස්තරය කිහිලි කටට තබා මසාගන්න. අත අගට ඉලාස්ටික් කොටසක් තබා මසාගන්න. ඉදිරිපසට හා පිටුපසට ෆ්ලෙයාර්ඩ් සායේ පළු දෙක එකට තබා මසන්න. ඉණට අවශ්‍ය නම් පටි කොටසක් තබා ඉ‍ෙණ් හැඩය ලබා ගන්න. අංශය ද මසාගන්න. ඔබ සාදාගත් බෝ කොටස් ඉදිරි විවරයට තබා අලංකාරකර ගන්න. පසු පස පහත වාටිය මසා ගවුම නිමාකර ගත හැකියි.

 

උපදෙස් -

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රවීණ මැහුම් උපදේශිකා

අනූෂා සඳමාලි