Smart කෙල්ලන්ට මෙන්න කෝට් කොළරය

සැප්තැම්බර් 2, 2024

 

මැහුම් කලාව මුල ඉඳන් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් ආරම්භ කරන්න කැමැති, තමන්ගේ ඇඳුම තමන්ගේ අතින්ම මහගන්න කැමැති, ආදරණීය කාන්තාවන් වන ඔබ වෙනුවෙනි.

තරුණී මැහුම් ඉස්කෝලේ මෙලෙස දිග හැරෙනුයේ.

 

ඒ විතරක් නෙවෙයි ඔබ කාර්යාලයට යන යුවතියක් නම් මෙය අපූරු Office Wear එකකි. කාන්තා ලාලිත්‍ය, හැඩය මනාව ඉස්මතු කර පෙන්වන විලාසිතාවකි.

 

කෝට් කොළරය සහිත මෙම ඇඳුම මූලික පතරොම අැසුරින් පහසුවෙන්ම නිර්මාණය කරගනිමු.

අවශ්‍ය මිමි

 

* උරහිස = අඟල් 14

* පපුව වට = අඟල් 32

* ඉණ වට = අඟල් 26

* උකුළ වට = අඟල් 36

* කර පළල = අඟල් 5

 

උස මිමි

 

උරහිස සිට පපුව මුදුන

උස = අඟල් 9 1/2

උර සිට ඉණට උස = අඟල් 14

උර සිට උකුළට උස = අඟල් 21

උර සිට සම්පූර්ණ උස = අඟල් 23

 

කර වට = අඟල් 14

ඩාට් පරතරය = අඟල් 6

අත දිග = අඟල් 23

අත = අඟල් 7

 

මුලින් ලබාගත් මිමි ගණනය කරමු

 

උරහිස = 14/2 = අඟල් 7

පපුව වට = 32/4 + 1/2 = අඟල් 8 1/2

ඉණ වට = 26/4+ (ඩාට් 1)

= 6.5+ 1 = අඟල් 7 . 5

උකුළ වට = 36/4 + 1/2 (බුරුල)

= අඟල් 9 1/2

කර පළල = 5/2 = අඟල් 2 1/2

ඩාට් පරතරය = 6 /2 = අඟල් 3

අත වට = 7/2 = අඟල් 3 1/2

 

ඔබ ලබාගත් මිමි සංශෝධනය කරන්න. මෙම මිමි ඇසුරින් මූලික පතරොම් නිර්මාණය කරන්න. මුලින්ම ඉදිරිපස (Front) පතරොම සැකසිය යුතුයි.

 

ලකුණු කර ගත් උස රේඛා මත (Guide line) මත සංශෝධනය කළ හරස් මිමි ලකුණු කරමු.

 

අත සැකසීම -

අත දිග = අඟල් 23

අත දිග = අඟල් 7කි. අත වට තැන් තුනකින් මනින්න.

1. කෙටි අත

2. වැලමිට දක්වා අත

3. සම්පූර්ණ අත

 

මුලින්ම ඔබ සාදාගත් පතරොම් අත් කට දුර මනින්න. (ඉදිරි හා පිටුපස පතරොමේ) ඉදිරි අඟල් 6 1/2කි. පිටුපස අත් කට දුර අඟල් 7කි. අඟල් 1/2 ක බුරුලක් දෙන්න.

 

කොළරය සැකසීම -

අඟල් කර වට ඉදිරි හා පිටුපස මනින්න. (ඉදිරි අඟල් 2 1/2 හැර) එකතුව අඟල් 15කි.

 

මැසීමේ පියවර -

 

ඉදිරිපස ප්‍රින්සස් ලයින් හැඩයේ 1 කොටසේ (පේෂින් කොටසේ) ස්ටිප් අලවා කරට කර තබා Cl රේඛාව මසන්න. දැන් ප්‍රින්සස් ලයින් හැඩය ඇති කොටස් දෙක ඉදිරි පළු එකට මූට්ටු කරන්න. පිටුපස පළුවෙන් ප්‍රින්සස් ලයින් හැඩ එකට මූට්ටු කරන්න. Cl රේඛාව ඉණ දක්වා මසන්න. ඉණ සිට පහළට විවරය තබන්න. දැන් වෙනම ස්ටිප් තබා සැකසූ කොළරය පිටුපස මැදට තබා පේෂින් කොටස තබා මසන්න. අත අල්ලා අංශය මසන්න. පහත වාටිය මසන්න.

 

 

උපදෙස් -

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රවීණ මැහුම් උපදේශිකා

අනූෂා සඳමාලි