වර්ෂ 2024 ක්වූ December 09 වැනිදා Monday
නව වසරේ ඔබේම ව්‍යාපාරයකින් ජීවිතේ ගොඩ යන්න අලුත්ම ක්‍රමය
Ambition is the path to success. Persistence is the vehicle you arrive in අරමුණු හා අභිලාෂයන් ඔබගේ සාර්ථකත්වයේ මාවතයි. නොවෙනස් වන අධිෂ්ඨානය හා විශ්වාසය ඔබ අපේක්ෂිත ඉලක්කය කරා රැගෙන යන වාහනයයි. අරමුණු, අපේක්ෂා, බලාපොරොත්තු අපව සාර්ථකත්වය කරා රැගෙන යන්නට පදනම වෙයි. වසරක් ගෙවී තවත් වසරක් උදා වෙන්නට ඇත්තේ තවත් සති කිහිපයකි.
උදා වන නව වසරේ අපගේ ඉලක්කය වී ඇත්තේ තමුන්ගේම කියා ව්‍යාපාරයක් හෝ රැකියාවක් ආරම්භ කිරීමට නම් එයට ලබන වසර හොඳම කාලයකි. නැවුම් බලාපොරොත්තු අපේක්ෂා දල්වමින් අපි ලෝකය ජයගන්නට නව මාවතක් සොයමින් සිටියෙමු. එම වෙනසට පිවිසීම සඳහා සියලු අවස්ථා දැන් නිර්මාණය වී තිබේ. මේ වන විට පසු කරමින් සිටින්නේ අභියෝගාත්මක කාලයකි. ආර්ථික වශයෙන් කඩාවැටුණු රටක අප ආරම්භ කළ බොහෝ ව්‍යාපාර බිඳවැටුණේ නොසිතූ ලෙසිනි. කොරෝනා වසංගතය හමුවේ බිඳවැටුණු ආර්ථිකයත්, රටේ ඇතිවූ ආර්ථික අර්බුදයත් හමුවේ කුඩා ස්වයං රැකියා පමණක් නොව දැවැන්ත ව්‍යාපාර පවා නොසිතූ ලෙසින් කඩාවැටුණේ රටේ සියලුම ක්ෂේත්රයන්ට ඍජුවම බලපාන ලෙසිනි.
මේ කාලයේ අප සැම දෙනාටම ආර්ථික වශයෙන් අපහසුතාව තදින්ම දැනෙනවා. ඒ දැනෙන නිසාම අප මෙයින් ගොඩ යන්න විවිධ ක්‍රම හා උත්සාහයන් දරනවා. හැබැයි අපට මේ අභියෝගයෙන් ගොඩ යන්න අපහසු නැහැ. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ ඔබ සතු අධිෂ්ඨානය හා කැප කිරීමයි. මේ අධිෂ්ඨානය හා කැපකිරීමට පදනම සකස් කර ගැනීමට පුංචි ස්වයං රැකියාවක් කරන්න පුළුවන් නම් ඔබේ ආර්ථික ගැටලුවලට සාර්ථක විසඳුමක් සොයාගන්න හැකියාව ලැබෙනවා. මේ සඳහා CEO Strategy එක අනුගමනය කළොත් ඔබ කරන ඕනෑම ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක් සාර්ථක කර ගන්න හරිම පහසුයි.
මේ CEO Strategy ක්රමයේ මූලික පියවර තමයි වියදම් අවම කිරීම හෙවත් cost cut කිරීමයි. ඔබ ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ඒ සඳහා පුංචි අයවැය ලේඛනයක් සකස් කළ යුතුයි. මේ අයවැය ලේඛනය සැකසීමට පෙර ඔබ එදිනෙදා වියදම් ලේඛනයක් සකස් කර ගත යුතුයි. මෙලෙස ලේඛනගත කිරීමේදී ඔබට තේරෙනවා කොයිතරම් ප්‍රමාණයක් ඔබ වියදම් කරලා තියෙනවාද? එයින් කොයි තරම් ප්‍රමාණයක් අවම කරගන්න පුළුවන්ද කියලා. අපට පුළුවන් අත්‍යවශ්‍ය දේ සඳහා පමණක් මුදල් වියදම් කරන්න. උදාහරණයක් ලෙස ඔබ රැකියාවක් කරනවා. ඒ රැකියාවට යන විට අපි කඩෙන් නොකා කෑම එකක් ගෙදරින් ගෙනයන්න පුළුවන් නම් එයින් අපට ලොකු මුදලක් ඉතිරි කරගන්න හැකියාව තියෙනවා. විදුලිය අත්‍යවශ්‍යයි. අපට ගෙදර දැල්වෙන අනවශ්‍ය විදුලි බුබුළු නිවා දැම්මොත් එයින් නිෙවසේ විදුලි බිල අඩු කරගන්න පුළුවන්.
මේ ආකාරයෙන් වියදම් අවම කරලා කරලා ඊට වඩා අඩු කරන්න බැරි අවස්ථාවක් පැමිණෙනවා. ඒ අවස්ථාවේදී තවත් උපයන්න ක්‍රමයක් සකස් කර ගත යුතුයි. ඒකට තමයි කියන්නේ Earn more. දැන් තමයි අවස්ථාව . . . ඔබ උපයපු ඉතිරි කරපු මුදල ඔබට පුළුවන් ආයෝජනය කරන්න. ඔබට පුළුවන් කවුරුත් නොකරන නොසිතන ව්‍යාපාරයක් ආරම්භ කරන්න. දැන් online ක්‍රමයට ආරම්භ කළ හැකි ව්‍යාපාර රාශියක් තිබෙනවා. නැත්නම් ඔබ කරන රැකියාවට අමතරව නිෂ්පාදනය කළ හැකි යමක් නිෂ්පාදනය කරන්න ආරම්භ කරන්න පුළුවන්. එසේ නැත්නම් ඔබේ ගෙවත්තේ වගාවක්, පැළ තවානක් ආරම්භ කරන්න පුළුවන්.
දැන් ඔබගේ නිෂ්පාදනයට වෙෙළඳපොළක් සොයා ගැනීම අපහසු නැහැ. අන්තර්ජාලය හරහා ඕනෑම දෙයක් අලෙවි කර ගැනීමට අවස්ථාව තිබෙනවා. සමාජ මාධ්‍ය හරහා දැන් ව්‍යාපාර කරන විශාල පිරිසක් සිටිනවා. දැන් අපේ රටේ online ක්‍රමයට භාණ්ඩ අලෙවි කරන ආයතන රාශියක් තිබෙනවා. එවැනි ආයතනයකට ඔබ එකතු වුණොත් හරිම පහසුවෙන් ඔබට ඔබේ නිෂ්පාදන අලෙවි කරලා ලාභයක් ලබා ගන්න අසීරු නැහැ. අපට ජීවිතයේ සාර්ථක කරගන්න තරම් මුදල් වැඩිපුර ඉපයීම කළ යුතුමයි. Earn more ලෙස මේ ක්‍රමයට අප ඉපයීම කරන විට ඔබ නොදැනීම සාර්ථකත්වය කරා ගමන් කරනවා.
optimize කියන්නේ අප ඔබට මුලින් හඳුන්වා දුන් CEO Strategy ක්රමයේ වැදගත්ම අංගයයි. අප උපයන මුදල ඉතුරු කිරීමේ උපාය මාර්ගයට තමයි optimize කියන්නේ. ලෝකයේ ඕනෑම සාර්ථක පුද්ගලෙයක් තමුන් සාර්ථක වීමේ රහස බවට පත් වන්නේ තමන් උපයන මුදල ඉතුරු කිරීමයි. ඔබ දැන් ඔබගේ වියදම් ගැන දන්නවා. ඊට අමතරව ඔබට කොයිතරම් ඉතිරි කරන්න පුළුවන් ද කියලා අවබෝධයක් තිබෙනවා. ඔබ දුප්පත් වෙන්න හෝ ව්‍යාපාරයක් අසාර්ථක වීමට මූලික හේතුව තමයි මුලින්ම විශාල මුදලක් වියදම් කිරීම. අපි මුදල් ප්රතිලාභ ලැබෙන ආකාරයට ආයෝජනය කිරීම තමයි optimize කිරීම කියන්නේ.
ඔබ මුලින්ම ඔබගේ හැකියාව හඳුනා ගන්න. ඔබට මුදල් ඉපයීම සඳහා ඇති සම්පත් ගැන හිතන්න. ඔබගේ නිර්මාණාත්මක කුසලතාව හා හැකියාව තුළින් පුංචි ව්‍යාපාරයක් ආරම්භ කරන්න. උදාහරණයක් ලෙස ඔබ පුංචි බිමක් ඇත්නම් ඒ බිමේ පෝච්චි 20ක නයි මිරිස් වගාවක් ආරම්භ කරන්න. ලෝකයේ හොඳම ඉල්ලුමක් ඇති ඉස්කොච් බෝනට් වැනි නයි මිරිස් වගාවක් කළොත් ඔබට එයින් හොඳ මුදලක් උපයාගන්න හැකියාව තිබෙනවා. මෙලෙස වගා කරන ඔබගේ පලදාව විකුණා ගැනීම සඳහා online ක්‍රමයට whatsapp කණ්ඩායමකට එකතු වෙන්න පුළුවන්. එයින් ඔබට වගාවේදී ඇතිවන ගැටලු සඳහා විසඳුම්, උපදෙස් හා සහයෝගය ලබා ගන්න හරිම පහසුයි.
උපදෙස්
වරලත් ගණකාධිකාරී
ගයාන් කරුණාරත්න
ටොයෝටා ලංකා පුද්ගලික සමාගමේ මූල්‍ය කළමනාකරණ ප්‍රධානී