වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ඔබේ කෝවිඩ් පෞරුෂත්වය ගැන දන්නවද ?
"අපෝ එයා හරිම කටකාරයි"
“ එයා කිව්ව දේ කරන කෙනෙක්."මේ වගේ එක් එක් පුද්ගලයන් ගැන අපට මොනතරම් දේ අහන්න ලැබෙනවද? දැන් නම් මේ ඔක්කොම කතා පරදවමින් අපට අසන්න, දකින්න ලැබෙන්නේ නව කොරෝනා වෛරසය ගැන පැතිරෙන කතා පුවත්ය.
නව කොරෝනා වෛරසයට දක්වන ප්‍රතිචාර අනුවත් අපට කෙනකුගේ පෞරුෂත්වය ගැන අපූරු අනාවැකි කියන්න පුළුවන්. ඒකට වැඩි වෙහෙසක් දරන්න ඕන වෙන්නෙ නැහැ. මූණ බැලුවම ඇති.
බලන්න මේ කාන්තාවන් හතර දෙනා දිහා. මෙයාලගෙ කෝවිඩ් - 19 පෞරුෂත්වය ගැන පහසුවෙන්ම කියන්න පුළුවන්. පිරිමි පක්ෂයටත් මේ පෞරුෂත්වය පොදුයි.
*පළමු වැනි කාන්තාව මුව ආවරණ පලඳලා. එයා සෞඛ්‍ය නීති අකුරට පිළිපදින්නෙක්. නීරෝගිකම අගය කරන්නෙක්. නීතිගරුක යහපත් පුරවැසියෙක්.
* තවත් අය මුව ආවරණ පලඳීනවා. ඒත් මුව කියන්නේ මුඛය නැත්නම් කට කියලා සිතලාදෝ මුව ආවරණය පලඳීන්නේ කට වැසෙන්න පමණයි. මේ අයට හරි සෞඛ්‍ය දැනුමක් නැහැ. සෞඛ්‍ය බලධාරීන් පවසන දේ නිවැරැදිව වටහා ගෙන නැහැ. නැත්නම් වටහා ගැනීමට තරම් නුවණක් නැහැ. දෙවැනි කාන්තාව ඒ වගෙයි. මේ වගේ අයට නව කොරෝනා වෛරසයෙන් ගැලවීමක් නම් නැහැ.
* තුන්වැනි කාන්තාව පොලිසිය දකින විට හෙල්මටය අතට ගන්න පිරිමි පාර්ශ්වය වගෙයි. අමෙරිකානු විද්‍යාඥයකු මේ පෞරුෂත්වය විග්රහ කරන්නේ විජ්ජාවන් ගැන විශ්වාස කරන කෙනෙක් විදියටයි. මෙවැනි අය නිසි සුව දැනුමක් නැති අයයි. තමනුත් රවටා ගන්න ලෝකයත් රවටන අයයි.
*හතරවැනි කාන්තාව මුව ආවරණ පලඳීන්නේ නැහැ. මේ අය තමන්ටත් සමාජයටත් පිළිලයක්.
රූ රටා - සමන්ශ්රීකාන්ත
2020/10/28 තරුණි පුවත්පත බලන්න.