වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ඔබ නොදත් හීල් බතේ ගුණ
අද වගේ ශීතකරණ නොතිබුණු අතීතයේදී රාත්‍රියේ ඉතිරි වුණ බත්, උයන මුට්ටියේම තැබීමෙන් පසුව පහුවදා උදේ රත් නොකරම ආහාරයට ගත්තා.”හීල් බත් ” යනුවෙන් හැඳින්වූ මේ ගැන වැඩිහිටි පරම්පරාව දැන සිටියත් අද දවසේ තරුණ කණ්ඩායම්වලට නම් ඒ ගැන ලොකු අත්දැකීමක් නැහැ. රාත්‍රියට පිසින බත මේ අන්දමින් පසුවදාට ප්‍රයෝජනයට ගැනීම නිසා යම් ආකාරයක පිරිමැස්මක් ඇති වුණා. පාසල් යන දරුවන්ගේ උදේ ආහාරයත් හීල්බත්. ඒ නිසා අද වගේ දරුවන් නිරාහාරව පාසලට ගියෙත් නැහැ. රාත්‍රි ඉතුරු බත් නිසා අම්මාටත් පහසුයි. බත් අපතේ ගියෙත් නැහැ. ඒ වගේම බත පිසින්නට භාවිතා කරන ඉන්ධනත් පිරිමසා ගැනීමට හැකියාවක් ලැබුණා. අද දවසේදී රාත්‍රි පිසින බත් ඉතුරු වුණත් ඒවා නැවත රත් කිරීමෙන් ආහාරයට ගන්නා නිසා එය ”හීල් බත් ” යනුවෙන් හඳුන්වන්න බැහැ. හීල්බත බොහොම ගුණදායක බැව් සමහර විට ඔබ නොදන්නවා ඇති. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව හීල් බත වාත, පිත, කප කියන තුන්දොසම සමනය කරන ආහාරයක්.
විටමින් බහුලයි
රාත්‍රි පිසින බත ශීතකරණයක නො තැබීම නිසා පරිසරයේ සිටින යීස්ට් ඇතුළු හිතකර ක්ෂුද්‍ර ජීවින් බතේ උපස්ථරය මත ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ ක්‍රියාකාරීත්වය පමණට වඩා සිදු වුණොත් බත පිළුණු වුණා යැයි කියනවා.
හිතකර අන්දමට ක්ෂුද්‍ර ජීවි ක්‍රියාවලියට පත්ව බත පැසීමට ලක් වුණාම විටමින් B සහ විටමින් C සාන්ද්‍රණය ඉහළ යෑම නිසා ඔබට ඉතාම පහසුවෙන් පෝෂණීය ආහාරයක් ලබා ගැනීමට පුළුවනි. මේ පැසීමේ ක්‍රියාවලිය නිසාම ප්‍රෝටීන් සාන්ද්‍රණය ඉහළ යෑමත් සමඟ ජීරණ හැකියාව තව දුරටත් ඉහළ නැංවීම සිදු කරනවා.
සත්ත්ව ආහාරවලටත් විටමින් 12 ලැබෙන්නේ මේ විදිහටයි.
සත්ත්ව ආහාර මත මේ විදිහට හිතකර ක්ෂුද්‍ර ජීවින්ගේ ක්‍රියාකාරීත්වය සිදු වෙන නිසාම විටමින් බී 12 උපයා ගැනීම පහසුයි. දැන් ඔබට හිතෙන්නේ මොකක්ද..? මස් මාංශ ආහාරයට නොගන්නා අයටත් හීල් බත් හොඳයි කියන අදහස හිතට ආවා නම් ඔන්න ඔබත් නිවැරැදියි. ඒ නිසා මස් මාංශ ආහාරයට නොගන්නා අයට හීල්බතින් මනා පෝෂණයක් ලබා ගැනීමට පුළුවනි.
අනවශ්‍ය මේද ගබඩා වීම..
හීල්බත් ආහාරයට ගැනීමේදී සකස් කර ගන්නේ පොල් සම්බෝලයක්…ඊටත් අතිරේක ලෙසින් කරවල කෑල්ලක් එකතු කරගන්නවා. මේ ආහාරවලින් සිරුරට අහිතකර විදිහට මේද ගබඩා වීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් අද බොහෝ දෙනෙක් රාත්‍රියේ ඉතිරිවෙන බත ශීතකරණයේ තබා රත් කරගෙන එය නැවත තෙම්පරාදු කිරීම විතරක් නොවෙයි, තවත් රසකාරකත් එකතු කරන නිසා හීල්බතකින් ලැබෙන පෝෂණය ඔවුන්ට අහිමි වී තිබෙනවා.
බඩගින්න වැඩි වෙනවා..
හීල් බත ආහාරයට ගැනීම නිසා ”ජටරාග්නිය ” හෙවත් බඩගින්න වැඩි වෙනවා. අපි උදේට රොටී, පිට්ටු වැනි ආහාර ගැනීම නිසා බඩ පිරුණු ගතියක් ඇති වුණත් හීල් බත ආහාරයට ගැනීමෙන් සප්ත ධාතුවම සමතුලිතව පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා. හීල් බතේ ඇති හිතකර බැක්ටීරියා නිසා හොඳින් පෝෂණය අවශෝෂණය කරගත හැකි පරිදි ජීරණ මාර්ගයත් සූදානම් කරනවා. අතීතයේදී නිරෝගී සහ ශක්තිමත් පුද්ගලයන් බිහි වීමේ රහසත් මෙය වෙන්නැති.
මානසික සුවයටත්..
අද බොහෝ දෙනෙකුට මානසික සෞඛ්‍ය පිළිබඳ ගැටලු බොහොමයි. භෞතික සැප සම්පත් කොතරම් තිබුණත් මානසික සුවතාවය නැත්නම් ඒ ජීවිතය සමබල නැහැ.ඉතින් ඔබ නොදන්න රහසක් හිල් බතෙන් ලැබෙනවා. හීල්බත්වල අන්තර්ගත විටිමින් ”බී ” නිසාම ඔබේ මානසික සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනීමට යම් ආකාරයක පහසුවක් ලැබෙනවා. විටමින් ”බී ” ඌනතාවය නිසා ඔබට යම් උදාසීනතාවයක් ඇති වෙන්න පුළුවනි. බොහෝ විට මේ කම්මැලි ගතිය ඇති වෙන්නේ විටමින් ”බී “ඌනතාවය නිසා බව ඔබටත් තේරුම් ගන්න අපහසුයි. නමුත් මේ හිස්තැන ඉතාම හොඳින් දියබත් ආහාරයට ගැනීමෙන් සපුරා ගන්න පුළුවන් බවත් අමතක කරන්න එපා.
දියබත්
අද කාලයේ ගැස්ට්‍රයිටිස් විදිහට හැඳින්වෙන රෝග තත්ත්වය එදත් අඩු වැඩි වශයෙන් සමාජයේ තිබුණා.බොහෝ විට එය ඔවුන් හැඳින්වුයේ බඩේ දැවිල්ල විදිහටයි. සිරුර ගිනියම් වෙලා යැයි සිතා දියබත් ආහාරයට ගැනීමෙන් මනා සුවයක් ලබා ගැනීමට මේ අය අතීතයේදී පුරුදුව සිටියා.
ඉතින්…අද දවසේ ගැස්ට්‍රයිටිස් නැති කෙනෙක් ඉන්නවා නම් එය කිසිවෙක් නොමළ ගෙයකින් අබ මිටක් සොයනවාට සමානයි. ඒ වගේ අවස්ථාවලදී ”දියබත් ” ආහාරයට ගැනීම හොඳම ප්‍රතිකාරය ලෙසින් සැලකුණා.
දියබත් සාදා ගන්නේ මෙහෙමයි
රාත්‍රියේ මුට්ටියේ ඉතිරි වෙන බත් දංකුඩයට වතුර ටිකක් දමා රැය පුරා තබනවා. බොහෝ විට මෙය මැටි මුට්ටියක් වුණා. පසුදිනට මේ බත් ටික සූරාගෙන භාජනයකට දමා එයට පොල් කිරි එකතු කරනවා. රතුලූනූ, අමුමිරිස් සහ දෙහි ඇඹුල් ස්වල්පයක් දමා දියබත් ආහාරයට ගන්නවා. ඉතින් අදටත් දියබත් ගැස්ට්‍රයිටිස් ඇති අයට බොහොම සුවදායකයි. එය ආහාරයට ගෙන බැලීමෙන්ම ඔබට තේරුම් ගන්න පුළුවනි.
ඒ වගේම අද මඳ සරු බව ලොකු ගැටලුවක් බවට පත්ව තිබෙනවා. ඒ වෙනුවෙන් ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයේම හේතු බලපානවා. කාන්තාවන්ගේ උෂ්ණාධික බව නිසා ශුක්‍රාණුවල ජීව කාලය ඉක්මනින්ම නැති වෙනවා.
ඒ වගේම පුරුෂ සිරුරේ අධික උණුහුම නිසාත් ශුක්‍රාණු ගිණුම වගේම සක්‍රීිය ප්‍රතිශතය පවත්වා ගැනීම පිලිබද ගැටලු ඇති වෙනවා.
දියබත්වල ඇති සිරුර නිවන ගුණය නිසා කාන්තා සිරුරේදී ශුක්‍රාණුවක ජීව කාලය වැඩියෙන් පවත්වා ගැනීමට හැකි වෙනවා. ඒ වගේම සිසිල්බව නිසා පුරුෂ ශුක්‍රාණු සම්බන්ධව ඇති ගැටලුවලටත් විසඳුම් ලැබෙන නිසා දියබතෙන් ලැබෙන වාසි මඟ හරින්න එපා.
උපදෙස්
පාරම්පරික අායුර්වේද වෛද්‍ය
රුක්ෂි ජයතිස්ස