හැඩැති සිරුරකින් රැකෙන මාංස කල්‍යාණය

මැයි 29, 2023

 

නිරෝගීමත් ජීවිතයක් ගත කිරීමට උසට සරිලන බරක් පවත්වා ගැනීම වැදගත් වේ. ඔබත් තරබාරු අයෙක් ද? මේ බව ඔබටම ගණනය කරගත හැකියි. ඒ ශරීර ස්කන්ධ දර්ශකය (bodmas index) භාවිත කිරීමෙනි.

 

ශරීර ස්කන්ධය ගණනය කරන අයුරු

ඔබේ බර කිලෝග්‍රෑම් වලින් මැන ගන්න. ඔබේ උස සෙන්ටිමීටර්වලින් මැනගෙන එය ආසන්න මීටරයට ගණනය කර පසුව ලැබෙන පිළිතුර එම ගණනින් වැඩි කරගන්න. සියලු දත්ත පහත සඳහන් සූත්‍රයට ආදේශ කර ශරීර ස්කන්ධ දර්ශකය ලබා ගන්න.

 

උකුළේ වට ප්‍රමාණය

උකුළේ වට ප්‍රමාණය ක්‍රමානුකූල ක්‍රමවේදයකට අනුව ගණනය කර බලා ඔබ තරබාරු පුද්ගලයෙක් ද නැද්ද යන්න ඔබටම දැනගත හැකියි. මෙම ගණනය කිරීම අවසානයේ දී ඔබට ලැබෙන පිළිතුර අනුව ඔබගේ සිරුර ඇපල් හැඩයෙන් යුක්ත නම් ඔබ ඔබ තරබාරු බවින් යුතු අයෙකි. පෙයාර්ස් හැඩැති සිරුරක් පවතියි නම් ඔබ නිරෝගී පුද්ගලයෙකි.

එය ගණනය කරන අයුරු

නාභිය හරහා උදරයේ වටා ප්‍රමාණය සෙන්ටි මීටර් වලින් මැන ගන්න. පසුව තට්ටම්වල පළලම ප්‍රදේශය හරහා උකුළේ වටා ප්‍රමාණය ද සෙන්ටිමීටර්වලින් මැන ගන්න. උදරය හෙවත් ඉණේ වට ප්‍රමාණය හා උකුළේ වට ප්‍රමාණය ඉහත සඳහන් සඳහන් සූත්‍රයට ආදේශ කරගන්න.

 

ඉණේ වට ප්‍රමාණය

 

උකුළේ වට ප්‍රමාණය

 

ඔබ කාන්තාවක් නම් ඔබට එන අගය 0.8වැඩි නම් ඔබේ සිරුරේ හැඩය ඇපල් හැඩැතිවන නිසා ඔබ තරබාරු තැනැත්තියකි. ඔබට එන අගය 0.8 ට වඩා අඩු නම් ඔබේ සිරුරේ හැඩය පෙයාර්ස් හැඩැති නිසා ඔබ නීරෝගිමත් තැනැත්තියකි.

ඔබ පිරිමි අයකු නම් ඔබට එන අගය 0.9 ට වැඩි නම් ඔබගේ සිරුරේ හැඩය ඇපල් හැඩැති නිසා ඔබ තරබාරු පුද්ගලයකු වේ. ඔබට එන එන අගය 0.8 වඩා අඩු නම් ඔබේ සිරුරේ හැඩය පෙයාර්ස් හැඩැති වනනිසා ඔබ නීරෝගිමත් පුද්ගලයෙකු වේ.

පිරිමින්ට ආවේණික වූ ස්ථූලතාව

* විශාල උදරයක් සහිත වීම

* තට්ටම් හා කලවා ප්‍රදේශය කුඩාවීම

කාන්තාවන්ට ආවේණික වූ ස්ථූලතාවය

* සාමාන්‍ය උදරයක් සහිත වීම

* තට්ටම් හා කලවා ප්‍රදේශ විශාල වීම

ආහාර ක්‍රම, විහරණ ක්‍රම, ඖෂධ ඔස්සේ අධික තරබාරු බවට විසඳුම් සොයා ගත හැකියි.

 

ආහාර ක්‍රම

ආහාර ක්‍රම යනු අපත්‍ය වූ ආහාර පාන නොගෙන පථ්‍ය ආහාර පාන ගැනීමයි. මෙහිදී අධික කැලරි ප්‍රමාණයක් අඩංගු ආහාර පිෂ්ටය හා මේද බහුල ආහාර, පැණි රස ආහාර මේදය ආහාර නොගත යුතුය. බාර්ලි, කොල්ලු, තෝර පරිප්පු ආදිය, සියඹලා, කරපිංචා, ගොරකා, සුදුලූනු, රතුලූනු යහමින් මිශ්‍ර කර සකස් කළ ආහාර ගත යුතුය. අසමෝදගම්, සලාද, මුරුංගා කොළ, පලා වර්ග, අබ, කුරක්කන්, නිවුඩු සහල් සහ අමු ගස්ලබු තම්බා ආහාරයට ගැනීමෙන් තරබාරුව නැසේ.

 

විහරණ ක්‍රම

විහරණ ක්‍රම ලෙස විශේෂයෙන්ම ව්‍යායාම කිරීම අවශ්‍ය වන අතර ඒ සඳහා ශරීරය වෙහෙසවන වැඩ පුරුදු පුහුණු කළ ක්‍රමයකට අනුව ව්‍යායාම කළ හැකියි. මෙහිදී යෝග ව්‍යායාම බොහෝ ඵලදායි වේ. දහවල් නිදා ගැනීම නොකළ යුතුය. නිදාගැනීමට ලෑලි ඇඳක් භාවිත කිරීම සුදුසු ය. ලෑල්ලක නිදාගැනීමෙන් තර වූ මේද බහුල මාංස පේශි තෙරපී යෑමෙන් මේදය අඩු වේ.

 

ඖෂධ ලෙස

විශේෂ වූ ආයුර්වේද ඖෂධ රාශියක්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සතුය. මෙහිදී තරබාරු පුද්ගලයාට අභ්‍යන්තරව ඖෂධ යෙදීමට අමතරව බාහිර වශයෙන් ශරීරය පුරාම තෙල් ගල්වා ඖෂධීය වාෂ්ප ශ්වේද ප්‍රතිකාර (steam bath) මඟින් ශරීරයෙන් දහදිය ගැලීමට සැලැස්වීමෙන් ශරීර අභ්‍යන්තරයෙහි රැඳී මේදය හා සියලු විස අපද්‍රව්‍ය දහදිය මඟින් ඉවත් වේ.

 

** රසකිඳ

කලාදුරු අල

අරළු

බුළු

නෙල්ලි

ඉහත ඖෂධ පහත සඳහන් ක්‍රමවේදයන්ට අනුව භාවිත කළ හැකියි.

* කලං 1 යි මදටිය 8 බැගින් ගෙන වතුර පත 1/8 කට සිඳ උදේ සවස පත භාගය බැගින් මී පැණි මිශ්‍ර කර පානය

* සියලු ඖෂධ සමව ගෙන තම්බා මී පැණි මිශ්‍රකර උදේ සවස පානය කිරීම

* සියලු ඖෂධ කුඩු වශයෙන් සකස්කර එයින් කුඩු තේ හැඳි 2 ක් උණුවතුර අඬු කෝප්ප භාගයකට දමා වසා තබා පෙරා උදේ සවස පානය

** බෙලිමුල්

මිදී මුල්

තොටිල මුල්

පලොල් මුල්

ඇත්දෙමට මුල්

ඉහත සඳහන් ක්‍රමවේදය අනුවම පානය කිරීම

** සිහින් මිදි මුල් යුෂ මී පැණි මිශ්‍රකර පානය හෝ සිහින් මිදි මුල් තම්බා මී පැණි මිශ්‍රකර උදේ සවස පානය කිරීම.

** විඩංගාදී චූර්ණය මී පැණි සමඟ මිශ්‍රකර තේ හැඳි එකක ප්‍රමාණය උදය සවස කෑම

** මේදහර ක්වාථය උදේ සවස තේ හැඳි දෙක බැගින් පානය.

** මී පැණි බිංදු කිහිපයක් උණු වතුරට දමා හිස්බඩ පානය

** පාවට්ටා දලු යුෂ මේස හැඳි දෙකක් හිස්බඩ පානය

** වද කහ තේ හැදි භාගයක් ඇල් දියට දමා හිස්බඩ පානය

** උණුවතුර පානය හා නෑම

 

 

උපදෙස්

ආයුර්වේද හා හෝමියෝපති රූපලාවණ්‍ය

වෛද්‍ය ආචාර්ය

මහේෂ් අතුරලිය