වර්ෂ 2025 ක්වූ February 03 වැනිදා Monday
Doctor Door
නහර ගැටගැසීමේ රෝගයෙන් පීඩා
ප්‍රශ්නය
මම 42 හැවිරිදි කාන්තාවක්. මාගේ කකුල්වල දණහිසෙන් පහළ කොටසේ නහර උඩට ඉලිප්පී ඇත. එය නහර ගැටගැසෙන තත්ත්වයක් සේ පෙනෙයි. එයින් කිසිදු වේදනාවක් නැතත් එහි පෙනුම නිසා අපහසුතාවකට පත් වේ. මෙයට කළ හැකි යමක් තිබේද?
පිළිතුර
දණහිසට පහළින් ඇතිවන මේ නහර ගැට ගැසීමේ තත්ත්වය Varicose යනුවෙන් හඳුන්වයි. එයට ප්‍රතිකාර කිහිපයක්ම තියෙනවා. සාමාන්‍යයෙන් මේ තත්ත්වය ඔබ පීඩාකාරි නොවන්නේ නම් නිවෙසේදී කළ හැකි ප්‍රතිකාර තිබෙනවා. වැඩි වෙලාවක් ඉඳගෙන ඉන්න කෙනෙක් නම් නිතර එකම ඉරියව්වෙන් නොසිට ඇවිදින්න. නැත්නම් වෙනත් ඉරියව්වකට පැමිණෙන්න. ව්‍යායාම කිරීමෙනුත් මේ තත්ත්වය අඩුකර ගත හැකියි.
ඊට අමතරව මේ සඳහා ඇති බැන්ඩේජ් සහ මේස් දැමීමෙනුත් යම්කිසි සුවයක් ලබා ගත හැකියි. ෆාමසිවලින් ඒවා මිලදී ගත හැකිය. ඒ වගේ සෑම කාර්යබහුල කාලයකට පසුවම කකුල ටිකක් උසකින් තබාගෙන සිටින්න. ඇඳක හාන්සි වී සිටීම වඩාත් සුදුසුයි. ඒ වගේම ඔබ ශරීරයෙන් මහත කෙනෙක් නම් ශරීර බර අඩු කර ගන්න උත්සාහ ගන්න. තරබාරු අය මෙම රෝගයට ගොදුරු වීමේ අවධානම වැඩියි.
මේ දේවල්වලින් සුවයක් නැතිනම් වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබාගත හැකියි. වෛද්‍යවරයාගේ නිර්දේශ මත ලබාදෙන එන්නත් ප්‍රතිකාරයෙන්ද සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. ඒ වගේම ශල්‍ය වෛද්‍යවරයකු වෙත ගොස් ලේසර් ප්‍රතිකාර මඟින් ද මේ තත්ත්වය අවම කර ගත හැකියි.
---------------
පාලනයකින් තොරව ත්‍රා පිට වේ
53 හැවිරිදි මා තිදරු මවකි. කැස්සක්, කිවිසුමක් යන විට මා හට ත්‍රා පිටවේ. එමෙන්ම ත්‍රා කිරීමට අවශ්‍ය වූ විට එය කිරීමට පෙර ද ත්‍රා පිට වේ. මෙය මා හට පාලනය කිරීමට අපහසුය. මේ නිසා මා දැඩි අපහසුතාවකට පත් වේ. මාගේ ගර්භාෂය පහත් වී ඇති නිසා එය ඉවත් කිරීමට සිදුවන බව වෛද්‍යවරු පවසා ඇත. මා ඊට අධික බියක් දක්වමි. මෙසේ වීමට හේතුව ගර්භාෂය පහත් වීමද?
පිළිතුර
මෙය මැදි වයස පසු කරමින් සිටින කාන්තාවන් අතර දැකිය හැකි තත්ත්වයකි. කහින විට හෝ කිවිසුම් යන විට ත්‍රා පිටවීම, ත්‍රා බර ඇතිවූ විට එය පාලනය කරගත නොහැකිවීම එහි රෝග ලක්ෂණ වේ. මේ ගැටලුවෙන් පීඩා විඳින අය දුර ගමන් යෑමට පවා මැලිකමක් දක්වන්නේ ඒ නිසාවෙනි. මේ රෝගයට හේතු කිහිපයක් බලපෑ හැකිය. දරු ප්‍රසූතිය තුළ දී එම පේශිවලට සිදු වන හානිය, ගර්භාෂය පහත් වීම, වයසට යාමත් සමඟ මෙම පේශි දුර්වල වීම, තරබාරුකම එහි ප්‍රධානතම හේතු ය. ත්‍රා පරීක්ෂණයක්, ස්කෑන් පරීක්ෂණයක්, යෝනි හා උදර පරීක්ෂණයක්, ත්‍රා මාර්ගය සම්බන්ධයෙන් ඇති විශේෂ පරීක්ෂණ (Urodynamic) කිරීමෙන් ඔබට ඇති රෝගී තත්ත්වය පහසුවෙන් හඳුනාගත හැකි වේ.
මෙම තත්ත්වය විවිධ ශල්‍යකර්ම මඟින් සුව කළ හැකිය. ගර්භාෂයේ පේශි දුර්වල වීමක් නම් ඒ ආශ්‍රිතව කළ හැකි ව්‍යායාම කිරීමෙන් ද ප්‍රතිඵල ලබා ගත හැකිය.
----------------
තොලෙහි අසාමාන්‍ය බිබිළි
මා පාසල් සිසුවියකි. මාගේ තොල් සහ විදුරුමස අවට නිතර රතු පැහැයට හුරු බිබිළි හට ගනියි. උෂ්ණ බිබිළිවලට සමාන මේ බිබිළි පිපිරුණු විට කෑම ගැනීමට පවා අපහසුය. වරක් මා වෛද්‍ය ප්‍රතිකාර ගතිමි. එහෙත් නිට්ටාවට සුව නොවුණි. මෙයට ප්‍රතිකාරයක් තිබේද?
පිළිතුර
බොහෝ වෙලාවට මඳ උණුසුම් ජලයෙන් මේ බිබිළි සහිත ප්‍රදේශය සෝදා දැමීමෙන් යම් කිසි සුවයක් ලබා ගත හැකියි. එහිදී උණු වතුරට ලුණු බිංදු කිහිපයක් එකතු කර උගුර කට සේදීම කළ යුතුයි. ඔබ ලබා ගන්නා ආහාර වර්ගද මෙවැනි බිබිළි ඇති වීමට හේතුවක් විය හැකිය. අධික මිරිස් අඩංගු ආහාර වගේම දැල්ලන් ඉස්සන් වැනි උෂ්ණාධික ආහාරද ඔබට එතරම් සුදුසු නොවේ. ඒ වගේම දිනකට දෙවරක් හෝ තුන්වරක් ඝන කෙඳි නොමැති දත් බුරුසුවකින් දත් මදින්න. කට සෝදන දියර වර්ගද භාවිත කළ හැකියි. මේ තත්ත්වයට සුවයක් ගෙනෙන බෙහෙත් වර්ග ඕනෑ තරම් තිබේ.
ඔබේ ශරීරයේ විටමින් ඌණතාවක් ඇත්නම් ඒ හේතුවෙන්ද මෙවැනි තුවාල ඇතිවිය හැකියි. එමෙන්ම ඔබ නොහිතුවත් විභාග වැනි අවස්ථාවන්හිදී ඇතිවන ආතති තත්ත්වයනුත් මෙවැනි තුවාල ඇති වීමට හේතුවක් ෙවනවා. ඒ නිසා ඔබ නිතර පාඩම් කරන කෙනෙක් නම් ඒ අතරතුර පුංචි විවේකයක් ලබාගෙන භාවනාවක් කරන්න.
----------------
ගැස්ට්‍රස් වැඩිවෙලා
ප්‍රශ්නය
මා ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පෙළෙන කාන්තාවක්. මා ඊට ප්‍රතිකාර ලබා ගනිමි. එහෙත් ආහාර ගත් විගස අධික බඩේ දැවිල්ලක් ඇති වේ. උදෑසනට වමනයට එන තත්ත්වයක්ද පවතී. මෙය මාහට දැඩි අපහසුවක් ගෙන දෙන්නකි. මෙයට නිශ්චිත ප්‍රතිකාරයක් තිබේ ද?
පිළිතුර
ගැස්ට්‍රයිටිස් රෝගයට හේතු කිහිපයක්ම බලපාන්න පුළුවන්. එකක් තමයි මේකට සම්බන්ධ බැක්ටීරියා විශේෂයක් තියෙනවා Hbylori කියලා. ඒ නිසාත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. තව තත්ත්වයක් තියෙනවා ආතරයිටීස් වැනි රෝගවලට භාවිත කරන වේදනා නාශක බෙහෙත් වර්ග. ඒවා දීර්ග කාලීනව පාවිච්චි කළාමත් ගැස්ට්‍රයිටීස් වැනි රෝග එනවා. ඊළඟට තියෙනවා අධිකව මත්පැන් පානය කරන අයට. තවත් හේතුවක් තියනවා ආමාශයේ අන්තර් බිත්තියේ කොටසක් හර්නියා මෙන් උඩට ඒම. ඒ තුළින් ඇසිඩ් වර්ග ආමාශයෙන් උඩට එන්න බලනවා. සාමාන්‍යයෙන් උඩට ඇසිඩ් වර්ග එන්නේ නැහැ. තව හේතුවක් තමයි ඕනෑම රෝගයකට හිතෙන් වන බලපෑම. ආතතිය තියෙන වෙලාවට ඒ කියන්නේ විභාගයකට යන්න සූදානම් වන විට එහෙමත් නැත්තම් දරුවන්ගේ ප්‍රශ්නයකදී ගැටලුකාරී තත්ත්වයකට මුහුණපාන විටත් උදරයේ ඇසිඩ් වර්ග නිපදවීම නිරායාසයෙන්ම වැඩි වෙනවා. ඉතින් මේ කුමන හෝතුවකට හෝ ගැස්ට්‍රයිටීස් රෝගය දිගු කාලිනව පවතිනවා නම් endoscopy පරීක්ෂණය කර බැලිය යුතුය. එහිදී ඉතාම සියුම් කැමරාවක් ආමාශය වෙත යවා තුවාල සහ එහි ස්වභාවය වටහාගන්න පුළුවන්. ඒ තුළින් පිළිකා තත්ත්ව පවා හඳුනාගත හැකිය. මේ පරීක්ෂණය කිරීමෙන් පසුව ඔබට ඒ සඳහා සුදුසු ප්‍රතිකාර ඇරඹිය හැකිය. ඒ වගේම අමාශයේ ඇසිඩ් වහනය වීම අවම කරන බෙහෙත් වර්ග ද තිබේ. මේ රෝගී තත්ත්වයෙන් පෙෙළන අය සැර කෑම වර්ග, අච්චාරු ආහාරයට ගැනීම සුදුසු නොවේ. ඒ වගේම නියමිත වේලාවට ආහාර ගැනීමත් වේලාවටම කළ යුතුය.
ඔබේ ගැටලුව අපට එවන්න
හැම කෙනෙක්ටම තියෙන ලොකුම සතුට ලොකුම සැනසීම තමයි නීරෝගිකම. ඒත් මේ ජීවිත ගමනේදී එක් එක් අවධි පසු කරමින් යන විට දී විවිධාකාර වූ රෝගවලට මුහුණපාන්නට සිදුවීම අප කාටත් පොදු දෙයක්. මේ රෝග ඇති වෙන්නෙත් පෙර දැනුම් දීමකින් නොවේ. ඉතින් විවිධාකාර වූ රෝගවලින් පීඩා විඳිමින් නිසි විසඳුමක් සොයා ගත නොහැකිව පීඩා විඳින්නන් බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි රෝගවලට විසඳුම් ලබා දෙන්න මඟ පෙන්වන්නකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. ඔබ පීඩා විඳින කායික රෝගවලට විසඳුම් ගෙන එන්නට තරුණී නිරතුරුවම සූදානම්. ලියන්න ඔබේ ගැටලුව.
අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්,
කොළඹ - 10. එසේත් නැත්නම් ඔබගේ ගැටලුව
0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.
උපදෙස් -
කායික රෝග විශේෂඥ වෛද්‍ය
එච්. ඩී. විජේසිංහ