වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
සියයට 90ක්ම අනපේක්ෂිත විෂවීම්වලට ලක් වන්නේ දරුවන්
විවිධ විෂවීම් නිසා අදවන විට වස විෂ අපේ රටේ ප්‍රබල ගැටලුවක් වී තිබේ. ඒ නිසාම ලංකාව විෂවීම් බහුල රටක් බව හෙළි වී තිබේ.
විෂ ශරීරගත වීම හේතුවෙන් රෝහල්ගතවන සංඛ්‍යාව ද ඉහළ අගයක් ගෙන ඇත. ඒ අතුරින් බොහෝ පිරිස් සංකූලතාවලින් පීඩා විඳින අතර තවත් පිරිසක් මරණයට ද පත්වන්නේ ඛේදජනක අන්දමිනි.
2000 වසරේදී 50,000ක් පමණ විෂවීම් නිසා රෝහල්ගත වී ඇති අතර අද එය 80,000 දක්වා වර්ධනය වී තිබේ. මින් සියයට 70ක් පමණ ඇත්තේ සිතාමතා විෂ පානය කිරීම්ය. ඉතිරි සියයට 30 නොදැනුවත්කම නිසා විෂ ශරීරගත වූවන් ය.
නැතහොත් අනපේක්ෂිත විෂවීම්ය. මීට වසර ගණනාවකට පෙර විෂවීම් වාර්තා වූයේ කෘෂිකාර්මික වටපිටාව ආශ්‍රිතවයි. අදවන විට වැඩිපුරම වාර්තාවන්නේ ගෘහ ආශ්‍රිත විෂවීම් ය. නැතහොත් නිවෙසේ එදිනෙදා භාවිත කරන දේවල් නිසාවන විෂවීම්ය.
ඖෂධ නිසා වන විෂවීම් ද බහුලය.
අනපේක්ෂිත ලෙස විෂ ශරීරගත වීම් වැඩිපුරම සිදුවන්නේ කුඩා දරුවන්ටයි.
* වසර 1කට අඩු දරුවන් සියයට 4ක්
* වයස අවුරුදු 1ත් අවුරුදු 3ත්
අතර දරුවන් සියයට 46ක් *
වයස අවුරුදු 4ත් 14ත් අතර
දරුවන් සියයට 35ක්
වසරක් පාසා විෂ ශරීරගතවූවන් බවට පත්වේ.
දරුවන් යනු මාපිය රැකවරණය යටතේ සිටින්නන්ය. ඔවුන්ව රැකබලා ගැනීමේ යුතුකම ඇත්තේ වැඩිහිටියන් අතය.
නිවෙසේ දී විෂවීම් වැඩිවන්නේ නොදැනුවත්කමට වඩා නොසැලකිලිමත්කම නිසායි.
*නානකාමරයේදී, වැසිකිළියේදී සේදුම්කාරක කුඩු, ෂැම්පු, කන්ඩිෂනර්, ටොයිලට් ක්ලීනර් යනු විෂකාරක දෑය.
* මුළුතැන්ගෙයිදී කැරපොත්තන්, මැස්සන්, මදුරුවන් පලවා හරින්නට විෂ රසායනික දෑ යොදා ගනියි.
* ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍යවල අඩංගු බැටරි නිවෙස පුරාම තිබේ. දරුවන්ගේ සෙල්ලම් බඩුවල පවා බැටරි කෑලි තිබේ.
* නිවෙසේ සිටින සාමාජිකයින් භාවිත කරන ඖෂධ නිසියාකාරව ගබඩාකර තිබේද?
වැඩිහිටියන් භාවිත කරන ඖෂධ දරුවන් කටේ දමා ගැනීම නිසා වන රෝහල්ගත කිරීම් ඉතා බහුලයි.
දරුවන් සිටින ඔබේ නිවෙස කෙතරම් ආරක්ෂාකාරි එකක්දැයි ඔබම සිතා බලන්න.
දරුවන්ට හිතකාමී ලෙස ආරක්ෂාකාරී ලෙස නිවෙස පවත්වා ගැනීම අදවන විට අත්‍යවශ්‍ය කරුණකි.
මීට අමතරව නිවෙසේ එක් අයෙකුට දෙන ඖෂධයක් තවත් අයෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව දීම, වැඩි කාලයක් වැඩි මාත්‍රාවන්ගෙන් ලබා දීමෙන් ද විෂවීමක් සිදු විය හැකියි.
දරුවන් අතර වැඩි මාත්‍රාවන්ගෙන්, වැඩි කාලයක් දීම නිසා වැඩිපුරම විෂවන්නේ පැරසිටමෝල් ය. හිතුමනාපෙට පැරසිටමෝල් යන ඖෂධය පවා දීමේ භයානකකම වැටහෙනවා ඇති.
ආහාර ගබඩා කරන බෝතල්, අසුරන ආදියේ පෙට්‍රල්, ඇසිඩ් වර්ග... ආදී විෂ රසායන වර්ග ගබඩා කිරීම නිසා ද අනපේක්ෂිත විෂ ශරීරගතවීම් සිදු වේ.
නිවෙසේ ඇති මේ ද්‍රව්‍ය කුඩා ළමුන්ට ළඟා විය නොහැකි ස්ථානවල සුරක්ෂිතව ගබඩා කළ යුතු වේ.
නිවෙස අභ්‍යන්තරයේ අලංකරණය පිණිස තබන හබරල කාණ්ඩයේ විසිතුරු පැළ විෂ සහිත වේ. යම් හෙයකින් දරුවා එය ආහාරයට ගතහොත් විෂ සහිත වේ.
මදුරු කොයිල්, සැනිටයිසර්, ටිනර් නිවෙසේ ඇති වස විෂ ඇති දෑය.
නිවෙසේ තැන තැන දමා ඇති බැටරි ඊයම්, ලෙඩ්, තඹවලින් යුතු ඒවායි. මේවා කටේ දමා ගැනීම නිසා දරුවන් මරුමුවට පවා පත්වූ අවස්ථා තිබේ.
මීට අමතරව සුදු වීමට භාවිත කරන වයිට්නිං ක්‍රීම් ද කිසිවෙක් නොසිතූ පරිදි විෂ වේ. මේවාහි රසදිය වැනි බැරලෝහ නිසා සුදු වේ. එයම විෂසහිත වේ. මේ බැරලෝහ, විරංජනකාරක පිළිකා සහිත වේ. මෙහි අඩංගු ස්ටොරයිඩ නිසා සම තුනීවේ. මුල් කාලයේ සුදුවුවත් ඉක්මනින් රැළි වැටෙන්නට පටන් ගනියි. වයසට යෑම ඉක්මන් වේ.
නොදන්නා මත්ස්‍ය, මාංස වර්ග ආහාරයට ගැනීම, ජෙලි ෆිෂ් වැනි සතුන් අල්ලන්නට යෑම විෂසහිත වේ.
කෙටිකාලීනව ප්‍රතිඵල අත් විඳින විෂවීම් මෙන්ම දිගුකාලීනව පල විපාක ගෙනදෙන විෂවීම් ද තිබේ.
උපදෙස් :
කොළඹ ජාතික රෝහලේ විෂ තොරතුරු ඒකකයේ ප්‍රධානි
කායික රෝග විශේෂඥ වෛද්‍ය
රවී ජයවර්ධන