අපූර්ව මල් සැකසුම් මල් රවුමක හැඩ

ජූලි 3, 2019

වර්ණවත් බවින් අනූන මල්, නිවෙසට කැඳවන්නේ සිරියාවකි. මේ තියෙන්නේ ඩයිකට් ක්‍රමයෙන් හැඩ වූ එවැනි මල් රවුමක්. මෙම නිර්මාණය බිත්ති සැරසිල්ලක් ලෙසින් වගේම නිවෙසෙහි ප්‍රධාන දොරෙහි අලංකාර ලෙස රඳවන්නත් හරිම අපූරුයි.

අවශ්‍ය ද්‍රව්‍ය

 

ක්‍රීම්, ළා දම්, තද දම් සහ කොළ A4 බෝඩ්

ගම්

මල් කොළ ඩයිකට්

කහ පබළු

නිර්මාණය කිරීම

පළමුව මල් සහ කොළ ඩයිකට් තබා මල්පෙති සහ කොළ කපා ගන්න. ඉන්පසු ලොකු මල් පෙත්ත උඩට පිළිවෙළින් මල් පෙති තබා අලවා ගන්න. එහි උඩට කහ පබළුව බැගින් අලවන්න. ඒ ආකාරයට තද දම් සහ ළා දම් මල් සකස් කරන්න. දැන් ක්‍රීම් බෝඩ් එකගෙන මල් ඩයිකට් තබා ක්‍රීම් මල් කපා ගන්න.

කොළ ද ඒ ආකාරයට කපාගත යුතුය. ඉන්පසු එලෙසින් සාදාගත් මල් සහ කොළ සුදු ඒ4 බෝඩ් එකක් මත ඡායාරූපයේ දැක්වෙන ආකාරයට තබා අලවා ගන්න.

මෙය ඔබට දොර රඳවනයක් ලෙස සාදා ගැනීමට අවශ්‍ය නම්. පළමුව ඒ4 බෝඩ් එකක් ගෙන එහි අඟල් 10 ක විෂ්කම්භය සහිත රවුමක් ඇඳ කපාගන්න. ඉන්පසු එම රවුමේ පිට සිට ඇතුළට අඟල් 2ක් ලකුණුකර නැවත රවුමක් ඇඳ එම කොටස කපා ඉවත්කර ගන්න.

දැන් එසේ සකස් කරගත් රවුම මත සාදාගත් මල් සහ කොළ තබා අලවා ගන්න. මෙය දොර මත එල්ලීම සඳහා නූලක් හෝ කොක්කක් සවිකර ගන්න.

2019/07/03 තරුණි බලන්න