පළමු උපන් දිනය අදයි

ජූලි 10, 2019

දරුවකුගේ පළමු උපන්දිනය කියන්නේ අම්මාටයි තාත්තාටයි බොහොම විශේෂිත අවස්ථාවක්.

මේ විශේෂිත අවස්ථාව මතක හිටින්න නිර්මාණය කරන ඇඳුමට, බෑගයට, තොප්පියට, ටවල් එකට ආදී සිඟිති ආයිත්තම් හැඩකරන්නට කදිම ඇප්ලික් රටා සමූහයකි මේ.

මේවා සිඟිත්තාගේ ඇඳුම්, පොරෝනා, නැප්කින්, ටවල්, ඇතිරිලි, ලේන්සු, කොට්ට උර, බෑග් ආදිය හැඩකර රටාවකට මසාගන්නයි හිත. එහෙම ලස්සනට හැඩ කරගන්නට ඔබටත් මේ මෝස්තර රටාවන් තෝරාගන්නට හැකියි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

තුඩ සිහින් ඉඳිකටු

රාමුව

මල්පීස්, පොප්ලින්, ලිනන් හෝ

වෙනත් සුදුසු රෙදි වර්ගයක්

විවිධ වර්ණ කපු කැරැලි නූල්

කතුරු සහ අවශ්‍ය අනෙකුත් දේවල්

ඇප්ලික් කිරීම සඳහා විවිධ

වර්ණ මුද්‍රිත රෙදි

 

නිර්මාණය කිරීම

මෙම මෝස්තර ඔබට කැමැති ප්‍රමාණයකට විශාලකර ඡායා පිටපත් කරගන්න. ඉන්පසුව ඩ්‍රෙස් මේකිං කාබන් කොළයක් තබා රෙදි කොටසට පිටපත්කර රාමුවට දමා තදකර මැසීම අරඹන්න. නිර්මාණ ඇතුළත පුරවා මසාගැනීමේ දී කැරැලි නූල් තනි පොට, දෙපොට හෝ තුන් පොට ලෙස නූල් ගෙන මසාගන්න.

2019/07/10 තරුණි බලන්න