නවීන විලාසිතා

ජූලි 17, 2019

විලාසිතා නිර්මාණ ශිල්පය යනු ඇඳුම් පැලඳුම්වල ස්වභාව සෞන්දර්යය ආලේපිත කලාවයි. විලාසිතා අවස්ථානුරූපීව වෙනස්වන නමුත් එය නොදැනුවත්වම අපේ මුළු ජීවිතයම හා බැඳී පවතී. ඒ නිසාමයි විලාසිතා නිර්මාණකරණය තුළ ජනාදරයට පත් පුද්ගලයන් අතර මෙතරම් කිට්ටු සම්බන්ධතාවයක් පවතින්නේ.

මෝස්තර නිර්මාණ ශිල්පය තුළින් විටින් විට පැන නගින නිතර දක්නට නොලැබෙන සුඛෝපභෝගී විලාසිතා භාවිතය මඟින් ඔවුන්ගේ ප්‍රතිරූපය පවා වෙනස් කර ගත හැකියි.

ලෝකය පුරා පැවැත්වෙන විවිධ උත්සව අවස්ථාවන් ගැන කතා කරන විට රතු පලස මත ඡායාරූපකරණය සුවිශේෂි ස්ථානයක් ගනී.

ඒ තුළින් නිර්මාණ ශිල්පියා උත්සහ කරන්නේ අදාළ ප්‍රසිද්ධ කාන්තාව තුළින් තම හැකියාව ප්‍රදර්ශනය කිරීමයි.

නවීන විලාසිතා ලෝකය තුළ අතින් නිමවන ලද මල්කම් මෙන්ම රෙදිපිළි නිර්මාණාත්මකව හසුරවමින් ද නව විලාසිතා බිහිි කළ හැකියි.

ඒ සඳහා අවශ්‍ය වන්නේ නිදහස් නිර්මාණාත්මක මනසකි. මෙවැනි විලාසිතා නිර්මාණය කිරීමට ඔබත් මෙය අත්වැලක් කර ගන්න.

අතින් නිමවන ලද මෙම විලාසිතා රතු පලස මත ඡායාරූපකරණයට මෙන්ම සැඳෑ සාද සඳහාත් උචිතයි.

 

උපදෙස්

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ

නිර්මාණකරණ උපදේශිකා

රංගිකා සායක්කාර

 

 

 

 

 

 

 

2019/07/17 තරුණි බලන්න