වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
සැමදා බැබළෙන්න ආභරණ පාවිච්චි කරන්නේ මෙහෙමයි
රුව කී සැණින් අපේ මතකයට නැඟෙන්නේ කේශ කල්යාණයේ සිට පාදාන්තය දක්වා වූ රූප කායයි. එහෙත් ලියන් සුරලියන් කරන්න සොබා උරුමයෙන් ලද රුව වගේම ඇඳුම් ආයිත්තම් ද උපකාරි වෙයි.
චාම් අබරණවලින් සැරසුණු කල ඇයගේ රුව වීනස් රුවද පරයයි. එහෙත් ඒ සඳහා පලඳින ආයිත්තම් මනා ඔපයකින් තිබිය යුතුය.
රිදී, රත්තරන්, දියමන්ති, ප්ලැටිනම් මේ කුමන දෙයකින් නිමැවුණත් ඒවා ඔපවත්ව තබා ගැනීම වැදගත්ය. එහෙත් අපේ කාන්තාවගේම වැරැදි පුරුදුවලින් ආභරණ ඉක්මනින්ම දුර්වර්ණ බවට පත් වෙයි.
දිගින් දිගටම අබරණ පැලැඳීමේදි ඒවායේ ඔපය අඩුවී යාම අස්වාභාවික නොවුණද මේ අවපැහැ ගැන්වීම හැකිතරම් අඩුකර ගැනීමට ගත හැකි පියවර ගණනාවක්ම තිබේ.
අපේ වැරැදි ක්රියාකලාපයන් අබරණ දුර්වර්ණ කිරීමට හේතුවෙන අන්දම බලන්න.
සබන් - බොහෝ දෙනෙක් ස්නානය කරන්නේ අබරණ ගත පැලඳගෙනය. විශේෂයෙන් රත්තරන්, දියමන්ති අබර කලක් සබන් සමඟ ගැටුණු විට ඒවායේ තුනී පටලයක් බැඳී දුර්වර්ණ වෙයි.
රසායන- රත්තරන් පහසුවෙන්ම වෙනත් දේවල් සමඟ ප්රතික්රියා කරන ලෝහයකි. මේවා සුරුකිව තබා ගැනීමට නම් රිදී, සින්ක් හෝ නිකල් වැනි ලෝහයක් සමඟ තබන්න. මේ සියලුම ලෝහ අප ගෙදර දොරේ භාවිත කරන සේදුම්කාරක, රූපලාවන්යට ගල්වන ආලේප සමඟ ප්රතික්රියාකර ඔපය නැතිවී අඳුරු පැහැ ගැන්වෙයි.
ක්ලෝරීන් - රත්තරන් වැනි වටිනා ලෝහවල ප්රධාන සතුරකු වන්නේ ක්ලෝරීන්ය. පයිප්ප ජලයේ ක්ලෝරීන් අඩංගු අතර දිගින් දිගට ක්ලෝරින් මිශ්රිත ජලයට නිරාවරණය වීමෙන් ලෝහය දුබලවී පහසුවෙන් කැඩීයාමට පුළුවන.
2019/07/17 තරුණි බලන්න