පොඩිත්තන්ගේ සිත සනසන අපූර්ව සැරසිල්ලක්

ඔක්තෝබර් 23, 2019

මල් වගේ ඉන්න පොඩ්ඩන්ගේ හිත සතුටින් තියන්නයි අම්මා හැම විටම කටයුතු කරන්නේ.

මැහුමට ගෙතුමට දක්ෂ මවුවරුන්ට නම් තමන්ගේ දරුවන්ගේ සිත ගන්නා නිර්මාණයක් ඔවුන් වෙනුවෙන්ම කර තිළිණ කරන්න පුළුවන්. මේ තියෙන්නෙත් එවැනි ලස්සන බිත්ති සැරසිල්ලක්. පොඩ්ඩන්ගේ නිදන කාමර හැඩකරන්න මේ වගේ ලස්සන සැරසිල්ලක් පැච්වර්ක් කලාවෙන් ඔබටත් නිර්මාණය කළ හැකියි. මෙන්න, ඒ සඳහා අනගි අවස්ථාවක්.

අවශ්‍ය ද්‍රව්‍ය

නිල්, රතු, තැඹිලි, කහ, කොළ ආදී වර්ණවල මුද්‍රිත රෙදි

පැඩිං

ලයිනිං සඳහා රතු පැහැති රෙදි

ගැළපෙන වර්ණවල නූල්

පතරොම් සැකසීමට අවශ්‍ය දේවල්

අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය

නිර්මාණය කිරීම

සොබාදහමේ ආකර්ෂණය කියන මෙම නිර්මාණය කිරීමට නම් පොඩිත්තන් කැමැති වර්ණවලින් මෙන්ම ගැළපෙන වර්ණවලින් රෙදි තෝරාගත යුතුයි. එසේ රෙදි තොරාගැනීමෙන් ලස්සන නිර්මාණයක් කළ හැකි වේවි.

පළමුව අපි පතරොම් සකසාගත යුතුයි. ඒ සඳහා පැච්වර්ක් මෝස්තරයේ දළ සටහනක් කොළයකට පිටපත් කරගන්න. ඒ සඳහා අප දළ සටහනක් ලබා දී ඇත. එය අවශ්‍ය පරිදි විශාල කරගත යුතුයි. ඉන්පසුව කොටස්වලට වෙන්කර කාඩ් බොඩ් මත තබා ඇඳගන්න. මෙම නිර්මාණයේ පතරොම් සඳහා මැහුම් වාසි අවශ්‍ය නොවේ. අදාළ පතරොම් භාවිතකර ගැළපෙන වර්ණවලින් රෙදි කොටස් කපා අයන් කරගන්න. එම රෙදි කොටස් කැපීමේ දී ද මැහුම් වාසි තබාගැනීම අවශ්‍ය නොවේ.

රූ රටා -විදුමිණි

2019/10/23 තරුණි පුවත්පත බලන්න.