වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
නිවෙස හැඩකරන්න නේක පැහැයේ පොයින්සෙටියා මල්
සාමයේ කුමරු උපන් සොඳුරු නත්තල සෙනෙහසින් සමරන්නයි කාගේත් ප්‍රාර්ථනාව. ඒ සඳහා සීතල උඳුවප් මහේ ගේදොර හැඩකරන්න හිතන ආදරණීය ඔබට පොයින්සෙටියා මල් පොකුරක් නිර්මාණය කරගන්නා ආකාරය මෙලෙස ගෙන එනවා.
නත්තල් කෑම මේසය හැඩකරන්න වගේම නිවෙසේ කොතැන ලස්සන කරන්නත් මෙය නම් අපූරු තිළිණයක් වේවි. ඊට අමතරව රතු පැහැයෙන් හා සුදු පැහැයෙන් ද මල් සාදාගන්නා ආකාරය ගෙන එනවා. ඒවා තෑගි හැඩකරන්න, නිවෙසේ දොර හැඩකරන හෝලි වළලු සකසන්න වගේම මල් පොකුරු ලෙස ද සකසා භාවිත කළ හැකියි.
අවශ්‍ය ද්‍රව්‍ය
ළා රෝස, කොළ වර්ණ ඩබල් සයිඩ්
කේ්්රප් කඩදාසි
කතුරක්
හොට් ග්ලූ ගන්
ස්පොන්ජ්
පින්සල්
වයර් කටර් එක (කම්බි කැපීමට)
පෑන් පැස්ටල් පර්ල්එසන්ට් රෙඩ් (pearlescent red) වර්ණය
කොළ පාට ක්ලේ
ගෙජ් 24 කොළ පාට හා ගෙජ් 26
මලේ පැහැයේ කම්බි
කොළ පාට ෆ්ලෝරල් ටේප්
ක්ලියර් ෆිනිෂ් ස්පේ්්ර
නිර්මාණය කිරීම
මෙම මල් මෙහි දැක්වෙන ළා වර්ණයෙන් මෙන්ම සුදු හා රතු වර්ණවලින් ද ඔබේ කැමැත්ත අනුව සකසාගත හැකියි.
අප විසින් මල් සහ කොළ සඳහා අවශ්‍ය වන පතරොම් ලබා දී තිබේ. ඒවා අවශ්‍ය නම් තවත් විශාලකර අවශ්‍ය පතරොම් සකසා ගන්න. මෙම නිර්මාණ කිරීමට අවශ්‍ය දේවල් අංක 1 රූපයේ දැක්වේ. කපාගත් මල් පෙති හා කොළ කොටස් කිහිපයක් අංක 2 රූපයෙන් දැක්වේ. එක් මලක් සඳහා කුඩාම ප්‍රමාණයේ පතරොම් දෙකෙන් පෙති කොටස් තුන බැගින් හයක් කපාගන්න. මධ්‍යම ප්‍රමාණයේ පතරොම් දෙකෙන් පෙති කොටස් තුන බැගින් හයක් කපාගන්න. ලොකුම පෙති සඳහා ඇති පතරොම් දෙකෙන් පෙති පහ බැගින් දහයක් කපාගන්න.
කොළ සඳහා ඇති පතරොම් දෙකෙන් කොටස් තුන බැගින් හයක් කපාගන්න. පෙති ප්‍රමාණ තුන සඳහා රෝස වර්ණ තුනක් එකිනෙක ගැළපෙන ලෙස ද භාවිත කළ හැකියි.
කොළ පාට ක්ලේ අරගෙන ග්‍රීන්පීස් ඇට තරමේ (කුඩා පබළු ඇට තරමේ) රවුම් හයක් සාදාගන්න. ගෙජ් 26 කම්බිවලින් අඟල් 4.5 ක දිග ප්‍රමාණයේ කම්බි කොටස් හයක් කපාගන්න.
2019/12/04 තරුණි බලන්න