නිවෙස වර්ණවත් කරන සීනියාස් මල් යායක්

ජනවාරි 29, 2020

සීනියාස් මල් කැකුළු රතු, රෝස, දම්, සුදු, කහ, තැඹිලි ආදී නෙක වර්ණයෙන් පිපී සොබාදහම වර්ණවත් කරයි. නෙතට පි‍්‍රය දසුනක් ගෙන එන මේ මල් වර්ණවත්බව නිසාම ගෙමිදුලට කැඳවාගෙන එන්නේ අපූර්ව සුන්දරත්වයකි.

ඒත් මේ පිපී දිළෙන සුන්දර සීනියාස් මල් නම් ගෙවත්ත සුන්දර කරන්නට පිපුණු ඒවා නොවෙයි. මේ තියෙන්නේ වර්ණවත් ෆෙල්ට් රෙදිවලින් හා ක්‍රේප් කඩදාසිවලින් නිමවුණු ගෙතුළ වර්ණවත් කරන්න ලලනා දෑතින් හැඩවුණු මල් කැකුළුයි. එසේ නම් මේ මල් ඔබත් සකසා නිවෙස හැඩකර ගන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය

රෝස, තද රෝස, කහ, රතු, සහ පාසි කොළ

පැහැති ෆෙල්ට් රෙදි

ගෙජ් 18 කම්බි

ළා කොළ පාට ගම් ටේප් (ෆ්ලෝරල් ටේප්)

වයර් කටර් එක

ලෝ ටෙම්ප් හොට් ග්ලූ ගන් (Low Temp Hot glue gun)

පතරොම් සැකසීමට අවශ්‍ය දේවල්

ළා කොළ පාට පාට පැන්සලක්

2020/01/29 තරුණි බලන්න