වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
මේක්-අප් බෑගයක්
ලස්සනට හැඩ වැඩ වෙන්නට කාන්තාවන් දක්වන්නේ වැඩි උනන්දුවක්. මංගල උත්සව අවස්ථාවක දී රූපලාවණ්‍යාගාරයකට ගිහින් හැඩ වෙන්නෙත් ඒ නිසයි. ළඟ පාතක ගමනක් බිමනක් යන්නත් පොඩි මේක්-අප් එකක් දාගන්නවා.
මේ මොන මේක්-අප් එක වුණත් තමන්ගේ අතින්ම කරගන්න අය බොහොමයි. ඔබටත් පුළුවන් ඔබේම අතින් ඔබේ මේක්-අප් එක දමාගන්න. අවශ්‍ය වන්නේ ඒ පිළිබඳ නිවැරැදි අවබෝධයක් හා උපකරණ භාවිතය පිළිබඳ දැනුවත් බවක් ලබා ගැනීමයි.
මේ දේවල්වලට අවශ්‍ය කරන උපකරණ ටික එක තැනකට එක්කාසු කරලා තියා ගන්න පුළුවන් නම් වඩාත් පහසුවක් නේද? ඒ නිසා මෙවර මේක්-අප් බෑග් එකක් සකසා ගන්නා ආකාරය ඉගෙන ගනිමු. කාර්යාලයක රැකියාවක නියුතු ඔබට කෑම පාර්සල් දමාගෙන යන්නත් මෙවැනි බෑගයක් කදිමයි.
අවශ්‍ය ද්‍රව්‍ය
හෑන්ඩ්ලුම් රෙදි
අඟල් ½ ස්පොන්ජ්
වයර් (බෑග් එක කොඩ් කිරීම සඳහා)
ඍ ටේප්
ලයිනිං (කැම්බ්‍රෙල්ලා හෝ වෙනත් රෙදි වර්ගයක්)
සාදාගන්නා ආකාරය
අවශ්‍ය කරන කොටස් කපාගත යුතු දිග, පළල දී ඇති රූප සටහන්වල දක්වා තිබේ. ඒ අනුව හෑන්ඩ්ලූම් රෙද්දෙන් ඒ කොටසින් හා ඕ කොටසින් කොටස් එක බැගින් කොටස් දෙකක් ද ඛ් කොටසින් කොටස් දෙකක් ද කපාගන්න. ඛ් කොටස් දෙක අඩිය හා උඩ පියන සඳහායි. ලයිනිං රෙද්දෙන් ද එලෙසම කොටස් කපාගන්න. කැපූ හෑන්ඩ්ලූම් හා ලයිනිං රෙදි කොටස් මැදින් ස්පොන්ජ් තබා වටේට නූල් ඇද මසා ගන්න.
2020/03/04 තරුණි බලන්න
උපදෙස්
ප්‍රවීණ උපදේශිකා සේනානි සේනාරත්න