NAIL ARTS වර්ණ දෙකෙන් වැඩි එළියක්

නොවැම්බර් 22, 2018


සුන්දර නිය පෙළක් හිමි කරගන්න කවුරුත් කැමැතියි. විශේෂයෙන්ම තරුණ වයසේ පසුවන ළඳුන් මේ කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වනවා.


ලස්සන නිය පෙළක් ගැන හිතනවා නම් පළමුව කළ යුත්තේ තමන්ගේ නිය පොතු පිරිසුදුව තබා ගැනීමයි. එයට හේතුව අපිරිසුදු නිය මත නේල් පොලිෂ් ගැල්වුවද සුන්දරත්වයක් අත් නොකර තවත් සිදුවන්නේ අවලස්සන වීම පමණි.

ඒ නිසා නිතරම තමන්ගේ නිය පෙළ පිරිසුදුව තබාගන්න. එලෙස පිරිසුදු නිය පෙළක් හිමි ඔබට පහසුවෙන් නිය හැඩකරගත හැකි ලස්සන නේල් ආර්ට් එකකි මේ. මෙම නේල් ආර්ට් එකට ඔබ අඳින ඇඳුමේ පැහැයට ගැළපෙන්න නිය වර්ණ තෝරාගත හැකියි.

එහිදී අප භාවිතකර ඇති සුදු වර්ණය ඉතිරි කර නිල් පැහැය වෙනුවට ඇඳුමේ පැහැයට ගැළපෙන වර්ණය ගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

බේස් කෝට්

සුදු - ළා නිල් නේල් පොලිෂ්

ගෝල්ඩ් නේල් පොලිෂ්

ක්ලියර් නේල් පොලිෂ්



නිර්මාණය කිරීම

පළමුව නිය පිරිසුදුකර හොඳින් වියළා ගන්න. දැන් නියවල ආරක්ෂාවට බේස් කොට් ගල්වා වියළෙන්නට හරින්න. ඉන්පසුව සුදු නේල් පොලිෂ් ගෙන දෙසැරයක් නිය මත ගල්වන්න. (1 රූපය බලන්න.) එයත් වියැළුණු පසු ළා නිල් වර්ණය අඩ කවයක හැඩය එන ලෙස ගල්වන්න. (2 රූපය බලන්න.) එය වියැළුණු පසු සුදු හා නිල් නිය ආලේපන වර්ණ දෙක හමුවන තැන රන්වන් පැහැති නේල් පොලිෂ්වලින් අවුට් ලයින් කරන්න. (3 රූපය බලන්න.) එයත් වියැළුණු පසු වර්ණයක් නැති ක්ලියර් නේල් පොලිෂ් ගල්වා නිය දීප්තිමත් කරගන්න. (අංක 4 රූපය බලන්න.)