වර්ෂ 2024 ක්වූ October 28 වැනිදා Monday
කෙල්ලන්ගේ ෆෝන් එකේ තියෙන්න ඕනෙම ඇප් එක
ලෝකේ කැරකෙනවා කියලා අපි දැනගත්තේ පුංචි කාලේ. ඒ කැරකෙන ලෝකේ හැමදේටම සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එකට කාලයත් එක්ක මිනිස්සු හුරු වෙනවා. ඒ වුණත් සමහර සිස්ටම් මහපොළොවට සෙට් වෙන්නේ නැහැ. අන්න ඒ වෙලාවට අපි සිස්ටම් එක චේන්ජ් කරන්න උත්සාහ කරනවා.
දේශපාලනය, ආර්ථිකය, සමාජ මතවාද, යාළු මිත්‍රකම්, ආදරය වගේ භෞතික දේවල් චේන්ජ් කරන්න පුළුවන් වුණාට මේ ලෝකේ චේන්ජ් කරන්න බැරි නවත්වන්න බැරි සමහර සිස්ටම් තියෙනවා. ඒක සොබාවධර්මය අපට දීපූ සිස්ටම් එකක්. පීරියඩ්ස් කියන්නේ අන්න එහෙම කාන්තාවන්ට දීපු සිස්ටම් එකක්. හැබැයි ඒ සිස්ටම් එක චේන්ජ් කරන්න බැරි වුණාට ඒ ගැන හරි හැටි අවබෝධයෙන් අසීරුතා මඟහරවා ගනිමින් හරිම දැනුමකින් සතුටින් ජීවිතය ගත කරන්න සිස්ටම් ලෝකයේ සොයාගෙන තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ update කරලා Downlad කරන්න පුළුවන් ඒ විදිහෙ ඇප් කීපයක් ගැන. මේ ඇප් ඩවුන්ලෝඩ් කරගෙන ඔයාගේ ජීවිතය සතුටින් ගෙවන්න උත්සහ කරන්න.
මේවා Period tracking ඇප්. අද වෙද්දී කාන්තාවන්ගේ මාසික ඔසප් වීම සඳහා වෙන් වුණු ඇප් බොහෝ ප්‍රමාණයක් නිර්මාණය වී තිබෙන්නෙත් මේ ඇප් ඒ තරමට කාන්තාවන්ට වැදගත් වන නිසයි. ඒ නිසා ඔබ කාන්තාවක් නම් මේ ඇප් එකක් ඔබගේ ස්මාර්ට් දුරකතනයට එකතු කර ගත යුතුමයි.
ඒ කාලේ නම් දින වකවානු මතක තියාගන්න පුළුවන් තරමේ නිදහසක් අපේ කාන්තාවන්ට තිබුණා. ඉතින් ඔසප් දින, සරු දවස් වගේ හැම දවසක්ම මතකයේ තියාගන්න පුළුවන්කම තිබුණා. හැබැයි ඉතින් අද තියෙන කාර්යබහුලත්වයත් එක්ක ඒවා මතක තියාගන්න කොහෙද වෙලාවක්. හැබැයි ඒ හැම දවසක්ම හරියටම මතක තියාගන්න මේ ඇප්වලට පුළුවන්.
ඔසප් දිනයන්
Period tracking ඇප්වලට හරියටම ඔයාගේ ඔසප් දිනයන් මතක් කරන්න පුළුවන්. ඒ වගේම මේ සමහර ඇප්වල ඔසප් වීමට පෙර දිනදී පොඩි මතක් කිරීමක් කරන්න පුංචි එලාම් එකක් වදිනවා. ඊට අමතරව ඔසප් වීමේ ආරම්භක දිනයන් හා අවසන් දිනය දක්වා ඔස්ප් වීමේදී වැඩි අපහසුතා තියෙන දිනයන් අඩු අපහසුතා තියෙන දිනයන් ලෙස පැහැදිලි දින දර්ශනයක් මඟින් ලබා දෙනවා.
සරු නිසරු දිනයන්
මෙහිදී ඩිම්බ මෝචනය සිදුවන දිනයන් දින දර්ශනයක් මඟින් පෙන්නුම් කරයි. එහිදී ඔසප් චක්‍රය අනුව පිළිසිඳ ගැනීමට වැඩි ඇති දිනයන් Alert දැනුම් දෙයි. දරුවකු අපේක්ෂා කරන සහ ස්වාභාවික පවුල් සැලසුම් ක්‍රම භාවිත කරන අයට වගේම අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගන්නත් මේ ඇප්වලින් ලැබෙන ප්‍රයෝජනය අති මහත්.
සෞඛ්‍ය සේවාව
ඊට අමතරව ඔසප් වීම් කාලය තුළදී ඇතිවන අනෙකුත් සංකූලතා මේ ඇප් එකට ඇතුළත් කිරීමෙන් ඇප් එක විසින්ම ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් ඔබට අවබෝධයක් ලබා දෙයි. එහිදී හැඟීම් වෙනස් වීම, වේදනාවන් සහ බඩ පිපීම වැනි රෝග ලක්ෂණ පාලනය කර ගන්නා ආකාරය ගැනත් ඔබටත් ඒ හරහා දැන ගත හැකියි.
Android පාවිච්චි කරන අයට play store හරහා මේ ඇප් download කරගන්න පුළුවන් වගේම apple පාවිච්චි කරන්න අයට App Store හරහා Period tracking ඇප් Download කරන්න පුළුවන්.