අලුතෙන් හදන ගේ ගැන බාගෙට හිතන්න එපා

මාර්තු 20, 2019

නිවෙසක් සැදීමේදී බොහෝ දෙනකුගෙන් වෙන වැරැද්දක් අද කියන්නම්. ගේ හදන්න ඕනෙ කරන මුළු මුදලම එකතු කරලා ගෙදර වැඩ කටයුතු පටන් ගන්න අපි හැමෝටම බැහැනේ. කොටස කොටස මුදල් එකතු කරලා අදියරෙන් අදියර ගේ හදන උදවිය තමයි වැඩි. නමුත් මෙහිදී තාක්ෂණය අතින් හෝ වාස්තු විද්‍යාව අතින් වැරද්දක් නොවෙන්න වග බලාගන්න ඕනෙ.

නිවෙසකට කොටස් එකතු කිරීම ගැන තාක්ෂණික අංශයෙන් ඔබේ දැනුවත් වීමත් ඉතා වැදගත්. නිවෙසේ කොටසක් සාදා දිගු කාලයකට පසුව තවත් අත්තිවාරම් කොටස් දමා අලුතෙන් අංග එකතු කිරීමේදී නිසියාකාරව ඒවා සම්බන්ධ විය යුතුයි. ගොඩනැගිල්ලක් ඉදිකරන අතරතුර සහ ඉදිකළපසුව එහි ස්ථාවරත්වය ලබාගන්න පොළොව තුළට යම් ඒකාකාර ගිලා බැස්මක් සිදුවෙනවා. කාලයකට පසුව නැවත කොටස් එකතු කළ විට මෙය සිදුවෙන්නේ අවස්ථා කීපයකදීයි. DIFFERENTIAL SETTLEMENT යනුවෙන් හඳුන්වන්නේ මෙයයි. බිත්ති හා පොළොවේ ඉරිතැලීම් මෙහි ප්‍රතිඵලයක්. නමුත් තාක්ෂණය අතින් නිවැරැදිව, මෙහෙම සිදු නොවෙන්න කොටස් සම්බන්ධ කරන්න පුළුවන්.

 

2019/03/20 තරුණි පුවත්පත බලන්න.