දෛවයට බලපාන මිතුරු අංක

සැප්තැම්බර් 11, 2023

 

උපදෙස් - ප්‍රවීණ අංක විද්‍යාවේදිනි

ලක්ෂි පුෂ්පලතා පෙරේරා

ආදි මානවයාගේ සිට නූතන මානවයා දක්වා ඉර, හඳ සහ තරු රටා පිළිබඳව විවිධ වූ නිර්ණායකයන් ඔස්සේ අතීතය, වර්ථමානය, අනාගතය පිළිබඳව අනාවැකි ඉදිරිපත් කරනු ලබයි.

 

තම තමන්ගේ කේන්ද්‍ර පත්‍රයට අනුව සුබ වේලාවන් සාදා සුබ මූර්තියට අනුව කටයුතු කරනු ලබන අතර අසුබ කාල වලදී විවිධ වූ පුද පූජා කටයුතු සහ වතාවත්වල නියැළෙමින් එම අපල උපද්‍රව දුරුකර ගැනීමට කටයුතු කරයි.

 

අද අපි විමසා බලන්නේ උපන් දිනය මඟින් කෙනෙකුගේ ගති ලක්ෂණ පවසන ආකාරය පිළිබඳවයි.

 

ඕනෑම පුද්ගලයෙකුගේ උපන් වර්ෂය, මාසය, දිනය උපයෝගී කරගෙන  දෛව අංකය සාදනු ලබන අතර උපන්දිනය මුල්කරගෙන පුද්ගලික අංකය  සාදනු ලබයි.

පසුගිය කලාපයේදී ඒ පිළිබඳ වැඩි දුරටත් කතා බහ කළ නිසා ඔබට දැනටම ඔබට පුද්ගලික අංකවල ස්වභාවය ගැන මනා අවබෝධයක් ඇති.

ඒ පුද්ගලික අංකවලට ගැළපෙන මිතුරු අංක ගැන ද අවබෝධයක් ලබා ගත යුතුවන්නේ මිතුරු අංකවලින් තමාගේ පුද්ගලික අංකය දියුණු කරන්න වගේම පහළට ඇද දමන්නත් පුළුවන් නිසයි.

ඒ නිසා අද අපි කතා කරන්නේ පුද්ගලික අංකයට අනූව ඒ ඒ අංකවලට මිතුරු අංක, විවාහයට ගැළපෙන අංක, ව්‍යාපාර හා මිතුදම් සඳහා යෝග්‍ය අංක හා ඒ අංකවලට අදාළ සතුරු අංක පිළිබඳවයි.

 

අංක 01

සතුරු අංකය 06

පුද්ගලික අංකය වන්නේ ඕනෑම මාසයක 1,10,19,28 යන දිනවල උපන් අයයි. ඒ අයගේ මිතුරන් ලෙස 1,2,4,7,දිනවල ඉපදුන අය ගත හැක. 1 දින ඉපදුන අයට විවාහයට වඩාත්ම ගැළපෙන්නේ 2,4 යන දිනවල ඉපදුන අයයි. 1,7 ඉපඳුණ අය මධ්‍යස්ථව ගැළපේ. ව්‍යාපාර මිතුදම් සඳහා 1,2,4,5,7 යන දිනවල් ඉපදුන අය හොඳින් ගැළපේ. අංක 01ට සතුරු අංක නැතත් 6,8 දිනවල ඉපදුන අය බාධා සහිතයි. (1 නියෝජනය කරන්නේ රවි ග්‍රහයායි)

 

අංක 02

මිතුරු අංක 01

පුද්ගලික අංකය වන්නේ ඕනෑම මාසයක 2,11,20,29 යන දිනවල උපන් අයයි. ඒ අයගේ මිතුරන් ලෙස 1,2,5,7 යන දිනවල උපන් අයයි. 02 දින උපන් ඇයට විවාහයට වඩාත්ම ගැළපෙන්නේ 1,5,7, උපන් අයයි. අංක 02 ඉපදුන අය මධ්‍යම ලෙස විවාහයට ගැළපේ. එතනදි පුරුෂයා 01 වෙනි දින බිරිඳ 02 දින නම් වඩාත්ම ගැළපේ. කෙසේ හෝ 1,2 විවාහයට ඉතාම යෝග වන්නේ මෙදින ඉපදුන අය සමඟ ව්‍යාපාර හා මිතුදම් සඳහා වඩාත්ම යෝග්‍ය වන්නේ 1,2,5,7 ඉපදුන අය. අංක 02ට බාධා ඇත. නැත. (02 නියෝජනය කරන්නේ සඳු ග්‍රහයායි)

 

අංක 03

ව්‍යාපාර හවුල් කරුවා අංක 06

පුද්ගලික අංකය වන්නේ ඕනෑම මාසයක 3,12,21,30යන දිනවල උපන් අයයි. ඒ අයගේ මිතුරන් ලෙස 3,6,9, දිනවල උපන් අයයි. විවාහයට ගැළපෙන්නේ 3,6,9 උපන් අයයි. 03 වෙනි දින උපන් අයම විවාහ වුනොත් දෙදෙනාම පණ්ඩිත ගති නිසා හිත් අමනාපකම්, ගැටීම් ඇති විය හැක. ගළපාගෙන යා හැක. ව්‍යාපාර මිතුදම් සඳහා වඩාත් සුදුසු වන්නේ 3,6,9 දිනවල උපන් අයයි. 2,5,7, ඉපදුන අය ද සාමාන්‍ය ගැළපීමක් ඇත. සතුරු අංක ලෙස 04 ගත හැක. 03ට 04 සතුරු අංකයයි. (03 නියෝජනය කරන්නේ ගුරු ග්‍රහයායි)

 

අංක 04

මිතු දමට අංක 02

පුද්ගලික අංකය වන්නේ ඕනෑම මාසයක 4,13,22,31 යන දිනවල උපන් අයයි. මේ අයට මිතුරන් අඩුයි. එහෙත් 1,2,4,7 දිනවල ඉපදුන අය සමඟ මිතුදම් ගැළපේ. අංක 04 අය විවාහය සඳහා තෝරාගත් යුත්තේ 1,2,7 ඉපදුන අයයි. 04 දින ඉපදුන අය සුදුසු නැත. නොරිස්සුම් ගති ව්‍යාපාර හවුල් කරුවන් මිතුදම් සඳහා 1,2,4,7,8 ඉපදුන අය ගැළපේ. මේ අයට සතුරු අංක වන්නේ 03 දින ඉපදුන අයයි. (04 නියෝජනය කරන්නේ රාහු ග්‍රහයායි) බටහිර අංක විද්‍යාවට අනුව යුරේනස් ග්‍රහයායි.

 

අංක 05

විවාහයට අංක 07

පුද්ගලික අංකය වන්නේ 5,14,23 දිනවල උපන් අයයි. ඒ අයගේ මිතුරන් වන්නේ 2,5,7 දිනවල උපන් අය. නම්‍යශීලී බුද්ධිමත් අය මෙවැනි අයට විවාහයට ගැළපෙන්නේ 2,5,7 දිනවල උපන් අය. නමුත් අංක 05 ඉපදුන අය හා සියල්ල මිතුරුයි. මේ අය සඳහා ව්‍යාපාර හවුල් කරුවන් හා මිතුදම් සඳහා වඩාත් ගැළපෙන්නේ 3,5,6,9 දිනවල උපන් අයයි. අංක 05ට සතුරන් නැත. සියළු අය හා ගළපාගෙන යා හැක. අංක 05 නියෝජනය කරන්නේ බුධ ග්‍රහයායි.

 

අංක06

මිතුරු ඇසුරට අංක 09

පුද්ගලික අංකය වන්නේ 6,15,24 දිනවල උපන් අයයි. ඒ අයගේ මිතුරන් වන්නේ 3,6,9 දිනවල උපන් අයයි. 06 දින උපන් අය ආදරණීය චරිතයකි. මේ දිනවල උපන් අය හා විවාහයට ගැළපෙන්නේ 3,6,9 දිනවල උපන් අයයි. ව්‍යාපාර හවුල් කරුවන් හා මිතුදම් සඳහා ගැළපෙන්නේ 3,5,6,9 දිනවල උපන් අයයි. මොවුන්ගේ සතුරු අංකය ලෙස 8 දින වල ඉපදුන අය ගත හැක. (අංක 06 සිකුරු ග්‍රහයා නියෝජනය කරයි)

 

අංක 07

සතුරු අංකය 08

පුද්ගලික අංකය වන්නේ 7,16,25 දිනවල උපන් අයයි. ඒ අයගේ මිතුරන් වන්නේ 1,2,5,7 දිනවල උපන් අයයි. විවාහයට වඩාත්ම ගැළපන්නේ 1,2,5 දිනවල උපන් අයයි. ව්‍යාපාර හවුල්කරුවන් හා මිතුදම් සඳහා 1,2,4,5,7 දිනවල උපන් අය ගැළපේ. අංක 7ට සතුරු අංක නැතත් 6,8 ගැටලු සහිතයි. (07 නියෝජනය කරන්නේ කේතු ග්‍රහයායි) බටහිර නේප්චුන්

 

අංක 08

මිතුරු අංක 04

පුද්ගලික අංකය වන්නේ 8,17,26 දිනවල උපන් අයයි. ඒ අයගේ මිතුරන් වන්නේ 1,4,8 දිනවල උපන් අයයි. විවාහයට ගැළපෙන්නේ 1,2,4,7 ඉපදුන අයයි. ව්‍යාපාර හා මිතුදම් සඳහා වඩාත් ගැළපෙන්නේ 1,2,4,5,7 දිනවල උපන් අයයි. මෙදින උපන් අය හා සතුරු අංක වන්නේ 3,6,9 දිනවල උපන් අයයි. ප්‍රබල සතුරු ලෙස 6,9 දිනවල අය (අංක 08 නියෝජනය කරන්නේ ශනි ග්‍රහයායි. දුකට, දරාගැනීම් උරුමයි.)

 

අංක 09

ප්‍රබලම සතුරු අංක 08

පුද්ගලික අංකය වන්නේ 9,18,27 දිනවල උපන් අයයි. ඒ අයගේ ගජ මිතුරන් ලෙස 3,6,9 දිනවල උපන් අය ගත හැක. විවාහය සඳහා ගැළපෙන්නේ 3,6,9 වුවත් 9ට වඩා 3,6 වඩාත් ගැළපේ. ව්‍යාපාර හවුල් කරුවන් හා මිතුදම් සඳහා ගැළපෙන්නේ 3,6,9,2,5,7 දිනවල උපන් අයයි. මේ අයට සතුරු අංක වන්නේ 4,8 ඉපදුන අයයි. එයින් ප්‍රබල සතුරු 8 දින ඉපදුන අයයි (අංක 9 නියෝජනය කරන්නේ කුජ ග්‍රහයායි)

සැලකිය යුතුයි.

නිතරම විවාහය සඳහා එකම දිනයේ ඉපදුන අයට වඩා අනිත් ගැළපෙන අංක වඩාත් ගැළපෙයි. එකම දිනයේ ඉපදුන අය සමඟ එක පවුලක් ලෙස ජීවත් වීමේදී නොයෙක් ගැටලු ඇති විය හැක. දෙදෙනාම එක සමානයි. යටත් වීමක්, ඇහුම්කන් දීමක් නැහැ. අනෙකාට යටත් නොවන ගතිය තුළ පවුල් කුටුම්භයේ ප්‍රශ්න ඇතිවේ.