අංක විද්‍යාෙවන් පිහිට

මාර්තු 18, 2024

 

මැයි මාසය විදෙස් ගත වීමට සුබ ද?

 

ප්‍රශ්නය

මාගේ උපන් දිනය වන්නේ 1990.12.21 ය. එළැබෙන මැයි මාසයේදී විදෙස් ගත වීමට සූදානම් වෙමි. අංක විද්‍යාවට අනුව මාහට විදෙස් ගත වීමෙන් සාර්ථකත්වයක් ලබාගත හැකි වේද?

 

පිළිතුර

 

1990-12-21 දින උපන් ඔබගේ පුද්ගලික අංකය 3 වන අතර දෛව අංකය 7 වේ. විවිධ දුෂ්කරතා බාධක මැද ආ ඔබ ඒවා නිමකර ගැනීමට විදෙස් ගත වීමට බලාපොරොත්තු වෙයි. ඔබගේ උපතට අනුව උපන් ගමට, රටට වඩා පිටරටක, සුබ ඵලදීම වැඩියි. ඔබ විදෙස් ගත වෙනවාමයි. ඔබට දෙයක් සිදුවීමට කලින් දෙයක් දැනෙන ගතියක්, ඉවක් වගේ ඇති කෙනෙකි. දෙයක් ගැන පමණට වඩා හිතන ඔබ හිතට මුල්තැන දී සිතිවිලිත් එක්ක ජීවත් වෙන කෙනෙකි. දෙයක අන්තයට යන ගතිය ඇත. දෙයකට ඇබ්බැහිවීමක් වුණොත් ගලවන්න ගැළවෙන්න අමාරුයි. හොඳින් සිතාබලා කටයුතු කරන්න ජය ස්ථිරයි.

 

ජීවිතයේ අවසන් කාලය කෙසේ වේවි ද?

 

ප්‍රශ්නය

 

1979.05.17 උපන් මා අවිවාහක කාන්තාවක්. සහෝදර සහෝදරියන්ගෙන් ඈත් වී මා තනිවම ජීවිතය ගෙන යමි. මා මේ හුදෙකලා ජීවිතයට ප්‍රිය කරමි. නමුත් මාගේ ජීවිතයේ අවසන් කාලය ගැන තරමක බියක් ඇති වෙයි. ඒ කාගේවත් පිහිටක් මා හට නොලැබෙන නිසාය. අංක විද්‍යාවට අනුව මාගේ අවසන් කාලය සතුටින් ගත කිරීමට හැකි වේවි ද?

 

පිළිතුර

 

1979-05-17 උපන් ඔබගේ පුද්ගලික අංකය 8 වන අතර දෛව අංකය 3 වෙයි. ආගම දහමට නැඹුරු ඔබ නිහඬ ජීවිතයකට කැමතියි. එය ඔබගේ උපතට අනුව පෙනේ. දැනට වයස 45කට ආසන්නව ඉන්නා ඔබ ප්‍රඥාව බුද්ධිය ඇති ආගමට දහමට නැඹුරු අයෙකි. ආගමික නායකයින් මේ අංකවලින් බිහිවී ඇත. වයස 48 කියන්නේ ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයකි. සුබවාදීව හිතාමතා සුදුසු විවාහයකට හෝ ඔබ දැනට ගෙවන තනිකඩ ජීවිතය ධර්මය තුළින් හැඩකර ගන්න. ජීවිතය ගැන, අනාගතය ගැන සැකසහිතව බලන ගතිය අයින්කර සුබවාදීව සිතා ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා !

 

උපදෙස්

ප්‍රවීණ අංක විද්‍යාවේදිනි

ලක්ෂි පුෂ්පලතා පෙරේරා