ලග්න පලාපල

අගෝස්තු 14 සිට 20 දක්වා
අගෝස්තු 14, 2023

 

මේෂ

මුදල් අතින් යහපත් විය හැකි නමුත් අධික වියදම් යෙදේ. හිසේ රෝග ඇති කරයි. පවුලේ අය අතර අසමගිකම් ඇති විය හැකිය. ඵල රහිත ගමන් ඇති කරයි. වංචා රැවටීම් ආදියට හසුවෙයි. මහන්සියේ තරමට ප්‍රතිඵල ද නොලැබේ. සිත් රිදීම් බහුල සතියකි. ඉවසීම අතිශයින්ම වැදගත් වෙයි.

 

වෘෂභ

ගෞරවයට හානි වන සිදුවීමක් ඇතිවෙයි. අපේක්ෂා කළ පිළිවෙළට කටයුතු සිදු නොවේ. වැඩ කටයුතු ප්‍රමාද වෙයි. පවුලේ අයකුට අසනීප ඇති කරයි. කතාව නිසා පාඩු අලාභ අවාසි ඇති කරයි. මුදල් අතින් ද කරදරයි. තැන්පත් මුදලක් වැය වීමකට හෝ ණය වීමට පරිසරය සකස් වේ.

 

මිථුන

ගමන් බිමන් වලින් ප්‍රයෝජන ලැබේ. උසස් අයකු හඳුනාගැනීමට ලැබේ. සිත සතුටින් කාලය ගත වේ. හදිසි ධන ලාභයකට ද ඉඩ තිබේ. ඇසුරු කරන අයගේ හොඳ හිත වර්ධනය වන අවස්ථා ඇති කරයි. යහපතට හේතුවන වෙනස් වීමකට ද ඉඩ තිබේ. පවුලේ සමගිය ඇති කරයි.

 

කටක

රසවත් කෑම බීම සංග්‍රහ ආදිය ලබයි. මිල මුදල් අතින් ද යහපත්ය. ඥාතියකු හෝ වැදගත් මිත්‍රයකු නිවසට පැමිණේ. කරන කියන කටයුතුවල වැඩි දියුණුවක් ඇතිවේ. වටින දේ මිලට ගනී. පවුලටම සතුට සැප ඇති කරන කාලයකි. උත්සව සාද අවස්ථාවකට සහභාගි වෙයි.

 

සිංහ

හදිසි අනතුරකට ඉඩ ඇති බැවින් ඉතා කල්පනාකාරී විය යුතුයි. සැප පහසුව නැති වෙයි. ශරීරයේ දුර්වල බවක් දැනෙයි. අධික වියදම් නිෂ්ඵල වියදම් ඇති කරයි. දත්, උගුර, හිස සම්බන්ධ රෝග ඇති කරයි. ඵල රහිත ගමන් යෙදේ. ඥාතියකු සම්බන්ධ නරක ආරංචි අසන්නට ලැබේ.

 

කන්‍යා

 

වියදම් අධික වේ. තැන්පත් ධනය පවා වැයවෙයි. ඉක්මන්කම නිසා ගැටලු නිර්මාණය වෙයි. පවුලේ සමගියට ද බාධා ඇති කරයි. වැඩ කටයුතු නිසි පිළිවෙළට සිදු නොවේ. ඉක්මන් කෝපය ඇති කරයි. පවුලේ සමගියට ද බාධා ඇති කරයි. බොරු චෝදනාවකට නින්දා අපහාස ලැබීමකට ඉඩ තිබේ.

 

තුලා

 

කරන කියන කටයුතු දියුණු වේ. මිල මුදල් අතින් වාසනාවන්ත සතියකි. අපේක්ෂා නොකළ හදිසි ලාභ වාසි ආදියට ද ඉඩ තිබේ. පවුලේ අය වෙනුවෙන් මුදලක් වැය කිරීමට සිදුවිය හැකියි. ලියකියවිලි සම්බන්ධ කටයුතු වලින් වාසි ඇති වේ. නැති වූ හෝ නොලැබීමට ඉඩ තිබූ දෙයක් ලැබෙයි.

 

වෘශ්චික

රැවටීමකට වංචාවකට හසුවීමකට ඉඩ තිබේ. නොසැලකිලිමත්කම නිසා පාඩු අලාභ සිදුකර ගනී. වැදගත් කටයුත්තක් සඳහා අන් අයගේ ආධාර උපකාර පැතීමට සිදුවේ. උරුම හිමිකම් පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙයි. පවුලේ අය අතර සිත් නොහොඳ වන දෙයක් සිදු වීමට ඉඩඇත. මුදල් කරදර යෙදේ.

 

මකර

මිල මුදල් පිිළිබඳ කටයුතු සාර්ථක වෙයි. ඇඳුම් පැලඳුම් හෝ සැප පහසුවට අවශ්‍ය දේ මිලදී ගනියි. වාසි දායක සුළු ගමන් ඇති කරයි. අසල්වැසි සුහදතාව වර්ධනය වන අවස්ථා උදාවෙයි. අමුත්තකුගේ පැමිණීමක් ද අපේක්ෂා කළ හැකියි. පවුලේ අයකුගේ යම් ජයග්‍රහණයක් සහිතයි. සතිය සතුටින් ගෙවෙයි.

 

කුම්භ

සිත් පීඩාව අධික වේ. සුළු දේ විශාලකොට සිතන්නට පෙලඹෙයි. මුදල් අතින් කරදරයි. අධික වියදම් ද යෙදේ. නිසි වෙලාවට ආහාර පාන ගැනීමට පවා ඉඩ නොලැබිය හැකිය. අසල්වැසියකු සමඟ සිත් නොහොඳ වීමකට ඉඩ තිබේ. වාහන අනතුරු සහිතය. මවගේ හෝ මවුපස අයකුගේ සෞඛ්‍ය ප්‍රශ්න ඇතිකරයි.

 

මීන

ශරීර සෞඛ්‍යය අයපත් විය හැකියි. සිදුවන සියල්ල අවාසි දායක මෙන්ම සිත් පීඩා ගෙන දෙන සුළුබවක් ඇති කරයි. පදිංචි ස්ථාන ගත අවුල් වියවුල් සහිතයි. අධික වියදම් නිෂ්ඵල ගමන් යෙදේ. තමා ගැන අනවබෝධයෙන් ඇති කරන කාලයකි. ප්‍රයෝජන නොලැබෙන දෙයට මහන්සි වෙයි. ඉවසීම අතවශ්‍යයි.