ගණිතය භීතිකාව නැතිකර ඉහළින්ම සමත් වෙමු

සැප්තැම්බර් 25, 2019

අධ්‍යාපනය නම් සයුර තරණය කිරීමට ගණිතය නමැති නෞකාව නැතිවම බැරිය. දරුවකුගේ අනාගතය රඳාපවතින්නේ අධ්‍යාපනය මත බව අප සැවොම පිළිගන්නා සත්‍යයකි.

“මොන දේ නැති වුණත් දරුවන්ට අකුරු සාස්තරේ උගන්වන්න ඕන”යන සිතුවිල්ල ඕනෑම මවකගේ, පියකුගේ සිතේ ඇතිවන්නක්. සා/පෙළ විභාගයේ කොඳු නාරටිය ‘ගණිතය’ විෂයය බව පැවසුවහොත් ඕනෑම අයකු එයට එකඟ වනු නොඅනුමානයි.

ගණිතය එතරම්ම සුවිශේෂී අනිවාර්යය විෂයයකි.

බොහෝ දෙනාගේ මතය ගණිතය යනු අමාරුම විෂයයකි යන්නයි. එසේ වුවද හොඳින් ගණිතය විෂයය අවබෝධ කරගත්තේ නම් එය තරම් පහසු, ආකර්ෂණීය විෂයයක් තවත් නැති වේවි.

බොහෝ දරුවන්ට වැරැදී ඇත්තේ, අමාරු වී ඇත්තේ ඒ පිළිබඳ නිවැරැදි වටහා ගැනීමක් නොවන නිසාවෙනි.

දරුවකුගේ අනාගත මඟ පැහැදිලිව දිස්වන මාවත මෙන්ම දරුවාට හමුවන පළමු අභියෝගාත්මක කඩඉම සා/පෙළ විභාගයයි. එයට ඇත්තේ තවත් මාස තුනකටත් අඩු කාලයකි.

මේ වනවිටත් සමහර දරුවන් අධ්‍යයන කටයුතු අවසන් කර තරමක් සැහැල්ලුවෙන් සිටිනවා ද විය හැකියි.

සමහරු නම් තවමත් සමහර විෂයය කරුණු අධ්‍යයනය කරමින් සිටිනවා ඇත. තවත් අයකු “අනේ මට නම් අමාරුම ගණිතය. ඒක ගොඩදාගත්තොත් ඇති” යැයි සිතමින් බිය වී සිටිනවාත් ඇති.

මෙන්න මේ ගණිතය භීතිකාව නැතිකරගත්තොත් නම් අපේ දරුවන්ට සා/පෙළ ඉහළින්ම ජයගත හැකිබව කිව යුතුමය.

ගණිතය විෂයය පුරාවටම ගැටලුවල සරලතම විසඳුම් සිදුවන්නේ +, -, රැ, × (එකතු කිරීම, අඩුකිරීම, බෙදීම සහ වැඩිකිරීම) යන සරල ගණිත කර්ම තුළිනි. ප්‍රාථමික පන්තිවල සිටම මේ ගණිත කර්ම යොදාගත්තා ඔබට මතක ඇති.

එසේ නම් ඒ තුළින් ම ගොඩනැඟුණු

විෂයය ධාරාවට බිය වන්නේ ඇයි? ගණිතය විෂයයත් අනෙක් විෂයන් මෙන්ම සාමාන්‍ය විෂයයකි. සැලකිලිමත් විය යුතු එකම කරුණ වන්නේ එය හොඳින් වටහා ගැනීම පමණි.

අපේ දරුවන්ට වරදින එකම තැනත් ගැටලු හරිහැටි තේරුම් නොගැනීම බව සඳහන් කළ යුතුමයි.

අපි සරලම උදාහරණයක් ගෙන බලමු.

1ට 1ක් එකතු කරමු. - පිළිතුර 2යි

1යි 1යි එකට එකතු කරමු. -

පිළිතුර 2යි.

1යි 1යි 1ට එකතු කරමු. -

පිළිතුර 3 යි.

 

බලන්න, මේ සරලම දේ වුවත් වටහා ගැනීමේදී වැරැදීම් සිදුවිය හැකියි නේද? ගැටලුව හොඳින් වටහා ගන්නේ නම් එය විසඳුම එතරම් අපහසු නොවේ.

 

ප්‍රවීණ ගණිත දේශක

නදීශ මුණසිංහ

 

 

2019/09/25 තරුණි බලන්න