ඔබේ කුසට බිලිඳකු පැමිණෙන්නට නම්

අප්‍රේල් 17, 2023

 

ඔබත් දරුවකු බලාපොරොත්තු වන්නේ නම් නිසි කලකට දරුවන් බලාපොරොත්තු වීම සෑම මවු පියකෙනකුගේම බලාපොරොත්තුවයි. එවිට ඔබ උපත් පාලන එන්නත් හෝ පෙතිවර්ග භාවිත කරමින් සිටී නම් ප්‍රථමව එය නවතා මාස 2 - 3ක් ගත කළ යුතුයි. ඔබ අලුත විවාහ වූ ප්‍රථම දරුවා බලාපොරොත්තු වන කාන්තාවක් නම් උපත් පාලන එන්නත් ප්‍රථමව පාවිච්චි නොකර සිටිය යුතුය. එනමුත් ‍කොන්ඩම් හා උපත් පාලන පෙති භාවිතය ප්‍රශ්නකාරී නොවේ.

ඔබගේ අධික මානසික ආතතියෙන්, අධික කාර්ය බහුලත්වයෙන් මිදීම දරුවෙක් ලැබීමට හේතු වාසනාව හා නීරෝගී දරුවෙකු ලැබීමට උපකාරී වේ.

ෆෝලික් අම්ලය

වර්තමානයේ ෆෝලික් අම්ලය රජයේ රෝහල්වල හා වින්නඹු උපදේශිකාව නිර්දේශ කරනු ලබයි. එය මීට වසර ගණානාවකට පෙර මිලිග්‍රෑම් 5 වුවත් දැනට වසර කිහිපයකට පෙර මිලිග්‍රෑම් 1 දක්වා අඩු කර ඇත. පළමු සති 12 අනිවාර්යෙන්ම ගත යුතුය. තවද වැඩිපුර මිලිග්‍රෑම් ප්‍රමාණයක් පාවිච්චිය රෝගියාට කිසිම නරකට හේතුවක් නොවේ. නමුදු ෆෝලික් ඇසිඩ් අඩුවුවහොත් දරුවාගේ කොඳු ඇට පෙළ, හෘදය වස්තුව, චර්මයට බලපෑම් ඇතිවිය හැක. දියවැඩියා මවුවරුන් අනිවාර්යයෙන්ම ෆෝලික් ඇසිඩ් භාවිත කළ යුතුමය. මෙය පලා වර්ග හා පලතුරුවල බහුලයි.

දුම්පානය සහ ඇල්කොහොල් භාවිතය

සැමියා දුම්පානය කරන්නේ නම් එය දරුවාට ද බලපානු ඇත. දරුවකු ලොවට බිහිකරනවා යනු මව - පියා දෙදෙනාම මනා කැපවීමකින් සිටීමයි. ලංකාවේ මවුවරුන් ඇල්කොහොල් පාවිච්චිය බවම නිසා ඉන් ඇති බලපෑම අඩුය.

පෝෂණය

ගැබිනි මව පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගත යුතුයි. කෙඳි සහිත ආහාරත් පිෂ්ටය අඩංගු බත්, අල වර්ග, එළවළු හා පලා වර්ග මස්, මාළු, බිත්තර ධාන්‍ය - කිරි ආහාර සමභාගීව ලබාගත යුතුය.

අනිවාර්යෙන්ම කිරි තදට උණුකොට නිවා පාවිච්චි කළ යුතුයි. මන්ද ලිස්ටීරියා නම් බැක්ටීරියාව කිරි සමඟ එකතුවී දරුවා ගබ්සා වීමට ද බලපායි. විශේෂයෙන් පළමු සති 27 තුළ කෝපි - තේ - චොකලට් වැඩිපුර භාවිත නොකළ යුතුයි. මන්ද එහි කැෆේන් වැඩිපුර අන්තර්ගත වන බැවින් දරුවා ගබ්සා වීමට ඉඩකඩඩ වැඩිය.

මාළු වර්ගවලින් බලයා, කෙලවල්ලා, මෝරා වැනි මාළුවල මැග්නීසියම් බහුල බැවින් වැඩිපුර භාවිතයට සුදුසු නොවේ. විශේෂයෙන් පිට හම ඉවත්කර පිසීමට ගත යුතුයි.

රුබෙල්ලා

රුබෙල්ලා එන්නත ලබා ගැනීම ඉතා අනිවාර්ය කාර්්‍යයකි. ඉන් මාස දෙකකට පසු දරුවන් බලාපොරොත්තුවේ නම් ඔබ එකතු වන්න. රුබෙල්ලා මඟින් දරුවාගේ හෘදය, මොළය, අස්ථිවලට කළ හැකි බලපෑම් අධිකය. එම නිසා එන්තත් කිරීම අනිවාර්ය වේ.

ගෙදර සුරතල් පූසන්, බල්ලන් ඇතිකරන්නේ නම් මනසට ඉතාම සුවදායක වුවත් ටොක්සො පැලස්මොයිස් තත්ත්වයට අවදානමක් ඇතිවෙන බැවින් ඉතා හොඳින් අතපය සෝදා පිරිසුදු වී ආහාර ගන්න.

රුධිර ගණය

මව O- (O Negative) නම් ඔබ වෛද්‍යවරයා දැනුවත් කරන්න. ඔබ පිළිසිඳගත් විගස සහකරුගේ රුධිර ගණය බලා වෛද්‍යවරයා වෙත යොමු කරන්න. බබා ලැබෙන්නට යද්දී රෝහලේදී ඒ බව වෛද්‍යවරයාව යළි යළිත් සිහි කැඳවන්න.

පැපොල, හෙපටයිටිස්, සෙංගමාලය

ගර්භිණි කාලයේ දී මවට පැපොල රෝගය වැලදුනහොත් එයින් දරුවාට ද බලපෑම් මඳ වශයෙන් ඇතිවේ. එය හුදෙක්ම ගර්භයට සති 20 ඇතුළතදී රෝගය සැදුණි නම් විශේෂයෙන්ම වෛද්‍යවරයා දැනුවත් කරන්න.

ඔබට හෙපටයිටිස්, සෙංගමාලය සැදී ඇත්තම් කල්පනාකාරී වන්න. මන්ද මවගේ ප්‍රතිදේහ බිළිඳාට ලැබිය හැකි බැවිනි.

ගර්භිණී මවට අපස්මාරය, දියවැඩියාව හෝ වෙනත් ජානමය රෝග ඇත්තම් ඔබේ වෛද්‍යවරයාව දැනුවත් කරන්න.

ඔබට (මවට) දියවැඩියා රෝග තත්ත්වයක් ඇත්තම් හෝ හෘද රෝගයක්, වකුගඩු රෝගයක්, අපස්මාර අවස්ථාවක් ඇත්තම් ඔබ විශේෂඥ වෛද්‍යවරයකුගෙන් පළමුව අදහස් විමසා බලා එය පාලනය කර හෝ සුවකරගෙන ඔබේ මාතෘත්වය ගැන සිතන්න.

ඇදුම රෝගය ඇත්තම් ඔබ බටහිර ඖෂධ භාවිත කරන්නේ නම් Steroid ඖෂධ ගැන ඔබේ වෛද්‍යවරයා සමඟ පිළිසඳරේ යෙදෙන්න.සාරාංශගතව ඔබ දරුවකු පතන බිරියක් නම්, පහත කරුණු අවධානයට යොමු කරන්න.

*ඔබේ හා ස්වාමියාගේ රුධිර වර්ගය (Positive Or Negative)

*ඔබට ඇති ජානමය රෝග

*අපස්මාර, වකුගඩු, හෘද රෝග තත්ත්වයන්

*ඔබ කැමති ඔබේ විශේෂිත ආහාර මොනවාද යන්න එවිට ඔබට වෛද්‍යවරයා දැනුවත් කරනු ලැබේ.

*ඔබේ උස හා බර

 

 

උපදෙස්

ස්ත්‍රී රෝග මඳසරු භාවය හා ලිංගික බෙලහීනතා පිළිබඳ විශේෂඥ

වෛද්‍ය ආචාර්ය සුදත් ගුණතිලක