මවු කිරි දෙන ඔබට සුදුසුම ආහාර

ජූලි 10, 2023

 

ලොව උතුම්ම පදවිය මවු පදවියයි. ඒ ඔබ දරුවකු වැදීමට දරන වේදනාවත්, තම ලේ කිරට හරවා සිඟිත්තාට පෙවීමත් මතු අනාගතයේ සමාජයට පලදායක වන ලෙස දරුවා හැදීමට ගන්නා උත්සාහයත් නිසා ය. ඔබේ ලේ කිරට හැරෙන අති විශේෂ අවධියේ ඔබ නිවැරැදි ආහාර ගත යුතුයි නේද? දරු උපතින් පසු ඔබේ ශරීරය විවිධ වෙනස්කම්වලට ලක්වීම ඉතා සාමාන්‍ය දෙයක්. බොහෝ මවුවරුන් තම ශරීරය මඳක් මහත් වීම අත්දකිනවා. ඉතින් ඔබ හිතනවා ඇති කොහොමද නැවත පෙර පරිදි සිහින් සිරුරක් ලබා ගන්නේ කියා.

 

නමුත් ඒ වෙනුවන් අධික ලෙස ආහාර පාලනය නිසා ඔබට ඇති මවු කිරි නිපදවීමේ හැකියාවට බාධා නොපැමිණිය යුතුයි. ඔබ කළ යුත්තේ මවු කිරි නිපදවීමට අත්‍යවශ්‍ය පෝෂණය අනිවාර්යෙන් ඇතුළත් ආහාරවලට මුල් තැන දීමත් ඔබේ එදිනෙදා වැඩ කටයුතු වලට අවශ්‍ය ශක්තිය ලැබෙන ආහාර සහ ඔබේ ශරීරයේ පැවැත්මට අවශ්‍ය ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ නිසි ලෙස ලබා ගැනීමත් ය. සුබදායක ප්‍රවෘත්තිය වන්නේ, අපේ රටේ මෙම සියලු දේ මනා ලෙස අඩංගු ස්වභාවික එළවළු, පළතුරු, මස් මාළු, කිරි බිත්තර ආදිය සුලභව තිබීමයි. ඔබ කළ යුත්තේ මඳක් සොයා බලා එවැනි දේ මිලදී ගත හැකි වෙළෙඳ පොළ සොයා ගැනීමයි. එමඟින් ඔබට බාහිර රසායනික සංයෝගවල පිහිට පැතීම අවම කරගත හැකියි.

 

ආහාර වේලට විවිධත්වයක් එක් කරගන්න.

 

ඔබේ ආහාර වේල සමබල ආහාර වේලක් විය යුතුයි. කාබෝහයිඩ්‍රේට වැඩියෙන් කෑමට ගත යුතු වුණත් ඔබ කය වෙහෙසන රැකියාවක නොයෙදේ නම් එය පමණට වඩා සුදුසු නැත. එසේම "බඩ පිරෙන්න කෑම" ඔබට අඩු කළ නොහැකි නම් ඔබ අඩුවෙන් කන කබෝහයිඩ්රේට් නිසා දැනෙන හිස් බව පිරවීමට එළවළු සලාද, පළතුරු ආදිය යොදා ගන්න. මස් මාළු හෝ ඒවා නොකන්නේ නම් ආදේශකයන් ලබා ගැනීමත් ඉතා වැදගත්.

 

නිවුඩු සහිත සහල් / ධාන්‍ය ආහාරයට ගන්න.

 

කාබෝහයිඩ්‍රේට් ලබා ගැනීමට හැකි තරම් නිවුඩු සහිත ආහාර ගන්න. ඊට අමතරව පිරිපහදු කළ සීනි භාවිතයෙන් වැළකී සිටින්න බලන්න. සීනි සහ පිටි අධික ආහාර වෙනුවට දවල් සහ හවස තේ වෙලාවට පලතුරු යුෂ බීමට හැකි නම් සුදුසු ය. අවාසනාවකට මෙන් අද සමාජයේ බොහෝ දෙනෙක් රතු බත් කෑමට මැලි බවක් දක්වනවා. එය හොඳටම අප්‍රිය නම් "එඩධතඥ ට්පචඪද" ධාන්‍ය ඇසුරෙන් සාදන ලද කෑම ආහාරයට වරින් වර එක්කර ගන්න. උදාහරණ ලෙස ඔබට ඉරිඟු, ඕට්ස්, මෙනේරි, කුරක්කන් ආදිය දැක්විය හැකියි.

 

මේද වර්ග ප්‍රවේසමෙන් තෝරා ගත යුතුයි.

 

සංතෘප්ත මේද සීමා කළ යුතුයි. පාම් තෙල්, පොල් තෙල්, බටර්, චොකලට්, චීස්, සොසේජස්, මීට් බෝල් ආදියෙහි මේවා වැඩියෙන් තිබේ. අත්‍යවශ්‍ය ප්‍රමාණය පමණක් භාවිතය සුදුසු ය. සොසේජස්, මීට් බෝල් වෙනුවට අලුත් මාළු කෑමෙන් ඔබට එම ප්‍රෝටීන ලබා ගත හැකි ය. බදින ලද අල පෙති (ටපඥදජඩ ටපඪඥඵ, නධබචබධ ජඩඪනඵ), ගැඹුරු තෙලේ බැදපු කෑම (පධතතඵ, ජභබතඥබ), මාගරින්, ක්ෂණික පෑන් කේක් මිශ්‍රණය, තෙලේ බැදපු කුකුළු මස් හා වෙනත් මස් වර්ගවලින් හැකි තරම් ඈත් වන්න.

 

මාළු වර්ග අතිශයින් වටිනා බව දන්නවාද?

 

ඔබේ දරුවාගේ වර්ධනයට අත්‍යවශ්‍ය ච්ඩ්ඒ සහ ඡ්ර්‍ථඒ නමින් හැඳින්වෙන සංයෝගය බහුලව අඩංගු වන්නේ මාළු වර්ගවල ය. වාසනාවකට මෙන් අප ජීවත්වන දිවයින එම මත්ස්‍ය සම්පත ගහන මුහුදෙන් වටවී ඇත. ඔබ කළ යුත්තේ මඳක් සොයා බලා හොඳ අලුත් මාළු ගෙන එන වෙ‍ෙළඳ සැලක් හඳුනා ගැනීමයි. ඉංග්‍රීසි පොත පතෙහි ඔබ දකීවි "ඵචතථධද, ථචජඬචපඥත, ඵචපඤඪදඥ" ආදී මාළු වර්ග සුදුසු බව. එම මාළු බොහෝ විට අපේ රට අවට නැහැ. නමුත් අපට ඉතා රසවත් සහ වටිනා මාළු වර්ග තිබෙන බව අමතක කරන්න එපා. ඒවා නම්: තෝරා, කෙළවල්ලා, හුරුල්ලා, කීරමින්, තොන්ඩයා, වැල්ල සූඩයා, සූඩයා ආදියයි. සතියකට දෙවරක් මෙම මාළු ඔබේ ආහාරයට එක්කර ගැනීම ප්‍රමාණවත්. එකම මාළු වර්ගයක් දිගටම නොගෙන හැම වර්ගයෙන්ම ටික ටික සතිය පුරා ආහාරයට ගන්න.

 

ඔබ මාළු වර්ග නොකන්නේ නම් හෝ ඉහත මාළු පහසුවෙන් සොයා ගැනීමට නොහැකි නම්, අනිවාර්යෙන්ම මෙම සංයෝග ලැබෙන බෙහෙත් කරල් ලබා ගන්න. ර්‍ණථඥඨච-3 ජ්චබබර ඒජඪඤඵ ලෙස හඳුන්වන මාළු තෙල්වලින් සාදන ලද බෙහෙත් කරල් වර්ගයක් වේ. මෙය වෛද්‍ය උපදෙස් මත භාවිත කරන්න.

 

කිරි යනු පෝෂණීය ආහාරයක්

 

කිරි බීම ගැන විවිධ මත පල වුණ (සෙම හැදෙනවා ආදිය) ඔබ මතක තබා ගත යුතුයි කිරි සහ කිරි ආශ්‍රිත ආහාර යනු ඔබේ සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ විශාල ප්‍රමාණයක් ඉතා පහසුවෙන් ලබා දෙන ආහාරයක් බව. මාංශ වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන්, අස්ථි වර්ධනයට අවශ්‍ය කැල්සියම් සහ විටමින් - ච් ආදිය ඔබට නිර්ලෝභීව ලබා දෙන්නේ කිරි ආහාර වලින්. දිනකට තුන් වරක් වත් කිරි ආශ්‍රිත ආහාරයක් ලබා ගැනීම සුදුසුයි. උදාහරණ ලෙස උදේට සහ හවසට කිරි වීදුරුවක්, දවල්ට යෝගට් කෝප්පයක් ආදිය ලබා ගත හැකිනම් ඉතා කදිමයි.

 

යකඩ බහුල ධාන්‍ය සහ පලා වර්ග අනිවාර්යයි

 

ඔබ දන්නවා ශරීරය පුරා ශක්තිය, පෝෂණය සියල්ල ගෙන යාමට රුධිරය අත්‍යවශ්‍ය බව. ඉතින් එසේ ගෙනයන රුධිරය හිඟ වීමට ඉඩ තබන්න එපා. රුධිර වර්ධනයට යකඩ සහිත ආහාර අවශ්‍ය වෙනවා. නිර්මාංශ ආහාර පමණක් අනුභව කරන අයට නිවිති සහ වෙනත් පලා වර්ග වැඩි පුර ආහාරයට ගැනීම වැදගත්. යකඩ පමණක් නොවේ තවත් බොහෝ පෝෂණ සංඝටකවලින් ගහන නිසා මැල්ලුම් අමතක කරන්න එපා. නමුත් ඔබ මාංශමය ආහාර ගැනීමට අකමැත්තක් නොමැති නම් සුළු වශයෙන් "රතු මාංශ" ලබා ගන්න (ඔබ නිවිති සහ අනෙකුත් එළවළු/පලා/පළතුරු කන්නේ නම් මෙය අත්‍යවශ්‍ය නොවේ) කවුපි, මෑ, රට මෑ ආදියත් ආහාරයට එක් කර ගන්න.

 

පලතුරුවල විටමින් බහුලයි

 

අපේ රට විවිධ පලතුරු බහුල ලෙස වැවෙන දිවයිනක්. මනා ලෙස සොයා බැලීමෙන් ඔබට කෘත්‍රිම බෙහෙත් ඉසින ලද පලතුරු වෙනුවට නැවුම්, නොඉඳුල් පලතුරු සොයා ගත හැකි නම් අපූරුයි. විශේෂයෙන්ම දොඩම්, දෙළුම්, අලිගැට පේර, කොමඩු, කෙසෙල් ආදී අපේ රටේ වැවෙන පලතුරුවලට මුල් තැන දෙන්න. දිලිසි දිලිසී රාක්කවල තිබෙන ආනයනික පලතුරුවලට වඩා අපේම ගමක වැවෙන නැවුම් පලතුරු ගෙඩියක් එතරම් ලස්සනට දිලිසුණේ නැතත් ඇඟට ලැබෙන ගුණයෙහි නම් අඩුවක් නැහැ! විශේෂයෙන්ම මෙම පළතුරුවලින් අන්නාසි, අලිගැට පේර, අඹ, කොමඩු ආදියේ වල් නාශක සහ කෘමි නාශක අඩු යයි පිළිගත හැකියි. කෙසේ නමුත් සොයා බලා විශ්වාසවන්ත තැනකින් මිල දී ගන්න.

 

වතුර බොන්න

ඔබ හිතනවා ඇති වතුර පෝෂක සංයෝගයක් නොවේ නේද කියා. නමුත් නිසි ලෙස ජල පානය අපි නිතරම අවතක්සේරු කරන දෙයක්. ඉහත කී සියලු එළවළු, පලතුරු, මස් මාළු, බිත්තර ආදිය කෑවත්, ප්‍රමාණවත් ලෙස වතුර නොබොනවා නම් ඔබේ සිඟිත්තාට දෙන ඒ ලොව උතුම්ම සම්පත වන මවු කිරි නිසි ලෙස නිපදවීමට බාධාවක් වේවි.

 

උපදෙස් -

ආයුර්වේද විශේෂඥ වෛද්‍ය

හෙන්රි රණසිංහ