දරුවන් රෑට හීනෙන් බිය වන්නේ පෙර ආත්මයේ බයක් නිසා ද

අගෝස්තු 14, 2023

බෞද්ධ දර්ශනය බොහෝ ගැඹුරුය. ප්‍රතිසංධිය එහි මූලික ඉගැන්වීමකි. ඒ පිළිබඳ කළ විවිධ පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ විඥානය මරණයත් සමඟ ඉවත් වුව ද එහි පවතින ආත්මීය බැඳීම් සියල්ල නොනැසී පවතියි. මරණින් පසුව අපගේ මනෝකාය නැවත ප්‍රතිසංධිය ලැබීම සඳහා විවිධ වූ භවයන් තුළ ගමන් කරයි. මෙලෙස හොඳ අරමුණක් පැවතීම තුළ පුද්ගලයකුගේ සිදුවීම් ඊළඟ උත්පත්තිය දක්වා ගමන් කිරීමේදී මොලොව ජීවිතය තුළ පෙර ආත්මය තුළ සිදු වූ විවිධ වූ සිදුවීම් පිළිබඳ ආවරණය වෙයි. පුනරුප්පත්තිය එහි එක් අවස්ථාවකි. මෙලෙස පුනරුප්පත්තිය හෙළි කිරීමට වඩා ගැඹුරු වූ විඥානමය පරිකල්පනයක් දක්වා එම ආත්මකතනයේ කියවීමක් දකින්නට ලැබෙන්නේ සිහිනෙන් බිය වීමය. මෙය වඩාත් හොඳින්ම දකින්ට ලැබෙන්නේ කුඩා අවධියේ දරුවන්ටය.

යුනෙක් අවුරුදු පහක කුඩා දරුවෙකි. ගිනිගත්හේන ප්‍ර‍ෙද්ශයේ ගුරුවරියක වූ ඔහුගේ මව එම ප්‍ර‍ෙද්ශයේ පාසලක ගුරුවරියක ලෙස සේවය කළාය. පියා ගිනිගත්හේන නගරයට තරමක් නුදුරු තේ සමාගමක සුපවයිසර්වරයකු විය. ඔවුන් පදිංචිව සිටියේ එම සමාගමකට අයත් සේවක නිවාසයකය. දිනක් රාත්‍රියේ යුනෙත් අඬන්නට වූයේ මධ්‍යම රාත්‍රිය පසු වී පැයක් තරම් කාලයක් ගතවීමත් සමඟය. අම්මේ ලොකු සීයා ඇවිත් මට කතා කරනවා. එයා කියනවා සීයත් එක්ක යන්න එන්නලු. එයා මැරිලා හොඳ තැනක ඉන්නවාලු. මටත් ඉඩ තියෙනවා කියලා කතා කරනවා. එහෙ ලස්සන සුරංගනාවියෝ, සෙල්ලම් බඩු ගොඩාක්,,, ගොඩාක් තියනවා කියලා මට කතා කරනවා. ඒත් අමේමේ.. ඔයාලා දාලා මට යන්න බැහැ. මට සීයත් එක්ක යන්න බැහැ.. ඔහු මෙලෙසින් පවසන්නට වූයේ සිහිනෙන් අවධි වී ටික වේලාවකට පසුවය.

යුනෙත් මේ කියවීම පිළිබඳ ඔහුගේ මවුපියන් එතරම් තැකීක් නොකළේ මෙවැනි සිහින දැකීම සමාන්‍ය දෙයක් බව සිතමිනි. “පුතා භය වෙන්න එපා.. ඕක හීනයක්නේ.. අපි පුතා ළඟ ඉන්නවානේ... කාටවත් පුතාව ගෙනියන්න දෙන්නේ නැහැ. යුනෙත්ගේ මව ඔහුගේ හිස පිරිමැද්දේ සෙනෙහසින් ඔහුව තුරුලු කර ගනිමිනි.

මේ සිදුවීමෙන් පසු දින දෙකක් ගතවිය. යුනෙත් පුතා නැවතත් රාත්‍රියේ එකොළහට පමණ කෑ ගසන්නට විය. එක් වරම අවධි වූ ඔහු ඇඳෙන් බැස ටික දුරක් ඇවිද ගියේය. “නැහැ... සීයා යන්න මම එන්නේ නැහැ. මට මෙහෙ හොඳයි. මගේ යාළුවෝ ඉන්නවා. අනේ සීයේ මට එන්න බැහැ කියමින් ඔහු නිවසේ දොර ළඟට දිව ගියේය. යාන්තමින් දරුවාගේ ශබ්දය ඇසුණු යුනෙත්ගේ මව පුතා ඇයි.. මොකද පුතා කොහොද මේ රෑ යන්න හදන්නේ. ඇයි පුතා කියමින් එක් වරම අවදි වී ඔහු පසුපසින් පැමිණියේ නිදිමත ගතිය හා මහත් වූ තැතිගත් මනසිනි.

දෙවැනි දිනයේදී යුනෙත් පැවසුවේ ඔහුගේ සීයා ඇවිටිලි කරමින් ඔහු සමඟ පැමිණෙන ලෙස කතා කරන බවයි. දෙවන දිනයේදී සීයා ඔහුගේ අතින් අල්ලාගෙන ඇදගෙන යන්න පවා සූදානම් වූ බව පැවසුවේ මහත් බියෙනි. මෙලෙසින් බියවීම යුනෙත්ගේ මවුපියන්ට තරමක් ප්‍රහේලිකාවක් විය. ඔහු පසුදා තවත් අසල වූ විහාරස්ථානයට ගොස් බෝධි පූජාවක් පවත්වා දරුවාට පිරිත් නූලක් ගැට ගැසුවේ විහාරයේ නායක හිමියන් විසින්ය.

මෙලෙසින් බෝධි පූජාවක් පවත්වා සතියක කාලයක් ගත විය. ඒ කාලය තුළම දරුවාගේ කිසිම වෙනසක් නොවීය. සුපුරුදු ලෙසින් යුනෙත් හොඳින් නිදා ගත්තාය.

හරියටම සතියකට පසුව නැවතත් දිනක දරුවා මොනවාද දොඩවන්නට විය. නොනැවතී විනාඩි පහළොවක් වැනි කාලයක් දොඩවමින් සිටි දරුවා එක් වරම කෑ ගසාගෙන නැගිට්ටේ අනේ අම්මේ මාව බේරා ගන්න .. සීයා මාව ඇදගෙන යනවා....” යනුවෙන් පවසමිනි. මෙලෙසින් බියවීම යුනෙත්ගේ මවුපියන්ට

විශාල ගැටලුවක් විය. දරුවා ටිකින් ටික පාසල් යෑමද ප්‍රතික්ෂේප කරන්නට විය. දරුවා තනිව කොහේවත් යන්නට ද බිය වීම නිසා දරුවා වෙනුවෙන් කිසියම් ප්‍රතිකර්මයක් කරන්නට යොමු විය. යුනෙත්ගේ මව සහ පියා ජෝතිර්වේදය සහ ශාස්ත්‍රය පිළිබඳ උපදේශකයෙකුගේ උපදෙස් පිළිපදිමින් දරුවාට විවිධ වූ වත් පිළිවෙත් කරන්නට යොමු විය. ඔහුගේ සිරුරට ඇතුල්වී ඇති අදෘෂ්‍යමාන මනුස්ස ආත්මය මනසින් ඉවත්කර නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා දරුවාට සෙත් ශාන්තිකර්ම කිහිපයක් කළේය. ඉන් පසුව ඔහුගේ සිරුරට ඇතුල් වී සිටි ඥාති ප්‍රාණියා ඉවත්ව ගියේය. ඔහු නැවත නොයන ලෙසට ඔහුට නිසි ප්‍රතිකාර කිරීමෙන් පසු කිසි දිනෙක එම ආත්මය නැවත ඔහුගේ සිරුරට ඇතුලුවීමට නොහැකි විය.

 

උපදෙස් අංක විද්‍යා හා ගුප්ත විද්‍යා පිළිබඳ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හස්ත රේඛා පර්යේෂක ආචාර්ය

චන්දන සතරසිංහ මහතා