කුෂන් කවරය සහ මේස රෙද්ද හැඩ කළ පාට පාට මල්

ජූලි 17, 2019

නෙක වර්ණ කැරැලි නූලින් මල් රටා ගෙත්තම් කළ මේස රෙද්දක් සහ කුෂන් කවරයක්. බලන්න, හරිම ලස්සනයි නේද? බ්‍රසීලියන් එම්බ්‍රොයිඩරි කලාවෙන් හැඩවී ඇති මේ නිර්මාණ, නිර්මාණය කළ පුංචි දියණිය පිළිබඳත් සඳහන් කළ යුතුමයි.

ඇය ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ නව වැනි ශ්‍රේණීයේ ඉගෙනුම ලබන දුලාෂා ඉන්දීවරී. එහි විදුහල්පතිනිය වන චිත්‍රා රුද්‍රිගෝ මහත්මියගේ මඟපෙන්වීම මත පාසල් විෂයය නිර්දේශයට අමතර විෂයයක් ලෙස දරුවන්ගේ නිර්මාණශීලී හැකියාව ඔප් නැංවීමත් දරුවන් විනයගරුක කිරීම සඳහාත් පාසල් වේලාවන් පසු මෙම පාඨමාලාවන් පවත්වනු ලැබිණි.

එහිදී දුලාෂා දියණිය විසින් නිර්මාණය කළ අත්කම් නිර්මාණ අතරින් කීපයක් තමයි ඔබ මේ දකින්නේ. අපි මේ නිර්මාණ සඳහා උපදෙස් ලබාගන්නේ දුලාෂාට ශිල්පය දුන් ගුරුවරියගෙනි.

 

මේස රෙද්ද

අවශ්‍ය ද්‍රව්‍ය

කොට්න් කැරැලි නූල්

ලිනන් රෙදි

ඩ්‍රෙස් මේකිං කාබන් කොළයක්

එම්බ්‍රොයිඩරි රාමුවක්

ටිෂූ කොළයක්

ටැපැස්ට්‍රි ඉඳිකටු

මල්මහන ඉඳිකටු

2019/07/17 තරුණි බලන්න