මල් රවුමක හැඩ ගෙනෙන අලංකාරය

අගෝස්තු 14, 2019

පාට පාට රිබන් කැබලි එකතු කර හරිම ලස්සනට මහලා. මේ තියෙන්නේ ත්‍රිමාණ එම්බ්‍රොයිඩරි කලාවේ විස්මය කියන රිබන් එම්බ්‍රොයිඩරි නිර්මාණයකි. පුටු සෙටිය සරසන්න කුෂන් කිහිපයක් මෙම මල් ඉත්ත යොදා මසාගත්තොත් නම් වටිනාකම මිල කරන්න බැරි වේවි. එහෙම නම් අපි ශිරන්තිගෙන් අහලා දැන ගනිමු මේ මල් රවුම මසාගන්නේ කොහොමද කියලා.

 

අවශ්‍ය දේවල්

රෝස, තද රෝස, මෙරූන්, ළා දම්, පිච්, කොළ වර්ණවල බේබි රිබන්

රෝස, තද රෝස අඟල් 1/2 පළල රිබන්

අඟල් 1/2 පළල කොළ පාට රිබන්

ගොම කොළ පාට හා රිදී පාට කැරැලි නූල් හෝ ඩීඑම්සී නූල්

සුදු පාට ලිනන් රෙදි

ටැපැස්ටි‍්‍ර ඉඳිකටු

එම්බ්‍රොයිඩරි රාමුව

 

නිර්මාණය කිරීම

කුෂන් එකට අවශ්‍ය ලෙස ඉදිරි පළුව සඳහා රෙදි කොටසක් කපාගන්න. දැන් එහි හරි මැදින් මෙම මල් රවුමේ දළ සටහනක් ඇඳගන්න.

ඒ සඳහා මෙම මෝස්තරය ඡායා පිටපත් කරගෙන අවශ්‍ය ප්‍රමාණයට විශාල කරගෙන පිටපතක් ලබාගන්න. රෙදි කොටස මතට ඩ්‍රෙස් මේකිං කාබන් කොළයක් තබා පිටපත් කරගත හැකියි.

 

2019/08/14 තරුණි බලන්න