හැඩැති සුබපැතුම් පත්

ඔක්තෝබර් 2, 2019

හද බැතින් හිස නමා සැමරිය යුතු අපේ ආදරණීය ගුරුවරුන්ගේ දිනය තවත් දින කිහිපයකින් උදාවෙනවා.

ගුරුතුමියට තෑගිත් අරගෙන එදිනට පාසල් යන්න පුංචි දරුවන් බොහොම උනන්දුයි. ස්වාභාවික මල් පොකුරකින් ගුරුවරුන් පිදීම එදින බොහෝවිට සිදුවෙනවා.

ඒ සමඟ දූ දරුවන්ගේ අතින්ම හදන ලස්සන කාඩ් පතකින් ගුරුවරුන් පිදිය හැකිනම් එහි වටිනාකමත් ඉහළයි නේද? බලන්න, පේපර් කුවිලිං කලාවෙන් හැඩවී ඇති මේ කාඩ්පත් දරුවන්ගේ හදන්න පුළුවන් නේද කියලා.

 

රෝස වර්ණ කාඩ් පත

අවශ්‍ය ද්‍රව්‍ය

රෝස වර්ණ ඒ4 බෝඩ් එකක්

රතු, සුදු හා කොළ වර්ණ ඒ4 කොළ

රැපිං පේපර් කොටසක්

සුදු හා ළා රෝස එම්බෝස් බෝඩ්, පබළු,

ගම්, කුවිලිං ටූල් එක, කතුරක්

 

නිර්මාණය කිරීම

පළමුව රෝස ඒ4 බෝඩ් එක ගෙන හරි මැදින් දෙකට නමා ගන්න. පසුව සුදු පැහැති ඒ4 අඟල් 1/8 පටි කොටස් ගෙන ඡායාරූපයේ පෙනෙන පරිදි වටේට අලවා ගන්න. දැන් මෙහි ඇති අනෙක් හැඩතලයන් ඒ4 බෝඩ් මඟින් කපාගන්න. කොළ සහ සමනලයා කටර් (කඩදාසි කපන පිහි)ආධාරයෙන් කපාගත යුතුය. මල් සඳහා සුදු හා රතු අඟල් 1/8 පටිවලින් ඹ්ඥචට මාකිස් සාදාගන්න.

 

 

 

2019/10/02 තරුණි බලන්න