වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
මනරම් බිත්ති සැරසිල්ලකට අපූර්ව මල් පොකුරක්
නෙක වර්ණ, හැඩකාර මල් කොමළියන් පිරුණු සුන්දර මල් පොකුරකි. සූරියකාන්ත, රෝස, ඩේසි ආදී මල් පිරුණු මේ මල් පොකුර රිබන්වලින් නිර්මාණය කරගන්න ඔබටත් පුළුවන්.
ඒ සඳහා රිබන් එම්බ්‍රොයිඩරි කලාව දෑතට හුරුකර ගත යුතුයි. තරුණී වෙතින් මේ කලාව පහදා දී ඇති නිසා ඔබට නම් මෙය පහසුවෙන්ම නිර්මාණය කරගත හැකි වේවි.
අවශ්‍ය ද්‍රව්‍ය
තද කහ, ළා කහ, රෝස, සුදු, තැඹිලි,
කොළ ආදී වර්ණවල අඟල පළල
රිබන්
ඉහත වර්ණවලම අඟල් භාගය
පළල රිබන්
රෝස, සුදු, කොළ, දුඹුරු, කහ, දම්.
වර්ණවල බේබි රිබන්
කොළ, දුඹුරු, කහ, දම්. රෝස
වර්ණවල මිලිමීටර් 2 පළල රිබන්
කොළ, දුඹුරු සහ කහ අවශ්‍ය වර්ණ කැරැලි නූල්
ලිනන් රෙදි
රෙදි පින්තාරු තීන්ත
පින්සල්
රාමුව
ටැපැස්ට්‍රි ඉඳිකටු
කුඩා පබළු
අවශ්‍ය අනෙකුත් දේවල්
නිර්මාණය කරමු
අප ලබා දී ඇති මේ නිර්මාණයම ගෙන ඡායා පිටපතක් ලබාගෙන දළ සටහනක් සකසා ගන්න. එම දළ සටහන ඩ්‍රෙස් මේකිං කාබන් කොළයක් තබා රෙදි කොටසට පිටපත් කරගන්න. දැන් රෙදි කොටස සෘජුෆෝම් කොටසක් මත තබා ඩ්‍රෝවින් පින්ස් ගසා පින්තාරු කරගන්න. එය වියැළුණු පසු රාමුවට දමා තදකර මැසීම අරඹන්න.
උපදෙස්
ප්‍රවීණ මැහුම් උපදේශිකා
ශිරන්ති පෙරේරා
2019/10/16 තරුණි බලන්න
2019/10/16 තරුණි බලන්න