වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
පොසොන් සෙඳ් දහම් සිරිය හැඩ නූෙලන් වෙයි අසිරිය
සිහින් සුළඟට සෙලවෙන ළා දලු බෝපත්, සුදෝ සුදට බබළන වෙහෙර වහන්සේ, ෂඩ් වර්ණ ධජය. ඒ විතරක් ද අටලෝ දහම විදහාපාන ධර්ම චක්‍රය. මේ බෞද්ධ ජනයා මහත් භක්ත්‍යාදරයෙන් ගරු බුහුමන් දක්වන සංකේතයි.
වෙසක් මස ගෙවී යනවාත් සමඟම උදාවන පොසොන් මහේ තරුණී ගෙනෙන පින්බර තිළිණයි මේ. පින්සිත පෙරදැරි කරගෙන ඔබටත් මේ අනගි කතිර රටාව ගෙත්තම් කළ හැකියි.
මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය -
අඟලට කොටු 10ක් ඇති සුදු පැහැති අයිඩා රෙදි කොටසක්
නොම්මර 18, 24 සිට නොම්මර 26 දක්වා ටැපැස්ට්‍රි ඉදිකටු
අවශ්‍ය වර්ණ කපු කැරැලි නූල්
කතුරක්
නිර්මාණය කිරීම
කතිර රටා එම්බ්‍රොයිඩරි කලාවට කොටු ගණන් කළ හැකි ඕනෑම රෙදි වර්ගයක් භාවිත කළ හැකියි. එහෙත් අපි වැඩි වශයෙන්ම භාවිත කරන්නේ අයිඩා රෙදිය. මේවා අඟලට 8, 10, 11, 14, 16, 18 හා 20 ආදී වශයෙන් කොටු ප්‍රමාණ අනුව ඇත. එහෙත් අපි කතිර රටා සඳහා වැඩි වශයෙන් භාවිතයට ගන්නේ අඟලට කොටු 10ක් ඇති අයිඩා රෙදිය. මේ කතිර රටාව ප්‍රමාණයෙන් අඟල්
13 x 13 එකකි. අද මේ ගෙන එන නිර්මාණය බෞද්ධ සංකේත කිහිපයක එකතුවකි. එහිදී වර්ණ සංකලනය ගැන ඔබ වඩාත් අවබෝධයෙන් මැසීම ආරම්භ කළ යුතුයි. අප ලබාදී ඇති වර්ණ සංකේත අනුව ඒ ඒ අදාළ කතිර රටාව මසා ගන්න.
ඔබ මේ වන විටත් දන්නවා අයිඩා රෙදිවල විවිධ වර්ණ ඇත. එනම් සුදු, කළු, ඇත් දළ පැහැ, දම්, ළා නිල්, ඕෆ් වයිට් ආදී ලෙසය. මේ නිර්මාණය සඳහා සුදු හෝ ඕෆ් වයිට් තෝරාගත හැකියි. මෙම රෙදි කොටස වියමනක් ලෙස ඇති අතර ඔබට කොටු ගණන් කළ හැකියි. අප ලබා දුන් උපදෙස් අනුව මසාගත්තේ නම් මෙවැනි නිර්මාණයකට ඉහළ වටිනාකමක් හිමිවනු නොඅනුමානයි.
නිර්මාණය - යමුනා දර්ශනී