වර්ෂ 2025 ක්වූ January 06 වැනිදා Monday
කහ කිරිල්ලියක් සේ පියඹා යන්නට
අංක පිරුණු ටේප් පටිය, රවුමට කැරකෙන බොබින් එක, පාට පිරුණු චෝක් කෑලි,
හීන් ඉඳිකටු, හීන් ඇල්පෙනෙති, මේ ඔක්කොමත් එක්ක නව වසරේ ඇඳුම් ව්‍යාපාරයකට මුලපුරමුද? ඔන්න එහෙනම් මේ ටී ෂර්ට් එක මසා ගෙනම ඒ ආරම්භය ගන්න.
මේ දිනවල ඉතාම ජනප්‍රිය ටී ෂර්ට් විලාසිතාවකි. වැඩි ඉල්ලුමක් පවතින අලංකාර මෝස්තරයකි. මුලින්ම තමාගේ මිමි අනුව (Measurement) මූලික පතරොම ඇඳීමෙන් ඔබ දකිනා ඕනෑම ටී ෂර්ට් මෝස්තරයක් ඉතා පහසුවෙන්ම නිර්මාණය කිරීමේ හැකියාව Pattern Marking ක්‍රමය තුළ පවතී. ඔබට වෙළෙඳපොළක් උදෙසා ටී ෂර්ට් මෝස්තර නිර්මාණය කිරීමට අවශ්‍ය නම් Standard Measurement chart ඇසුරින් S, M, L, XL, XXL, 3XL ආදී වශයෙන් ටී ෂර්ට් නිර්මාණය කළ හැකියි.
අවශ්‍ය මිමි
කර ගැඹුර (Neck depth) = අඟල් 3
කර පළල (Neck width) = අඟල් 5/2 = අඟල් 2 1/2
උරහිස (Shoulder) = 13/2 = අඟල් 6 1/2
පපුව වට (Bust Cereumfence)
= 32/4 = අඟල් 8
ඉණ වට (Waist Cerecumfence)
= 27/4 = අඟල් 6 3/4
උරහිස සිට ඉණට උස (H.P.S. to Hip) = අඟල් 14
අත දිග (Sleeve Lenth) = අඟල් 22
අත වට (Sleeve Width) = අඟල් 6 1/2/ අඟල් 14 / අඟල් 22
කිහිලි කටට උස (Armhole Line)
= අඟල් 13 / අඟල් 10 / අඟල් 7
කිහිලි වට (Armhole Cercumfence)
= උරහිස /2 + 1 = 13/2 = 6 1/2 + 1 = අඟල් 7 1/2
අවශ්‍ය රෙදි වර්ග - මේ සඳහා ඇදෙන රෙදි වර්ගයක් භාවිත කළ හැකියි.
අත නිර්මාණය කිරීම (අවශ්‍ය මිමි)
අත දිග (Sleeve length) = අඟල් 6 1/2 / 14 / 22
අත වට (Sleeve Open) = අඟල් 13/10/7
Crown hight = අඟල් 16 /4 + 1/2 = අඟල් 4 1/2
කිහිලිකට දුර මනින්න = අඟල් 6 3/4 + 7 1/4
= අඟල් 14 + 1/2 = අඟල් 14 1/2
කොළරය සැකසීම -
ඕෆ් ෂෝල්ඩර් වටය මනින්න. සම්පූර්ණ වට රවුමෙන් අඟල් 4ක් අඩුකර කොළරය දිග සකසා ගන්න. පළල අඟල් 10ක් ගන්න.
උදා - කර වට මිම්ම අඟල් 40 නම්
40 - 4 = අඟල් 36කි.
මැසීමේ පියවර - මුලින්ම ඉදිරි පළුවේ කිහිලිකට කපා ගත් අත් කොටසේ කිහිලි කට තබා මසන්න. මෙසේ පළු දෙකටම කිහිලි කට මූට්ටු කරන්න. දැන් කොළර් කොටස ගෙන අඟල් 10 කොටස සංවෘත වන ලෙසින් මැහුමක් දාන්න. පසුව මෙම කොටස දෙකට නවා (එවිට අඟල් සේ අඟල් කොළරයේ උස දිස්වේ) දැන් අත දිග සිට අංශය මසන්න. අත වට මසන්න පහත වාටිය මසන්න.
--------------------------------------
මැහුම් Tips
හරිම නූල තෝර ගනිමු
නූල් අවශ්‍ය වෙන්නේ ඉරී ගිය අඳුමක් එළලීම සඳහා, අලුත් ඇඳුමක් මැසීම සඳහා, ඇඳුමකට බොත්තමක් ඇල්ලීම ආදිය සඳහායි. එහෙම හිතන්නත් පුළුවන් කාට හරි. අපි වෙළෙඳපොළට ගියවිට නූල් වර්ග ගණනාවක් දැක ගන්නට ලැබෙනවා. ඒ තමයි.
*එම්බ්රොඩරි (Embroidary)
* කපු (100% Cotton)
* යාන් (Yarn)
* පොලියෙස්ටර් (Polyester)
* නයිලෝන් (Nylon)
ඉතින් ඔබ කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැතිව මෙයින් කුමන හෝ නූලක් රැගෙනවිත් මැසීමට යොදා ගන්නවා. ඒත්, මැස්මක් නිරවුල්ව කරගත නොහැකිවීමට කරුණු කීපයක් බලපානවා. එනම්,
* නූල් කැඩී යාම.
* ගැළපෙන නූල් වර්ගය තෝරා නොගැනීම.
* රෙද්දට අනුව නූල මහත හෝ සිහින් වීම.
එහෙම වෙන්නේ නූල් පන්දුවේ ලේබලයේ දක්වා තිබෙන තොරතුරු පිළිබඳ ඔබට නිසි අවබෝධයක් නොතිබීමයි. එම ලේබලයේ අවශ්‍ය සියලු තොරතුරු සඳහන් වෙනවා. පාරිභෝගිකයාගේ දැනුම්වත්භාවය පිණිස එලෙස කිරීමට උසස් මට්ටමේ නිෂ්පාදන සමාගම් ක්‍රියා කරනවා. මේ ලේබලය කියවා තේරුම් ගැනීමට නිසි අධ්‍යයනයක්, හැදෑරීමක් මැහුම් ශිල්පියා සතුව තිබිය යුතුයි.
දැන් බලමු ලේබලයේ අඩංගු කරුණු මොනවාද කියා.
* පන්දුවේ ඇති නූල් ප්‍රමාණය.
* නූලේ ඝනත්වය.
* නූල සාදා ඇති කෙඳි වර්ගය.
* වර්ණ අංකය.
* වර්ණ ගැන්වීමේදී යොදාගත් ඛාණ්ඩ අංකය
* වෙළෙඳ නාමය.
* නිෂ්පාදිත රට.
මෙම කරුණු අඩංගු නොවේ නම් එය ප්‍රමිතිගත නිෂ්පාදනයක් බව හඳුනා ගන්නට පුළුවන්.
නූල් ප්‍රමාණය
මෙයින් අදහස් කරන්නේ පන්දුවේ ඇති නූල් මීටර් කොපමණ තිබෙනවාද යන්නයි. මීටර් 1000, 2500, 3000, 3500, 5000 සහ 10,000 ආදි දිග ප්‍රමාණයන්ගෙන් නූල් පන්දු මිලදී ගන්නට පුළුවන්.
නූලේ ඝනත්වය
නූලක පවත්නා ශක්තිමත්භාවය මෙමඟින් අදහස් කෙරෙනවා. ඝනත්වය සලකා බැලීමේ දී 30, 50, 120, 160 යනාදී ලෙස එය වර්ග කෙරෙනවා. මෙම අවබෝධය අත්‍යවශ්‍යයි.
උපදෙස් -
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රවීණ මැහුම් උපදේශිකා
අනූෂා සඳමාලි