ටෝකියෝ පුරයේ පදක්කම් දිනූ දිරිය දියණියන්

අගෝස්තු 11, 2021

 

විසි එක් වැනි සියවසේ ජීවත් වුණත් භාරත දේශයේ දියණියක ලෙස මවු කුසයේ පිළිසිඳ ගැනීමත් කඩුලු පැනීමක් වගෙයි. දූවිල්ලක වටිනාකමක් වත් දියණියකට නුදුන්න ද මෙවර ටෝකියෝ පුරයේ දූලි අහස් කුසට ඉහළ නංවමින් භාරත ධජය අහස් කුස දක්වා ඔසවා ඇය තම දිරිය, ජවය පෙන්වූයේ දියණියන් ප්‍රතික්ෂේප කරන සාම්ප්‍රදායික බමුණු මතධාරීන්ගේ දෑස් පවා සතුටු කඳුළින් පුරවමිනි.

 

මාපිය මඟ ගිය දියණිය

පුසර්ලා වෙන්කත සින්ධු ජගත් බැඩ්මින්ටන් තාරකාවකවූ පළමු භාරත දියණිය ය. ඇය 2019 දී බැඩ්මින්ටන් ලෝක ශූරතාව දිනා ගත්තාය.

2016 දී රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී බැඩ්මින්ටන් කේවල ඉසව්වෙන් රිදී පදක්කමක් දායාද කරමින් රටට කීර්තියක් රැගෙන ආ ඇය මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී භාරත මාතාවගේ ගෙල ලෝකඩ පදක්කමකින් සැරසුවාය. පුසර්ලා වෙන්කත සින්ධුගේ ක්‍රීඩා කෞශල්‍ය මාපිය උරුමයකි. ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන පියා ලී. වී. රාමනත් මව විජයාත් ජාතික මට්ටමේ වොලිබෝල් ක්‍රීඩකයන්ය. 1986 දී සියොල් ආසියානු ක්‍රීඩාවලියේදී ලෝකඩ පදක්කම දිනූ කණ්ඩායමේ රාමන ද සාමාජිකයකු විය. “ ආරේ ගුණ නෑරේ“ යන්න සනාථ කරමින් පුසර්ලා ද ක්‍රීඩා ලොවේ දොරටුව විවර කර ගත්තාය. ඇය වොලිබෝල් වෙනුවට තෝරා ගත්තේ බැඩ්මින්ටන්ය.

වයස අවුරුදු අට තරම් දඟකාර වයසේ සිට පුසර්ලාගේ අතේ රැඳුනේ බැඩ්මින්ටන් පිත්තයි.

පුංචි පුසර්ලාගේ පරමාදර්ශී චරිතය වූයේ 2001 දී සමස්ථ බ්‍රිතාන්‍ය විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය දිනූ පුල්ලෙලා ගෝපිචන්ද්ය. ඇය ඔහුව තම පුහුණුකරු ලෙසින් තෝරා ගත්තාය. දිනපතා පුසර්ලා කිලෝමීටර් 56 ක දුරක් ගෙවා පුහුණුකරුගේ නිවෙසට ගියේ කෙදිනක හෝ දක්ෂ බැඩ්මින්ටන් ශූරියක වීමේ සිහිනය දකිමිනි. තව ඇයට දක්නට ඇත්තේ ඔලිම්පික් රන් සිහිනය පමණි.

ඉන්දියාවේ ඔලිම්පික් පදක්කම් ද්විත්වයක් ලබා ගත් පළමු කාන්තාව වෙමින් ඇය ඉතිහාසගතවී අවසන්ය.

පිළිවෙළින් 2018, 2019 වසරවලදී ෆෝබ්ස් ලේඛනයේ වැඩිම ආදායමක් ලැබූ ක්‍රීඩිකාව ලෙසින් පළමු තැන දිනා සිටියේ සින්දුය. තවමත් වයස අවුරුදු විසි හයක් වුවත් පද්ම ශ්‍රී, පද්ම භූෂණ් යන ඉන්දියාවේ ඉහළම ජාතික සම්මාන දෙකකින්ම ඇය පිදුම් ලබා අවසන්ය.

පදක්කමේ බර පවුලේ බරට උකස් කරන මල්ලව පොරයට ශූර දියණිය

ලොව්ලිනා බෝගොහාන් ඇසෑමයේ දිළිඳු පවුලක එක් නිවුන් දියණියකි. සුළු ව්‍යාපාරිකයකු වූ පියාත් වකුගඩු අකර්මණ්‍ය වූ මවත් දියණියගේ ඔලිම්පික් ජයග්‍රහණය ගැන දැන ගත්තේ ගම්මුන්ගෙනි. මව කෝවිඩ් වසංගතයේ ද ගොදුරක වී සිටින්නීය.

ලොව්ලිනා භාරතයට ලබා දුන් ඉතිහාස ගත වන ජයග්‍රහණය ඇයගේ පියාට පවුල වෙනුවෙන් ලැබූ ආර්ථික ජයග්‍රහණයක් විය. මේ ජයග්‍රහනයත් සමඟ ලොව්ලිනාට ඉන්දියානු රජයෙන් අමෙරිකානු ඩොලර්මිලියන 42,000ක් ද ඇසෑම් ප්‍රාන්ත රජයෙන් අමෙරිකානු ඩොලර්මිලියන 70,000 ක් ද ලැබිණි. “ දූගෙ අම්මා මේ ජයග්‍රහණයත් සමඟ දෙවැනි වරටත් ඉපදුණා. මිනිස්සු පවුලක ඉරණම විසඳන්නෙ පුත්තු කිව්වත් දියණියන් පුතුන්ට දෙවැනි නැහැ. ලොව්ලිනා දූ අපේ පවුලේ කොඳු නාරටියයි. “ ඔහු පැවසුවේ සාම්ප්‍රදායික බමුණු මත ධාරීන්ට කනේ පහරක් ගසමිනි.

ලොව්ලිනාගේ වැඩිමල් නිවුන් සොයුරිය ද බොක්සිං ක්‍රීඩාව පුරුදු පුහුණු කළ නමුත් ඇයට ලොව්ලිනා ගිය දුර යාමට නො හැකි විය. මේ නිවුන් සොයුරියන්ට තවත් එක් සොයුරියක සිටියි. කෙතරම් ආර්ථික ප්‍රශ්න තිබුණ ද පියා දියණියන්ගේ ක්‍රීඩා කෞශල්‍ය දියුණු කිරීමට හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන්නේය.

ලොව්ලිනා 2020 ටෝකියෝ ඔලිම්පික් තරගයේ උපරිමය කිලෝග්‍රෑම් හැටේ මුෂ්ටි ප්‍රහාර ඉසව්වෙන් ( Women's welterweight ) ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය. ඇය ඔලිම්පික් උළෙලකදී මල්ලවපොර ඉසව්වෙන් තෙවැනි වරට ඉන්දියාවට පදක්කමක් ලබා දුන් තරගකාරියයි.

 

පුංචි වුණත් දස්කමින් පොඩි නැති ක්වෑන් හොංචෑන්

ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වූ චීන කණ්ඩායමේ ලාබාලම පුද්ගලයා වුණේ ක්වාන් හොංචාන්ය. දාහතර හැවිරිදි මේ නව යෞවනිය පෙනුමෙන් නම් දඟකාර පිරිමි දරුවකු හා සමාන වූවාය.

පෙනුමින් පමණක් නොව හැසිරීමෙන් ද ඕ කොලු ගැටයකු මෙන් දඩබ්බර විය. මේ දඩබ්බරකම නිසාදෝ ඇයට 2020 ඔලිම්පික් උළෙලේ කාන්තා කිමිදුම් අංශයේ මීටර් දහයේ තටාංගන ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට වාසනාව ලැබුණාය.

මෙතරම් ලාබාල වයසකදී මීටර් දහයේ පිහිනුම් ඉසව්වට රන් පදක්කමක් දිනූ චීනයේ දෙවැනි ලාබාල ක්‍රීඩිකාව ලෙසින් නම තබන්න‍ට ක්වාන්ට හැකිවූයේ මාපියන්ගේ සහාය නිසාය. අඩු ආදායම්ලාභී පවුලක දියණියක වූ ඇය වැඩි කැමැත්තක් දැක්වූයේ ක්‍රීඩාවටය. පොතපත අධ්‍යාපනය නම් ක්වාන්ට කල්කදුරු මෙන් නීරස විය.

වයස අවුරුදු හතේ සිටම ඇය කළේ පිහිනීමය. “ඉගෙන ගන්න කිසි දෙයක් මතක නැහැ. විභාගෙට අන්තිම අඩු ලකුණු ගන්නෙ.“ ක්වාන් එසේ පැවසුවත් මාපියන් අපේ බොහොමයක් මාපියන් මෙන් සෙල්ලම නවත්වා පොත අතට ගන්නා ලෙසට උපදෙස් දුන්නේ නැත. එනිසාම ඇය වයස අවුරුදු පහළොවේදීම ලෝක පූජිත ක්‍රීඩිකාවක වූවාය.

 

අනතුරට අභියෝග කළ ස්කයි බ්‍රවුන්

 

ස්කයිට වයස අවුරුදු දහතුන පිරුණේ ජූලි මාසයේදීය. ඔලිම්පික් උළෙලට සහභාගී වීමේදී ඇය තමන් බ්‍රිතාන්‍යයේ ලාබාලම පදක්කම්ලාභියා ලෙසින් ඉතිහාසගතවනු ඇතැයි නො සිතුවාය. එහෙත් උත්සාහය ඇයට අදහාගත නො හැකි සිහිනයක් සැබෑ කළාය. 2020 දී ස්කේට්බෝඩ් ක්‍රීඩාව පුහුණු වෙමින් සිටියදී දරුණු අනතුරකට මුහුණ පෑවාය. හිස් ආවරණ හෝ දණහිස්වලට ආරක්ෂක පැලඳුම් භාවිතාකර නොසිටි ස්කයිගේ මැණික් කටුව හිස් කබල පුපුරා ගියේය. ඇය රෝහල්ගත කළේ සිහිසුන්ව සිටියදීය. මාපියන් යළි ස්කයිබෝඩ් ක්‍රීඩාවේ නො යෙදෙන ලෙසට තහංචි පනවා තිබුණ ද දියණියගේ ඔලිම්පික් සිහිනය බොඳ වනු දැකීමට ඇති අකැමැත්ත නිසා තව දුරටත් ක්‍රීඩාව පුහුණු වීමට මනාපය ලබා දුනි. ඒ මනාපය මොන තරම් සාධාරණදැයි ඇය මාපියන්ට වටහා දුන්නාය. ස්කයි ගේ මව ජපන් ජාතික කාන්තාවකි. පියා බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. ඇය වෘත්තීය ක්‍රීඩිකාවක බවට පත්වූයේ වයස අවුරුදු දහය තරම් කුඩා වියේදීයි. ඇය ලොව ලාබාලතම වෘත්තීය ස්කයිබෝඩ් ක්‍රීඩිකාවය.

ස්කයි දස්කම් පාන්නේ ක්‍රීඩාවට පමණක් නො වෙයි. ඇය Dancing with the Stars: Juniors. අමෙරිකානු රූපවාහිනී වැඩසටහනේ ජයග්‍රාහිකාව ද වන්නීය.

 

 

දශක දෙකක සිහිනය සැබෑ කළ චානු මීරාබායි

මහී කාන්තාවත් කාන්තාවත් අතර වෙනසක් නැත. ඇය ඉපදී ඇත්තේ බර ඉසිලීමටමය. මේ බර ඉසිලීමට ජීවන පදක්කමක් නො ලැබුණ ද ඔලිම්පික් උළෙලෙදී නම් ඇයට පදක්කමක් හිමි වෙයි.

මේ පදක්කම ඉන්දියානු කාන්තාවකට ලැබීම වඩාත් අගනේය. මිරාබායි චානු ඒ වාසනාවන්තියය. ඉන්දියාවේ මනිපූර්හි ක්‍රීඩිකාවක වූ ඇය කිලෝග්‍රෑම් 49 ඉසිලීමේ තරගයෙන් රිදී පදක්කම හිමිකර ගත්තාය. මනිපූරයේ යකඩ ගැහැනිය යන විරුදාවලිය ලද ඇය විසිහය හැවිරිදිය. මුලින්ම ඇයගේ බර ඉසිලීමේ හැකියාව හඳුනාගෙන ඇත්තේ පවුලේ සාමාජිකයන්ය. වැඩිමල් සොයුරාටත් එසවීමට දුෂ්කරවූ බර ඇය වයස අවුරුදු 12 ක් තරම්වූ නව යෞවනයේදී සැහැල්ලුවෙන් එසවූවාය.

welterweight ) ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය. ඇය ඔලිම්පික් උළෙලකදී මල්ලවපොර ඉසව්වෙන් තෙවැනි වරට ඉන්දියාවට පදක්කමක් ලබා දුන් තරගකාරියයි.

 

 

 

අන්තර්ජාලයෙනි