ලොව ප්‍රථම AI රූ රැජින මොරොක්කෝවෙන්

අගෝස්තු 5, 2024

 

දිනෙන් දින දියුණුවන තාක්ෂණික ලෝකයෙන්, පහුගිය දවසක හරි අපූරු කතාවක් අහන්න ලැබුණා. ඒ, ලොව ප්‍රථම ''AI රූ රැජින'' ගැන. රූ රැජින තරගය වෙනස් මානයකට ගෙන යමින් පසුගියදා AI තාක්ෂණය යොදා ගනිමින් රූ රැජින තේරීමේ තරගයක් සංවිධානය වුණා.

 

එහිදී ලොව ප්‍රථම AI කිරුළ හිමිකර ගැනීමට මොරොක්කෝවේ කෙන්සා ලේලී සමත් වුණා. AI සහ මානව නිර්මාණකරුවන් සඳහා වේදිකාවක්වන Fanvue සමාගම පවසන පරිදි ඔවුන් සංවිධාන කළ මෙම තරගාවලියට ලොව පුරා AI

වැඩසටහන්කරුවන් 1,500ක් පමණ සහභාගී වී ඇත.

 

මෙම රූ රැජින විනිසුරුවන් විසින් පසුගිය මාසයේදී අවසන් තරගකරුවන් 10 දෙනකු නම්කර තිබුණා. තරග සංවිධායකයන් ප්‍රකාශකර තිබුණේ තරගකාරියන් ඔවුන්ගේ පෙනුම මත පමණක් නොව, ඔවුන්ගේ නිර්මාපකයන්ගේ AI මෙවලම් භාවිතය මෙන්ම ඔවුන්ගේ සමාජමාධ්‍ය බලපෑම මත ද විනිශ්චය කරනු ලබන බවයි.

අනුශූරතාවය ප්‍රංශයේ Alතරගකාරිනියක්වන Lalina valina සහ පෘතුගාලයේ Olivia විසින් දිනාගෙන තිබෙනවා. තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත් kenza layli සමාජ මාධ්‍යයේ 'lifestyle influencer' කෙනෙක් හැටියට හඳුනාගැනෙන අතර ඇයට ඉන්ස්ටර්ග්‍රෑම් අනුගාමිකයින් 200,000කට ආසන්න සංඛ්‍යාවක් සහ TikTok හි තවත් අනුගාමිකයින් 45,000ක් පමණ සිටින බවයි සඳහන් වන්නේ.

 

මෙම තරගයේදී කෙන්සා පින්තූරවල සිට පිළිගැනීමේ කතාව දක්වා සියල්ල සම්පූර්ණයෙන්ම AI තාක්ෂණය මඟින් නිර්මාණයකර ඇත. Miss AI ලෙස ජයග්‍රහණය කිරීම, AI තාක්ෂණය දියුණු කිරීමේ මගේ වැඩ කටයුතු කරගෙන යාමට මා තව තවත් පොළඹවයි. AI යනු මෙවලමක් පමණක් නොවේ. එය පෙර නොතිබූ අවස්ථාවන් නිර්මාණය කිරීමට හැකි පරිවර්තනීය බලවේගයකි. ඒ අනුව තාක්ෂණික ප්‍රගතිය නම් මේසයේ සෑම කෙනෙකුටම අසුන් ඇති බව සහතික කරමින් ක්ෂේත්‍රය තුළ විවිධත්වය සහ ඇතුළත් කිරීම් ප්‍රවර්ධනය කිරීමට මම කැපවී සිටිමි.” යනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කෙන්සා සමාජමාධ්‍ය වෙත වීඩියෝවක්ද මුදාහැර තිබෙනවා. මේ විදිහට කෙන්සාව නිර්මාණයකර තිබෙන්නේ Phoenix AI නියෝජිතායතනයේ නිර්මාතෘ වන Myriam Bessa විසිනි. ඒ අනුව ඇයට මෙම ජයග්‍රහණය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 20,000ක ත්‍යාගයක් හිමිවන බවයි සඳහන් වන්නේ.